ජල බිල්පත් ගෙවීම 15% කින් පහළ වැටෙයි

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මේ වනවිට මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කළේ.

තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වෙයි

මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ අද (29) අලුයම භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ අනුව එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී ඇති බවයි ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන සඳහන් කළේ.

කෙසේ නමුත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 4 මස් සමග පොලිස් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 4 මස් සමග පොලිස් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හොරොව්පතාන පොලිස් වසමට අයත් කෙතේවැව ප්‍රදේශයේ අද අලුයම් කාලයේ සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමක් අතර වාරයේදී මෙරට නිෂ්පාදිත බෝර දොලහේ ගිනි අවියක් භාවිතා කරමින් කුලු හරතෙකු ඝාතනය කොට අලවීවියට සුදනම් කොට තිබු කැලෑ ගව මස් කිලෝ 65 සමග සැකකරුවන් හතර දෙනෙකු හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරොව්පතාන කෙතේවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හතරදෙනෙකු බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් අතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් වූ අයෙකු ද සිටි බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් ගිනි අවිය සහ ගව මස් තොගය හෙට දින (30) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ හොරොව්පතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පවසති

2023.12.28 දින පැය 0030 සිට 2023.12.29 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2023.12.28 දින පැය 0030 සිට 2023.12.29 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 460g
අයිස් 653g
ගංජා 03kg 637 g
ගංජා පැල 103,793 ක්
මාවා 342g
මත්පෙති 562 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 56 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

පෙර වසරවලට සාපේක්ෂව උත්සව සමයේ ඉන්ධන සඳහා ඉල්ලුම 50% කින් අඩුවෙලා – බෙදුම්කරුවන්ගේ සංගමය

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු සදහන් කළේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනතාව වාහනවලින් ගමන් කිරීම අඩුකර ඇති බවත් බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආර්ථික අර්බුදය මෙරට ජනතාවට සිදුකර ඇති බලපෑම් පිළිබඳ​ව සමීක්ෂණයකින් අනාවරණ​ය වෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ මෙරට පවුල්වලින් 60% ක පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පවුල් 60% ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල්  91% ක මාසික වියදම වැඩි වී ඇති බවයි ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ.

වර්තමානයේ දී පවුල් 3.4% ක ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6% ක ආදායම ‍නොවෙනස්ව පවතින බවත් ආදායම් අඩු වූ පවුල්වලින් 73.6% ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර 6% ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවද අදාළ සමීක්ෂණයෙන් පෙන්වාදී තිබෙනවා.

මෙරට පවුල්වලින් 22% ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින අතර 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදුව ඇති අතර රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහි දී සිදුව ඇති බවද සඳහන් වනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර 54.9% අධ්‍යාපනයට එමගින් බලපෑම් එල්ල වී ඇති අතර 53.2% ක් ලිපි ද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් අවම කිරීම හෝ ලිපිද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වැළකී සිට ඇති අතර, 44% ක් අලුතින් නිල ඇදුම් මිල දී ගැනීමට සිදු කරන වියදම් කපා හැර ඇති බවයි වැඩිදුරටත් එම සමීක්ෂණයෙන් අනාවරණයවී තිබෙන්නේ.

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කුඩු රොෂාන් නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එසේ පොලිස් භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,422 ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,422 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඉන් සැකකරුවන් 35 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේ.

එසේම, සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සඳහන්.

මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින්  347g, අයිස් 827g, ගංජා 05kg 475 g, ගංජා පැළ 6,691, මාවා 208 g, මත්පෙති 3,574 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොලොන්නාව ලංකා හෝටලයේ ගෑස් පිපිරීමක් නිසා දෙවැනි මහලේ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත

කොලොන්නාව commercial බැංකුව ඉදිරිපිට ලංකා හෝටලයේ ගෑස් පිපිරීමක් නිසා දෙවැනි මහලේ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇත, ගිනි ගැනීම  නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජාතික රෝහල වෙතඇතුළත් කර ඇත…

WhatsApp Image 2023-12-28 at 15.43.04

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලෙඩ්ඩු බලන්න පාස් නැතුව යන්න ඕන නං සිකුරිටි අයියලාට හිතවත් වෙන්න ඕන නැත්තං ගාන කපන්න ඕන

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රොගීන් බැලීමට පාස් පත නොමැතිව හිතවත්කම හා මුදල් ලබා ගෙන පිටස්තර පුද්ගලයන්ට  ඇතුල් ඇතුලට යාමට අවස්ථාව ලබා දීමෙන් රෝගීන් කාර්‍ය මන්ඩලය  හා පාස් පත රැගෙන යන අය අපහසුතාවට පත් වන බව සදහන් ඔවුහූ සදහන් කරයි.

මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කල විමසුමකට කියා සිටියේ ආරක්ෂක අංශය මගින් සිදු කරන කිසිදු ක්‍රියාකාරකමට බලපෑමක් එල්ල කරන්න මහ රෝහල් අධ්‍යක්ෂකවරයා වශයෙන් තමන්ට බලයක් නොමැති අතර ආරක්ෂාව පිළිබඳවව ගැලලු ඇතිවන බැවින් ඒ පිළිබඳව ඔහුන්ට බලපෑමක් සිදු කරන්න තමන් බිය බවයි.

WhatsApp Image 2023-12-28 at 14.25.06 WhatsApp Image 2023-12-28 at 14.24.56