පානදුර නගර සභාව ඉදිරිපිට පෞද්ගලික ආයතනයක් විසින් ආරම්භ කිරීමට නියමි මත් පැන් අලෙවිසැලක්ට විරුද්ධව

 

පානදුර නගර සභාව ඉදිරිපිට පෞද්ගලික ආයතනයක් විසින් ආරම්භ කිරීමට නියමි මත් පැන් අලෙවිසැලක්ට විරුද්ධව
පානදුර ගලගොඩ ශ්‍රී මහා ව්හාරස්ථානයේ ව්හාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාම්න් වහන්සේගේ ප්‍රදානත්වයෙන් අවට ව්හාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා හතළිහක් පමණ අද (12)
දින පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත ලිපියක් බාර දී ඉන් අනතුරුව විවෘත කිරීමට නියමිත වෙලද සැල ඉදිරිපිට විරෝදය පල කලේය.

මෙම මත් අලෙවිසැල කුමණ අයුරින් හෝ විවෘත කිරීමක් සිදුකළ හොත් ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා මෙම මත් අලවිසැල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විරෝධතාවයට පැමිණි ස්වාමීන් වහන්සේ නමක් පැවසීය.

WhatsApp Image 2024-02-12 at 18.03.59 WhatsApp Image 2024-02-12 at 18.03.50

ගල්පාත චන්දන පෙරේරා

මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා විවාහ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ…

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් මහත්මිය ඇතුළු නීතිඥවරියන් ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අද (12) දී අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බලනොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.
මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙසද මෙම පිරිස ඉල්ලා සිටියේය.
අනෙකුත් කාන්තාවන්ට බලපාන ආකාරයටම මුස්ලිම් කාන්තාවන්ට ද නව නීති සකස් කරන ලෙසද හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් මහත්මිය ඇතුළු මුස්ලිම් කාන්තා නියෝජිත පිරිස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පවතින තත්වය සලකා බලා මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය නීති උපදේශක ආචාර්ය ජයතිස්ස ද කොස්තා, අග්‍රාමාත්‍ය කාර්යාල අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජේසිංහ, මුස්ලිම් කාන්තාවන් නියෝජනය කරමින් හස්යාමා හමින්, හසානා ඉසඩීන්, පාතිමා සබ්රා, පාතිමා අමානා, සිත්ති එරිමිසා යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නුවරඑළිය මහ නගර සභාවේ පහනෙන් එළිය බලා නුවරඑළිය වසන්ත සැණකෙළියේ වෙළද කුටි සදහා වන බිම් කොටස් හොර රහසේ විකිණීමේ ජාවාරමක් යෙදුණ නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය .

සෑම වසරකම බක් මාසයේ වසන්ත සැණකෙළි වෙනුවෙන් නුවරඑළියේ මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළිය වෙනුවෙන් තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු බිම් කොටස් පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ලැබුණු ඉල්ලීම් මාසික බදු පදනම මත අලෙවි කර අවසන් බව නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහතා පැවසීය .

නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ඒ බව කියා සිටියේ නුවරඑළියේ මහනගර සභාවේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් පසුගියදා පැවැති සැලසුම් රැස්වීමේදී කිසිදු විනිවිද භාවයකින් හා ක්‍රියා පටිපාටියකින් තොරව හිතවතුන් කිහිප දෙනෙකු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටස් වසන්ත සැණකෙළිය වෙනුවෙන් මේ වන විටත් හොර රහසේ අලෙවි වී ඇති බවට සැලසුම් රැස්වීමට පැමිණි නුවරඑළිය මහ ජනතාවගෙන් එල්ල වූ චෝදනාවට පිළිතුරු ලබා දෙමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහ්තා මෙසේද කීය ,

පත්තර දැන්වීම් , රූපවාහිනී දැන්වීම් හා ප්‍රසිද්ධ දැන්වීම් කිසිවක් අපි දැම්මේ නෑ අපිට පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ ඉඳන්ම ඉල්ලුම් පත්‍ර ලැබුණා වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා බිම් කොටස් ලබා ගැනීමට ,

ඒ ආපු ආපු ඉල්ලීම් වලට අනුව අපි බිම කොටස් ටික ලබාදීලා ඉවරයි. මේ වෙන විටත් සියලු බිම් කොටත් අපි ලබා දීලා අවසන් .

ඔහුගේ එම ප්‍රකාශයත් සමග සැලසුම් රැස්වීම උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර එහිදී අදහස් දැක්වූ නුවරඑළිය සිවිල් සංවිධාන නියෝජිතයන්  වෙළඳ ව්‍යාපාරිකයන් හා නුවරඑළිය ජනතාව නුවරඑළිය මහ නගර සභාවට යෝජනා කළේ මහජනතාවගේ බදු මුදල්වලින් එකතු වන මුදලින් අතිවිශාල තොගයක් වියදම් කරමින් සංවිධානය කරනු ලබන නුවරඑළිය වසන්ත සැණකෙළියේ සියලු ආදායම් නුවරඑළිය මහ නගර සභාවට ලැබිය යුතු අතර එහි සියලු ප්‍රතිලාභ නුවරඑළියේ මහජනතාවට ලැබිය යුතු බවයි ,

වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ මහජනතාව මෙසේ අදහස් දැක්විය ,

මෙලෙස මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියේ භූමි කොටස් කිසිම ක්‍රමවේදයක් නොමැතිව විනිවිද භාවයකින් තොරව රජයට ගෙවිය යුතු සොච්චම් මුදලක් ලබා ගනිමින් කිහිපදෙනෙකු අතර හොර රහසේ බෙදා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු කිරීමෙන් එම බිම් කොටස් ලබා ගන්නා කිහිප දෙනා පමණක් ඔවුන්ට හිතුමතේ එහි වටිනාකම් තීරණය කර ලක්ෂයක් ලක්ෂ එකහමාරක් අතර විශාල මුදලකට කුඩා කැබැලි වලට එම බිම් කොටස් වෙන්කර වෙළෙඳ කුටි සඳහා අලෙවි කරනවා ,

එය එසේ නොකර නුවරඑළිය මහ නගර සභාවට සම්පූර්ණ භූමි ප්‍රමාණය පවරාගෙන නුවරඑළිය  මහ නගර සභාවෙන් එම භූමි කොටස් ව්‍යාපාරිකයන්ට බෙදා දුන්නේ නම් ඔවුන්ට එම භූමි කොටස් ලබා ගැනීම සඳහා වැය වන්නේ රුපියල් 20000 ක් 24000ක් වැනි ඉතා අඩු මුදලක් බවද ඔවුහු පෙන්වා දුන්නේය ,

සිවිල් ප්‍රජාවගේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ හා මහජනතාවගේ යෝජනාව වූයේ දැනට නාගරික සංවර්ධන අධිකාරිය හොර රහසේ ලබා දී ඇති බිම් කොටස්වල මුදල් අදාළ පාර්ශවයන් වෙත පියවා නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති එම ඉඩම් කොටස් මහනගර සභාව වෙත පවරාගෙන ඉන් අනතුරුව නුවරඑළි ජනතාවට මුල් තැන ලබාදී සහනදායි මිලකට අදාල පින් කොටස් බෙදා දෙන ලෙසයි ,

තවද එම යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය අකමැත්ත ප්‍රකාශ කරන කල මහ නගර සභාව මගින් ලබා දෙනු ලබන ජල පහසුකම් , විදුලිය ලබා ගැනීම සඳහා වන අවසර ලිපි සහ කසල කළමනාකාරීත්වයට ලබාදෙන දායකත්වය යනාදිය ලබා නොදීමට කටයුතු කරන ලෙසත් නුවරඑළිය මහ නගර සභාවට වරිපනම් හා බදු මුදල් ගෙවන මහජනතාව හා වෙළෙඳ ව්‍යාපාරිකයන් තරයේ ඉල්ලා සිටි ,

මේ පිළිබඳ අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ වැඩබලන  නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාගෙන මෙම ගැටලුව සඳහා  සාර්ථක විසඳුමක් ලබා ගැනීමට හැකි විගසින් උත්සාහ දරන බවයි .

ඡායාරූප විස්තරය

  • වසන්ත සැණකෙළියේ පැරණි ඡායාරූප කීපයක් .
  • 2024 වසන්ත සැණකෙළියේ සැලසුම් රැස්වීමේ ඡායාරූප.
  • නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහතාගේ ඡායාරූපයක් .
  • නාගරික කොමසාරි සුජීවා බෝධිමාන්න මහත්මියගේ ඡායාරූපයක්.
  • තාවකාලික පදනම මත බිම් කොටස් විකිණා ඇති ඉඩමේ ඡායාරූප කීපයක් .

 

WhatsApp Image 2024-02-12 at 14.56.45 (1) WhatsApp Image 2024-02-12 at 14.56.45 (2) WhatsApp Image 2024-02-12 at 14.56.45 (3) WhatsApp Image 2024-02-12 at 14.56.45 WhatsApp Image 2024-02-12 at 14.56.46 (1) WhatsApp Image 2024-02-12 at 14.56.46 (2) WhatsApp Image 2024-02-12 at 14.56.46 (3) WhatsApp Image 2024-02-12 at 14.56.46 (4) WhatsApp Image 2024-02-12 at 14.56.46 (5) WhatsApp Image 2024-02-12 at 14.56.46 (6) WhatsApp Image 2024-02-12 at 14.56.46 (7) WhatsApp Image 2024-02-12 at 14.56.46

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

විදෙස්ගත ශ්‍රමිකයන්⁣ගෙන් ජනවාරි මාසයේ ඩොලර් මිලියන 487 ක් ශ්‍රී ලංකාවට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4% ක වැඩි වීමක් බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

65c876be28642

සමාජ මාධ්‍යයෙන් අපිට මඩ ගහපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා – ටිරාන් අලස්

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයා “අපිට මඩ ගසන පුද්ගලයෙක්” බවත් ඔහුට මුදල් දී ඇත්තේ දේශපාලඥයෙක් බවට ඔහු කටඋත්තරයක් ලබා දී ඇති බවයි.

දේශපාලඥයින්ට, රජයට, පොලිස්පතිතුමා ඇතුළු පිරිස් වෙත මඩ ගැසීම සඳහා සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළා.

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය නැවතත් හර්ෂට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

කිරි මණ්ඩලයේ ගොවිපොළ නිරීක්ෂණය​ට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් මෙරටට පැමිණේ

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිත පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.

මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ අතර එයට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ගොවිපල 31 ක් ඇති අතර ඒවායේ භූමි ප්‍රමාණය අක්කර 28,000 කට අධික බවත්, පැමිණි පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බවත්, එම කණ්ඩායම විසින් මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කරනු ඇති බවයි පැවසෙන්නේ.

එම ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනාකම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවත්, එම කටයුතු මේ වනවිට 80% කින් පමණ අවසන් කර ඇති බවත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

අඩු බර පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පවරයි

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පාන් සඳහා බර සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී එම පිරිසට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටින්නේ.

එළඹෙන සතිය ආරම්භයේ ඉන්දීය බිත්තර සතොසට

මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේ.

මෙම සතියේ තවත් බිත්තර මිලියන 10 ක් සඳහා ඇනවුම් භාරදී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.