CIDය කෙහෙළියගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගනියි

හිටපු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බවත් ප්‍රවේශ පත්‍ර නොලද අපේක්ෂකයින්, දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සුනාමි ව්‍යසනයේදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක්

2004 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ සුනාමි ව්‍යසනයේදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් අද (26) මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් රට පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹේ

ශ්‍රී පාද වන්දනා වාරය අදට (26)  යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වනවා.

ඒ අනුව ඊයේ (25) අළුයම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහර ආරම්භ කෙරුණා.

මෙලෙස වැඩම කරන සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ අදට (26) යෙදෙන උඳුවප්පුර පසළොස්වක පොහෝදින සිරිපා මළුවේ තැන්පත් කිරීමට නියමිතයි.

අද ආරම්භවන මෙවර ශ්‍රී පාද වන්දනා වාරය 2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමාවිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඳුවප් පොහොය දිනය අදයි

ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන වසර අවසාන උඳුවප් පොහොය අදට (26) යෙදී තිබෙනවා.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 7 ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොල පටුනෙන් මෙරටට වැඩම කළේ අද වැනි උදුවප් පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ද මෙරටට වැඩම කළ අතර කීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ උදුවප් පොහොය දිනක බවයි සඳහන් වන්නේ.

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආදියෙන් ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් ශ්වසන රෝග පැතිරීම අවම කළ හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනයක් සඳහන් කරන්නේ.

‘JN-1’ උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බවත්, ඒ අනුව එම ආයතනය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

658976d004290

658976d0160c8

උත්සව සමයේ බීමත් රියැදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා – පොලීසිය

උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලිසිය යෙදවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

වර්ෂය අවසන්වන කාලසීමාවේදී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

නත්තල නිමිත්තෙන් රැඳවියන් 1004 කට නිදහස

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් 1004 කට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිරිමි රැඳවියන් 989 ක් හා කාන්තාවන් 15 ක් එම පිරිසට අයත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතරට පල්ලේකැලේ එලිමහන් සිරකදවුරෙන් 162ක්ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ 42ක්ද ඇතුළත් වනවා.

නිදහස හිමිවන රැඳවියන් ගනණ පහතින්.

6588f4c78ab41

අසිරිමත් නත්තල් දිනය අදයි

ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදට යෙදී තිබෙනවා.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය සමරනු ලබනවා.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික කිතුනු ජනයාද මෙම සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටු කරගෙනයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ දෙව් මැදුරේදී ඊයේ (24) මැදියම් රැයේදී පැවැත් වුණා.

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත.
.
ගලෙන්බිඳුනුවැව දෙස සිට අංක NC ViD3453දරන ස්කුටර් වර්ගයේ යතුරැපැදිය උපුල්දෙනිය දෙසට ගමන් කරන අවස්ථාවෙ දි අනුරාධපුර දෙස සිට ගලෙන්බිඳුනුවැව දෙසට ගමන් ගත් අංක BHR 9467 ඇපාචි වර්ගයේ යතුරු පැදිය සමග ගැටි රියඅනතුරක් සිදුවි ඇත.

එම ස්කුටර් වර්ගයේ යතුරු පැදිය පැදවු කන්තාව හා ඇයගේ වයස අවු 14ක් වු පිරිමි දරැවා හා වයස අවු 08ක් වු ගැහැනු දරැවාගොස් ඇති අතර අංක VID 3453 දරණ යතුරු පැදිකරැ හා තවත් එක්පුද්ගලයකු පමින අත.අනතුරින් පසු තුවාලකරුවන් ගලෙන්බිඳුනුවැව රෝහලටඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් තිදෙනා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇති.අතර එම රෝහලේ පුතිකාර ලබමින් සිටියදි ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් වයස අවු 08 ක පාසල් සිසුවිය වන වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි මිනුලි සෙවුමිණි දිසානායක යන අය මිය⁣ගොස් ඇති බවත් එම යතුරු පැදියේ පැදවු මිිය අයගේ මව හා සොාහායුරා අනුරාධපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පුතිකාර ලබයි.එම යතුරු පැදිය පදවා ඇත්තේ වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ හර්ෂණි මධුමාලි යන අයයි.
ඇපාචි වර්ගයේ යතුරැපැදිය පැදවු කැකිරාව පාර ගලෙන්බිඳුනුවැව ලිපිනයේ පදිංචි R.P.M ඉර්සාත් නැමති මුස්ලිම් ජාතිකයකු වන අතර එම යතුරු පැදියේ තවත් එක් පුද්ගලයකු පැමිණ ඇත .

WhatsApp Image 2023-12-24 at 17.10.34 (1) WhatsApp Image 2023-12-24 at 17.10.34