නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

පසුගිය වසර වල දෙසැම්බර් මුල සිට ආරම්භ වී ජනවාරි අග දක්වා නුවරඑළිය නගර සීමාවට  මල් තුහින පතිත වන නමුත් මෙවර ඇතිවූ කාලගුණ විපර්යාසයත් සමගින් ජනවාරි මස මැද අද (15) උදෑසන නුවරඑළිය නගර සීමාවට මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ ,

උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන හයයි තිහ දක්වා මල් පුහුණ වැටීමක් දක්නට ලැබුනු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි ,

උදෑසන අට දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙස දක්නට ලැබුණු බවද ප්‍රදේශවාසීන් කීය .

WhatsApp Image 2024-01-15 at 15.10.09 (1) WhatsApp Image 2024-01-15 at 15.10.09 (2) WhatsApp Image 2024-01-15 at 15.10.09 (3) WhatsApp Image 2024-01-15 at 15.10.09 (4) WhatsApp Image 2024-01-15 at 15.10.09 (5) WhatsApp Image 2024-01-15 at 15.10.09 (6) WhatsApp Image 2024-01-15 at 15.10.09 (7) WhatsApp Image 2024-01-15 at 15.10.09 WhatsApp Image 2024-01-15 at 15.10.10

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ ගිහිං – ජාතික පාරිභෝගික පෙරමුණ

යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

වැට් බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.

රුපියල් 70ට පැවති යෝගට් එකක් රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කිරි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් එහි මිල රුපියල් 100 ක් වන බවයි ඔහු සඳහන් කළේ.

රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර මේවාට වැට් බද්ද අය කිරීම නතරකර යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්තිය මෙහෙයුම ගැන UN මානව හිමිකම් කාර්යාලයේ අවධානය

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ අවධානයද යොමුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එ් අනුව රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

65a32f882bb9265a32f8a7de88 65a32f8a5de05 65a32f89b0118 65a32f89a20b2 65a32f883a232

සෞඛ්‍ය සේවකයන් අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවාවේ නියුතු වෘත්තිකයන් අතරින් වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම සේවකයන් සමග ලබන අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ.

සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත

2024.01.12 දින පැය 0030 සිට 2024.01.13 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 299g
අයිස් 172g 40mg
ගංජා 4kg 400g
ගංජා පැල 26075 ක්
ගංජා සුරුට්ටු 01 ක්
ඈෂ් 2g
මාවා 522g
තුල් 34g
මදන මෝදක 3kg
මත්පෙති 1233 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 22 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙන්න ඊයේ දාපු මිල

ස්තුති පාරිභෝගික අධිකාරිය අපේ සටන් වල ප්‍රතිඵල ස්තුති මාධ්‍යයට මෙතුවක් කල් භාන්ඩ වලට එක මිලයි ප්‍රකාශ කරේ මෙන්න  ඊයේ  දාපු මිල ප්‍රකාශයට මිල ගනං දෙකක් තොග සිල්ලර  ඕක තමයි එදා ඉදලා කිව්වේ තොග අතරමැදි සිල්ලර මිල ගනං දාන්න කියලා කොහොම හරි වැඩේ කෙරිලා ,

WhatsApp Image 2024-01-13 at 12.36.22

ක්‍රීඩකයින්ට දුන් පොලිස් පත්වීම් නීතිවිරෝධීයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂත තනතුරු ලබා දී ඇත්තේ බදවා ගැනීමේ පටිපාටියට පිටින් බව වාර්තා වේ.

විශ්‍රාමක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ පිළිබඳ තොරතුරු සදහන් කර ඇති අතර පොලිස් පරීක්ෂක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් නැතැයි බව ද හෙතෙම පෙන්වා දේ.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ මෙම පිරිස පොලිසියට බඳවාගෙන ඇත්තේ සහායක සේවා පදනම අනුව බවත් එම බදවා ගැනීම නීතිවිරෝධී නොවන බවත් ය.

ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා මූණ එල්ලන් ඉන්න බෑනේ, හෝටල්වලට ගිහින් බලන්න රටේ විනෝද වෙන ජනතාව කොච්චර ඉන්නවද කියලා – තිස්ස කුට්ටිආරච්චි

ජනතා නියෝජිතයින් ලෙස වරාය යනු කුමක්දැයි දැන සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව අයවැය විවාදය අවස්ථාවේදී වරායට රැගෙන යන ලෙසත් එහි හතර මායිම පෙන්වන ලෙසත් අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම නිරීක්ෂණ චාරිකාව සූදානම් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිරීක්ෂණ චාරිකාවේදී වරාය ගැන දැනගත් බවත් එහිදී යම් දෙයක් ඉගෙන ගැනීමටද හැකියාව ලැබුණු අතර ඒ තුළින් ඉදිරියේදී වරාය ගැන කතා කරන විට එම කරුණු ඔස්සේ කතා කළ හැකි බවද ඔහු සඳහන් කළා.

තමන් මෙම මන්ත්‍රී ධූරය මුදල්දී ලබාගෙන නොමැති බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප 50,000 ක් ලබාගෙන පැමිණි අතර එම නිසා ඕනෑම රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කිරීමට හා ප්‍රධානියෙක් සමඟ සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බවද ඔහු සඳහන් කළා.

එම සංචාරයේ සියලු වියදම් ප්‍රේමලාල් අමාත්‍යවරයා පෞද්ගලිකව දරණ බවට ප්‍රකාශ කළ බවත් එහිදී කුඩා සංග්‍රහයක් සූදානම් කර තිබූ බවද එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළා.

තමන් එම චාරිකාවෙන් බලපොරොත්තු වූ දේ හොඳින් ඉෂ්ට වූ බවත් තමන් හොඳ විනෝදකාමී මිනිසුන් වන බවත් ආර්ථික ප්‍රශ්න තිබුණා යැයි කියා මුහුණු එල්ලා සිටීමට නොහැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ හෝටල්වලට ගොස් බැලුවහොත් විනෝද වන ජනතාව කෙතරම් සිටින්නේදැයි බලාගත හැකි බවයි.

ගාසා තීරයට කඩිනම් සටන් විරාමයක් සහ අඛණ්ඩ මානුෂීය ආධාර ලබා දිය යුතුයි – ජනපති

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබෙනවා.

එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65a0df4711a92pdf_page_1 65a0df46f3b52pdf_page_0