Litro Gas ‌කොටස් විකිණීම සඳහා රජය අභිලාෂ කැඳවයි

Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd  යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබෙන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ඒකකය පවසනවා.

Litro Gas Lanka Limited හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd හි 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින බවයි සඳහන් වන්නේ.

Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වන අතර 85% ක වෙළඳ පොළකට ඔවුන් හිමිකම් කියන බව වැඩිදුරටත් සඳහන්.

වඳ වී යන කැස්බෑ වර්ගයක් වන බටු කැස්බෑ බිත්තර ළඟ තබා ගත් අයෙකුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් 60000ක දඩයක් නියම කෙරේ

හික්කඩුව වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින අළුයම 1.30ට පමණ දඩල්ල මුහුදු තීරයේදී කැස්බෑවකු දමා තිබූ බිත්තර ලබාගත් අයෙකු බිත්තර 120ක් සමග අත්අඩංගුවට ගැනීමට හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය.

මේ දිනවල විදෙස් සංචාරකයන් බහුල ලෙස පැමිණෙන අතර එම නිසා කැස්බෑ බිත්තරවලටද වැඩි ඉල්ලුමක් ඇත.විශේෂයෙන් චීන ජාතිකයන් අතර මෙම කැස්බෑ බිත්තර යොදා සකස් කළ ආහාර වලට දැඩි කැමැත්තක් දක්වයි .

සාමාන්‍ය කැස්බෑ බිත්තරයක් රුපියල් පනහක් හැටත් අතර මිලකට අලෙවි වන අතර එයින් සකස් කල ආහාර‍යක් රුපියල් 2500ක පමණ මුදලකට අලෙවි කෙරේ.බටු කැස්බෑවා වනජීවී සහ වනරස් සංරක්ෂණ පනත යටතේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇත.

කැස්බෑ බිත්තර සමග අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනී විධාන ගමගේ මහත්මිය විසින් සැකකරු;රුපියල් 60000ක දඩයකට යටත් කළ අතර අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර දොඩන් දූවේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැස්බෑ රක්ෂණ මධ්‍යස්ථානය වෙත ලබාදීම සිදුකරන ලදී.මෙසේ කැස්බෑ බිත්තර ළඟ තබා ගැනීමට වග උත්තරකරු වූයේ දඩල්ල ජයන්ති මාවතේ පදිංචි දෙවරාහන්නදි වසන්ත ද සිල්වා නමැත්තෙකුටය.

වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ මෙම නඩුව පවරා තිබුනි.

හික්කඩුව වනජීවි කාරයාලයේ උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත දොඩන්දුව අඩවි වන ස්ථාන භාර නිලධාරී එල්‍.ටි.ධම්මික එල්.ඩි.මෙන්ඩිස්.එස්.ජි.කසුන් සෝමසිරි ආර්.ටි.බෝපගේ ජගත් නානායක්කාර සමන් ගුරුසිංහ යන නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

සෞඛ්‍ය ගැටලු ගැන විසඳුම් සෙවීමට වැඩබලන මුදල් ඇමති හා සෞඛ්‍ය ඇමති අතර හමුවක්

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර හමුවක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් – මධ්‍යම පරිසර අධිකාරිය

රට හරහා ගමන් කරන බාහිර වායු ධාරා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

විශේෂයෙන්ම කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරන්නේ.

දිවයින හරහා ගලායන සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපා ඇති බව ඔහු පවසා සිටිනවා.

මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය අවදානම අවම බවත්, කෙසේ වුවත් පෙනහළු ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවත්, වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

2024.01.15 දින පැය 0030 සිට 2024.01.16 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.15 දින පැය 0030 සිට 2024.01.16 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 475 g
අයිස් 501 g
ගංජා 7 kg 900 g
ගංජා පැල 3605 ක්
මාවා 305 g
මදන මෝදක 137 g
මත්පෙති 126 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 04 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉතිහාසයේ වැඩිම කැරට් මිල තොග අද පෑලියගොඩ

ඉතිහාසයේ වැඩිම කැරට් මිල තොග අද පෑලියගොඩ
කැරට් රු 1800
බෝංචි රු 1000
ලික්ස් රු 450
ගෝවා රු 700
බීට් රු 700
අමු මිරිස් රු 800 අඩු වෙයි
තක්කාලි රු 350 අඩු වෙයි
මාලු මිරිස් රු 700
මෑකරල් රු 600
බන්ඩක්කා රු 400
වැටකොළු රු 400
පතෝල රු 300
දබල රු 400
කරවිල රු 500
වට්ටක්කා රු 150
ලූනු කොල රු 450
රාබු රු 120
අලු කෙසෙල් රු 280
බතල රු 140
දෙල් රු 150
වම්බටු රු 400
දෙහි රු 500 මිල වැඩිවෙයි

ජාතික පාරිභෝගික පෙරමුණ කියයි

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළියට දැමූ ගුරුවරයා අත්අඩංගුවට

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවයි සඳහන් වන්නේ.

අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක 52 හැවිරිදි වියේ පසුවන උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

2024.01.14 දින පැය 0030 සිට 2024.01.15 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.14 දින පැය 0030 සිට 2024.01.15 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 276 g
අයිස් 2 kg 980 g
කොකේන් 3 g 50 mg
ගංජා 2 kg 817 g
ගංජා පැල 235212 ක්
ඈෂ් 4 g 130 mg
කුෂ් 1 g 250 mg
මාවා 165 g
තුල් 4 g 893 mg
මදන මෝදක 139 g
මත්පෙති 4310 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 952 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 11 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 29 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසීන් විසින් අත් අඩංගුවට ගෙන භාරදුන් සැකකරුවකු පානදුර දකුණ පොලිසිය තුළදී ගොස් ඇත

ප්‍රදේශවාසීන් විසින් අත් අඩංගුවට ගෙන භාරදුන් සැකකරුවකු පානදුර දකුණ පොලිසිය තුළදී ගොස් ඇත

ඊයේ දින 8.30 ට පමණ පානදුර දකුණ පොලිස් වසමේ පිංවල දී සොරකම් කිරීම සම්බන්ධව සැකපිට ප්‍රදේශවාසින් විසින් අත් අඩංගුවට ගෙන පහරදි පානදුර දකුණ පොලිස් ස්ථානයට භාරදී ඇති පහත නම් සඳහන් පුද්ගලයා තුවාල හේතුවෙන් පොලිසිය විසින් රොහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.

නම – බුද්ධික දිනේෂ් පෙරේරා
ලිපිනය – අංක 51. සිල්වා පාර. පිංවල. පානදුර
වයස – අවුරුදු 39 යි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහිවූවකු බවට තොරතුරු අනාවරණය වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය විසින් පරික්ෂණ සිදුකරනු ලබයි .

අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ අත්අඩංගුවට

බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කරන බවට චෝදනා එල්ලවී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්වයන ලෙස තමන්ව හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම පුද්ගලයා විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් විවේචනය කරමින් ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබිණි.