බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රුපියල් බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එසේම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී අද (16) රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය අනුව මැයි මාසයේදී යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන බවයි විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ.
ඒ අනුව මහජනතාව ලබා ගන්නා සේවා සහ භාණ්ඩ සඳහාද අදාළ නිෂ්පාදන ආයතන විසින් නව විදුලිබිල වැඩිවීමේ කොටසද එම භාණ්ඩවල මිලට ඇතුළත් කිරීම මඟින් ඔවුන් තවදුරටත් පීඩාවට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විදෙස් රටවල සිට පාර්සල් කිහිපයක සඟවා මෙරටට එවා තිබූ මත් පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤයේ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බවයි.
එම පාර්සල් තුළ සඟවා මත් පෙති 207ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750ක් එහිදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බවයි සඳහන් වන්නේ.
වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කොළඹ Trace City හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිිවරයා මේ බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
මෙම විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3,950 දෙනෙකු සමත් වී ඇති අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.
2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබාදෙමින් එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
එවක තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට අදාල ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 ක මුදලකට මිලදී ගැනීමට නියමිතයි.
එසේම තෙතමනය 14% ට වැඩි හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88 කට ලබා ගන්නා ලෙසයි වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ දක්වා තිබෙන්නේ.
විදුලි බිල යළි වැඩි කිරීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධතාව පළකළ යුතු බවයි.
66% කින් විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අසාධාරණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.