කිළිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවයි.
කිළිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවයි.
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල හදිසි සැත්කම් හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26,000 කට ආසන්නවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 22,327 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,553 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමිවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.
රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.
බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල ප්‍රදේශයේ භූකම්පනයන් වාර්තා නොවන බවත් කාල්ස්බර්ග් මවුන්ට් නම් මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු කම්පනයක් මෙලෙස දැනෙන්නට ඇති බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම ඊයේ (10) සහ අද (11) දිනයේ වාර්තා වූ භූකම්පනයන් පිළිබඳව සොයා බැලීම සඳහා මොනරාගල, බුත්තල ප්‍රදේශවලට විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.
අද (11) උදෑසන කල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා සිටි තල්මසුන් පිරිස නැවත සාගරයට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය, වනජීවි අංශ සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
මෙලෙස ගොඩ ගැසූ තල්මසුන්ගෙන් 03 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වූ අතර ඉතිරි තල්මසුන් 11 දෙනෙකු නැවත සාගරයට මුදා හැරීමට මෙහිදී කටයුතු කර තිබුණු බවයි වාර්තා වන්නේ.
අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
රිච්ටර් පරිමාණය 2.3ක් වූ මෙම භූ චලනය බරපතළ තත්ත්වයක් නොවන බවත් එබැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි එම කාර්යාංශය අවධාරණය කර සිටියේ.
ඊයේ (10) දිනයේ දී බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණය 3.5ක් වූ භූ කම්පනයක් වාර්තා වුණා.
මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ සන්නාමයක් වන මිට්සුබිෂි සමාගම මෙරට සිදුකරන මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේදී අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ අහිතකර ආර්ථික දැක්ම මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිම ද මිට්සුබිෂි සමාගමේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.
විදුලි කප්පාදුවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.
අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.