ජනවාරි මාසය තුළ මෙරටට වැඩිම සංචාරකයින් පැමිණීම ඉන්දියාවෙන්

2024 වසරේ ජනවාරි 28 දක්වා කාල පරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අතරින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 31,920 ක් ලෙසයි දැක්වෙන්නේ.

මීට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්.

65b8ba24dcafa

බිල්පත් ගෙවීම් සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම මණ්ඩලයේ CEBCare යෙදවුම, ඔන්ලයින් බැංකු සේවාවන්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර හා සුපිරි වෙළඳසැල්වලින්ද ගෙවීමේ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධ ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

*එසැණ සටහන: හෙළකුරු හඳුන්වාදුන් හෙළPay දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ඔස්සේද ඉතා සරලව විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව පවතිනවා.

65b8b30a3ce50

නිදහස් දින පෙරහුරුවේ පැරෂුට් අනතුරකින් සෙබලුන් 4 ක් රෝහල් ගත කරයි

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා.

පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක්.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව මුදාගනී

ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මුදාගත් ධීවර යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල CID යට කැඳවයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (29) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට පෙර පියත් නිකේෂල සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් එසැණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළේ, මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බවයි.

නිදහස් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව එහි පෙරහුරු පැවැත්වෙන 30,31,01,02,03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් මෙය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03වැනි දින පස්වරු 02.00 සිටද රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්.

65b787971c400

යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 562ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241ක් සමගින් මුළු සැකකරුවන් 803 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 214ක් සිටින බවද සඳහන්.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 212g ක්, අයිස් 101g ක්, ගංජා 01kg 852g ක්, ගංජා පැල 443 ක්, මාවා 02kg 117 g ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩගුවට ගෙන තිබෙනවා.

ලෝක ලාදුරු දිනය අද

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ලාදුරු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

ඒ අනුව සෙසු රටවලට සාපේක්ෂව මෙරට ලාදුරු රෝගය වැළඳුණු වයස අවුරුදු 14ට අඩු දරුවන් සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කළා.

පසුගිය  වසරේ ලාදුරු රෝගීන් 1550 ක් වාර්තා වූ බවත් එසේම පසුගිය වසරේ ලෝකයේ වෙනත් රටවල මුළු රෝගී සංඛ්‍යාවෙන් 6% ක් දරුවන් වාර්තා වන විට ශ්‍රී ලංකාවේ එම අගය 11% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළා.

යම් අයෙකුට ලාදුරු රෝගයේ ලක්ෂණ ඇත්නම් ඒ සඳහා බියවිය යුතු නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර තිබෙන බැවින් ළඟම රෝහලේ සමේ රෝග සායනයට යොමුවී ප්‍රතිකාර ලබා ගැනීමට බවයි  විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී අවමංගල්‍ය කටයුතු ආරම්භවීමට නියමිත අතර ඉන් අනතුරුව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.