පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ පොලිස් හේවා බලකායේ තිබු ටි 56 ගිනි අවියකට අයත් මැගසිනයක පුරවා තිබු උණ්ඩ 30ක් සමග අස්ථානගතව ඇත

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ පොලිස් හේවා බලකායේ තිබු ටි 56 ගිනි අවියකට අයත් මැගසිනයක පුරවා තිබු උණ්ඩ 30ක් සමග අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතයි පොලීසිය පවසයි.

පසුගිය (04) වෙනි දින සහ (07) වෙනි දිනයන් අතරතුර පොල්හේන්ගොඩ කදවුරේ තිබී අස්ථානගතව ඇති බවට එහි අණ දෙන නිලධාරීවරයකු ලෙස කටයුතු කරන මේජර්වරයෙකු පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

මුරකුටි සඳහා එක් නිලධාරියෙකුට ටී 56 ගිනි අවියක්, උන්ඩ 120ක් අඩංගු මැගසින් 4ක්.සහ පුචස් 1 ලබාදීම සිදුකරන බැවින් එලෙස නිලධාරීන් වෙත ලබාදී ඇති බවද එම නිලධාරියා පොලීසියට වැඩිදුරටත් සදහන් ඇත.

තම දුව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවායැයි “මල්ලියා” පාසල ඇරි නිවෙසට බලා එන සිසුවාට මග රැක සිට පොල්ලකින් පහරදීලා.

තම දුව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවායැයි “මල්ලියා” පාසල ඇරි නිවෙසට බලා එන සිසුවාට මග රැක සිට පොල්ලකින් පහරදීලා.

සිය දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් මොරොන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විදුහලේම සිසුවියකගේ “මල්ලියා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පියා විසින් අද(8) දින 1.40 පමණ පොල්ලකින් පහරදී ඇති බවට මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ පහර දීම සිදුවී ඇත්තේ සිසුවා පාසල නිම වී නිවසට යන අතරතුරදී කලපුගම කජුවත්ත වෙන්දේසි වත්ත අසලදී බව පොලීසිය පවසයි

පහර කෑමට ලක්වූ සිසුවාගේ දකුණු පාදයට හා දකුණු අතට තුවාල සිසුවි ඇති අතර සිසුවා රෝහල් ගත කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

ගල්පාත චන්දන පෙරේරා

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියට අදාළව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් රෝගාතුර වී ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ එයට වස මිශ්‍ර කර තිබෙන්නට ඇති බවයි.

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවයි

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද (08) දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව උපුටා දක්වමින් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ විය හැකි තර්ජන සමඟ කටයුතු කිරීමට ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මස 23 වනදා  පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණා.

සනත් නිශාන්තගේ මරණය සැකසහිතයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට චෝදනා කරමින්.

අනතුර සිදුවූ ආකාරය සහ රියදුරාගේ හැසිිරීම සම්බන්ධයෙන් සැක සහිත බව බිරිඳ පවසා තිබෙනවා.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස යි.

වැඩ තහනම් කළ අය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලි සේවකයන් උද්ඝෝෂණයක

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

වැඩ තහනම් කළ සියලුම විදුලිබල මණ්ඩල සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමින් අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වුණා.

මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 ක් මරුට

පාකිස්තානයේ Balochistan පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙවන පිපිරීමෙන් කිලෝමීටර් 150ක් මණ දුරින් පිහිටි කිල්ලාහ් සයිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 8 ක් පමණ මියගොස් ඇති බවද සඳහන්.

පිපිරීම් දෙකෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අද මහ බැංකුවේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65c348df93c74pdf_page_0

ගල්කිරියාගම ජාතික නාමල් උයනේ 33 වන සංවත්සරය නිමිත්තෙන් ජපන් ජාතිකයින් විසින් සංවිධානය කරනු ලබන කිලෝ මීටර් 100ක පරිසර පා ගමන හෙට(08) උදෑසන ජාතික නාමල් උයනේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ගල්කිරියාගම ජාතික නාමල් උයනේ 33 වන සංවත්සරය නිමිත්තෙන් ජපන් ජාතිකයින් විසින් සංවිධානය කරනු ලබන කිලෝ මීටර් 100ක පරිසර පා ගමන හෙට(08) උදෑසන ජාතික නාමල් උයනේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ජපානයේ NPO Happy New Earth සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන මෙම පරිසර පා ගමන සංවිධානය කර තිබේ. හෙට (08) උදෑසන 08.00 ට ගල්කිරියාගම ජාතික නාමල් උයන පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන එම පා ගමන, ලබන 12 වැනිදා සීගිරිය පර්වතය අසළීන් නිමා කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.
ජාතික නාමල් උයනෙන් ආරම්භ කර දුශ්කර වූ මාර්ග ඔස්සේ කිලෝ මීටර් 100 ක දුරක් ගෙවා ඓතිහාසික සීගිරිය පර්වතය අසළින් එම පා ගමන නිමා කිරීමට නියමිතය. මෙම පා ගමන පුරා දින 05ක් මුළුල්ලේ පැවැත්වේ. ඒ අනුව දිනකට කිලෝ මීටර් 20ක දුරක් එම පාගමන ගමන් කිරීමට නියමිතව තිබේ.
පරිසරය සුරැකීම ලෝක වාසී ලොකු කුඩා සැමගේ වගකීම බවට සියළු ලෝක වාසීන්ට පණිවිඩයක් දීමේ අරමුණින් ජපන් ජාතිකයින් විසින් මෙම පරිසර පා ගමන සංවිධනය කර ඇති බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවැසූහ.
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දස ලක්ෂ පන්සිය පනහකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෝකප්‍රකට දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය පිහිටා ඇත්තේ ද ගල්කිරියාගම පිහිටි ජාතික නාමල් උයනේ ය.
කාලයේ ඇවෑමෙන් අභාවයට යමින් තිබූ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා නිධිය සහිත මෙම ජාතික නාමල් උයන දහසකුත් එකක් වූ බාධා හිරිහැර කම්කටොලු වනසතුන්ගේ පීඩා මෙන්ම විවිධ දුශ්කරතා මැද මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සදහා පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කටයුතු ආරම්භ කර ලබන මාර්තු 28 වැනි දිනට වසර 33ක් සම්පූර්ණ වේ.

WhatsApp Image 2024-02-07 at 14.56.33 (2) WhatsApp Image 2024-02-07 at 14.56.33 (1) WhatsApp Image 2024-02-07 at 14.56.33 WhatsApp Image 2024-02-07 at 14.56.32 (6) WhatsApp Image 2024-02-07 at 14.56.32 (5) WhatsApp Image 2024-02-07 at 14.56.32 (4) WhatsApp Image 2024-02-07 at 14.56.32 (3) WhatsApp Image 2024-02-07 at 14.56.32 (2) WhatsApp Image 2024-02-07 at 14.56.32 (1) WhatsApp Image 2024-02-07 at 14.56.32
කැකිරාව කුෂාන් ජයවර්ධන

24-02-07