දිවයිනේ උසින් වැඩිම කඳු මුදන වන පිදුරුතලාගල නැවත සංචාරකයින් සදහා විවෘත කිරීමට කටයුතු සිදු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය .

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම සහ අංශක බිංදුව ‍පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රීක්කේ පිදුරුතලාගල කදු ප්‍රදේශය මේ වනවිට ආරක්ෂක හේතු කිහිපයක් මත සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබූ අතර  නැවත සංචාරකයින් සදහා විවෘත කිරීම සිදු කළ යුතු ව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම මහතාගේ සහ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (13) පැවැති අවස්ථාවේදී අදහස් දක්වමිනි ,

එහිදී ආණ්ඩුකාරවරයා මෑත කාලීනව මුහුණ දුන් පෞද්ගලික සිදුවීමක් ද උදාහරණ ලෙස දක්වමින් විශාල වියදමක් යටතේ මාර්ග පහසුකම් ඇතුලු විවිධ පහසුකම් සහිතව සංචාරකයින් සදහා විවෘතව පැවති පිදුරුතලාගල කදු ප්‍රදේශය අධ්‍යාපනික මෙන්ම සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලන බවත්, එය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගැනීමට නුසුදුසු බවත් සදහන් කර සිටියේය.

එමෙන්ම නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමට ද දෙස් විදෙස් සංචාරකයින් ‍ප්‍රියතාවයක් දක්වන බැවින් ඒ සදහා ද අවස්ථාවක් ලබාදීම සිදු කළ යුතු බවත්, ඉහල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයන් සුදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීම සහ ඒ ආශ්‍රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවත් එම මහතා‍ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

WhatsApp Image 2024-02-14 at 11.43.13 (2) WhatsApp Image 2024-02-14 at 11.43.13 (1) WhatsApp Image 2024-02-14 at 11.43.13 WhatsApp Image 2024-02-14 at 11.43.14

14.02.2024                                                                     ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් – වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .

 

අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක්වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .

අවිවාහක (35) හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ වින්දිතයාට ලක්ෂ 05ක වම්දියක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහාධිකරණය තීන්දුවක් ලබාදී තිබේ .

මෙම නඩු තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2024.02.13) දින නියම කළේය.

35 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ කඳපොල හයිෆොරට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස නඩු තීන්දුවට ලබා දෙන තෙක්ම සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ නැමැත්තා විසිනි.

මේම සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ නුවරඑළිය මහාධිකරණයේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

පසුගිය වසර පහක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේදී පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ වරදකරු වීමත් සමග  මෙලෙස තීන්දුව ලබාදී තිබේ .

 

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

14.02.2024

(077-5272335)

FILE NAME – SPECIAL JUDGMENT

මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය

මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය ,මුන් හූරගෙනම කනවා අහිංසක මිනිසුන් මාලු නැති ලූනු පාන් රු 150යි සියලු ආහාර රුපියල් 150ඉහල පාස්පොට් ලොක්කෝ මේ ආපනශාලාව තුලින් ලක්ශ ගානක් කුලී ලෙස ගන්නවා ඒ නිසයි මේ අප්පුහාමි අස්ප ගනං වලට ආහාර අලෙවි කරන්නේ , මේ කූලි මුදල් අඩු කර පාරිභෝගික යා ට සහන මිලට ආහාර සැපයිම කල යුතුය ,අද රෝහල්, පාසල් ආපනශාලා තුලින් ලක්ශ ගනං කුලී ලෙස අය කරනවා ආපනශාලා හිමියන් ගෙන්, ඒ තුල අහිංසක රෝගින් පාසල් දරුවන් මේ තුල දැඩි අසාධාරණය ට ලක් වේ ,මේවා බලධාරින් ට නිලධාරීන් ට පක්ශ විපක්ෂ අයට නොපෙනේ දැන්වත් අවධානය ට ලක් වේවා, මොකද අද 50% පාරිභෝගිකයන් ඇල්වතුර බීලා ඉන්නේ අද හෝටල් වල වතුර බිල ඉහළට හේතුව කෑම දිහා බලාගෙන ගිහින් වතුර විදුරු 3ක් එක හුස්මේ ගහලා හොටලයෙන් එලියට යනවා ආහාර මිල වැඩි වීම ප්‍රධාන හේතුවයි අසේල සම්පත් ,

බෙලිඅත්ත සමූහ ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

බෙලිඅත්ත සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එහිදී අද (13) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් යළිත් පෙබරවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පසුගිය මස 22 වනදා ඝාතනය කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබිණ.

පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ මංත්‍රී වරයාගේ ජීප් රථය ,එම දෙසටම ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටරයක පිටුපසින් ගැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

සිදුව ඇති එම අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

සිදුව ඇති එම අනතුරින් තුවාල ලබා මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නමැති අයෙකි. ඔහු ඉහළ පුලියන්කුලම – අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයේ රියදුරු වැඩිදුර විමර්ශණ සදහා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර.
සාලියවැව පොලිස් ස්ථානය මගින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

WhatsApp Image 2024-02-13 at 18.35.40 (1) WhatsApp Image 2024-02-13 at 18.35.40 (2) WhatsApp Image 2024-02-13 at 18.35.40 WhatsApp Image 2024-02-13 at 18.35.39

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ආහාර ලබා ගන්නා කැන්ටිම මුලුමනින්ම ජරාජීරන අපායක් – කැන්ටිමට වැසුම් නියෝගයක් – තවත් ස්ථාන අටකට නඩු .

 

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා හදිසියෙන් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමේදී නුවරඑළිය දිස්ත්‍රික්  මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරය අසලම පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ කැන්මට වැසුම් නියෝගයක් ලබාදුන් අතර  රෝහල ඉදිරියේ ක්‍රියාත්මක වන කැන්ටිම ඇතුළු හෝටල් අටකර විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත ,

සෝදිසි මෙහෙයුමේදී මනුස්ස පරිපෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම , අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම , නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම ,  ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම  යන කරුණු කාරණා යටතේ අදාළ ස්ථාන සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බව ස්වභාවයේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි .

තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරයට යාබදව පවත්වාගෙන ගිය වෛද්‍යවරුන්ගේ කැන්ටිම වහාම වැසීමට වැසුම් නියෝගයක් ලබා දෙමින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු අන්දමින් අවශ්‍ය පහසුකම් සකසා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වා කැන්ටිම පවත්වාගෙන යෑමට අවසර ලබා ගන්නා ලෙස  නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියෝග කළ බවද එතම පැවසීය .

WhatsApp Image 2024-02-13 at 14.39.18 (1) WhatsApp Image 2024-02-13 at 14.39.18 WhatsApp Image 2024-02-13 at 14.39.17 (5) WhatsApp Image 2024-02-13 at 14.39.17 (4) WhatsApp Image 2024-02-13 at 14.39.17 (3) WhatsApp Image 2024-02-13 at 14.39.17 (2) WhatsApp Image 2024-02-13 at 14.39.17 (1) WhatsApp Image 2024-02-13 at 14.39.17 WhatsApp Image 2024-02-13 at 14.39.16 (2) WhatsApp Image 2024-02-13 at 14.39.16 (1) WhatsApp Image 2024-02-13 at 14.39.16

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මේ දිනවල පැවැත්වෙන පාසල් අවසන් වාර පරික්ෂණය සදහා දමිල මාධ්‍යයෙන් පෙනි සිටින සිසුන් පිරිසකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ප්‍රශ්ණයක්ම වූ එකක් බව ගුරුවරු චෝදනා කරති.

මේ දිනවල පැවැත්වෙන පාසල් අවසන් වාර පරික්ෂණය සදහා දමිල මාධ්‍යයෙන් පෙනි සිටින සිසුන් පිරිසකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ප්‍රශ්ණයක්ම වූ එකක් බව ගුරුවරු චෝදනා කරති.

මේ හේතුවෙන් මෙවර පාසැල් වාර විභාගය සඳහා දමිළ මාධ්‍යයෙන් ගණිතය විෂයට පෙනී සිටි 06 සිට 11 දක්වා ශ්‍රේණි වල සිසුන් දැඩි අපහසුතාවයට කට පත් වූ බව එම ගුරුවරු පෙන්වා දෙයි.

උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙන අතර, ඊයේ දිනයේ 06- 11 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය ලබා දී තිබින.

ඒ අනුව, ගණිතය විෂයට සිංහල මාධ්‍යයෙන් පෙනි සිටි සිසුන්ට නිවරැදි ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබුන ද , දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත වූ, සිසුන්ට පමණක් නොව තමන්ටද නිසි පරිදි ප්‍රශ්නය තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බව ගුරුවරු පවසති.

සිංහල මාධ්‍යයෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රයම දමිල මාධ්‍යටත් පරිවර්තනය කර ඇති බවත්, එහිදි යම් අඩුපාඩුවක් සිදුවි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බව උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ උසස් නිලධාරීන් පවසයි..

24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන

මඞාටුගම මහවැලි කොට්ඨාස කාර්යාල සේවකයින්ගේ සේවාව මහවැලි අධිකාරියේ ඇගයීමට ලක් වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හුරුළුවැව කලාපයට අයත් මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනියුක්තව සේවය කරන නිලධාරීන්ගේ සේවා ව හුරුළුවැව නේවාසික ව්‍යාපාර කළමනාකාර වරයා ගේ ඇගයීමට ලක් කෙරිණ.
මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී පැවැති එම සේවා ඇගයීම් උත්සවය, මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර හා මඩාටුගම කොට්ඨාස කලමනාකාරිණි ශාන්ති පද්මලතා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම ඇගයිම් වැඩසටහන යටතේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කරනු ලබන සුළු සේවකයින්, රියදුරුවරුන්, ආරක්ෂක නියාමකවරුන්, ලිපිකරුවන්, ඒකක කළමනාකරුවන්, කළමනාකරුවන්, ඇතුලු එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මහවැලි අධීකාරියේ අරමුණු ජය ගැනීම සදහා එම ගොවි ජනතාව වෙනුවෙන් ඒ ඒ අංශ වල දී ඔවුන් විසින් සිදුකරනු ලබන සේවය මෙහිදී නේවාසික ව්‍යාපාර කලමනාකාර වරයාගේ ඇගයිමට ලක්විණ. මෙලෙස සේවා ඇගයීමට ලක්වූ එම ඇතැම් මහවැලි සේවකයෝ විශ්‍රාම යාමට ද ආසන්න වයසේ පසුවන අය වන අතර එම කාර්යාලයේ නිලධාරීන්ගේ සේවය මෙලෙස ඇගයීමකට ලක්ව ඇත්තේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අරමුණු හා ඉලක්ක ජය ගැනීම සදහා වන ගමනේ දී මඩාටුගම මහවැලි කොට්ඨාස කලමනාකරණ කාර්යාලයට අනියුක්තව ඊට කැපවී කටයුතු කරන නිලධාරීන් ඇතුළු එම කාර්යාල කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 41 දෙනෙකු මෙහිදී මහවැලි අධිකාරයේ සේවා ඇගයීමට ලක් කෙරිණ. එම නිලධාරීන් හා සේවකයින් වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන් වෙත සහතික පත් ලබා දීම මෙන්ම පදක්කම් පැළදවීම ද මෙහිදී මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා අතින් සිදු කෙරිණ.
උත්සවයට එක්වූ මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර මහතා එහිදී ඔවුන්ගේ සේවය අගයමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉලක්ක ගත අරමුණුසපුරා ගැනීමේදී මහවැලි ජානපදික ජනතාව වෙනුවෙන් වූ සේවාවන් වලදී තමන් වෙත පැවැරුණ රාජකාරිය කටයුතු වගකීමෙන් , නොබියව, නොපැකිලව, විවිධ බාධක හා දුශ්කරතා මැද නොපිරිහෙළා මෙතෙක් ඉටු කරනු ලැබීම වෙනුවෙන් මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගේ සේවය මෙලෙස ඇගයීමට ලක් කෙරෙන බවයි.
මඩාටුගම මහවැලි කොට්ඨාස කළමනාකාරිණී ශාන්ති පද්මලතා මහත්මිය. ඇතුලු පිරිසක් විසින් එම වැඩසටහන සංවිධානය කර තිබිණ.

WhatsApp Image 2024-02-13 at 13.04.34 WhatsApp Image 2024-02-13 at 13.04.32 (1) WhatsApp Image 2024-02-13 at 13.04.32 WhatsApp Image 2024-02-13 at 13.04.33 (1) WhatsApp Image 2024-02-13 at 13.04.33 (2) WhatsApp Image 2024-02-13 at 13.04.33 (3) WhatsApp Image 2024-02-13 at 13.04.33 (4) WhatsApp Image 2024-02-13 at 13.04.33 (5) WhatsApp Image 2024-02-13 at 13.04.33 (6) WhatsApp Image 2024-02-13 at 13.04.33

24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉන්දියානු සංචාරකයින් සඳහා UPI ගෙවීම් පද්ධතිය මෙරටට හඳුන්වා දෙයි

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය වන UPI හරහා ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී මුදල් ගෙවීම් සිදුකිරීමේ හැකියාව අද (12) හඳුන්වා දී තිබෙනවා.

ඉන්දියානු UPI ගෙවීම් පද්ධතිය මඟින් බලගැන්වෙන PayTM සහ PhonePe වැනි ජනප්‍රිය ඉන්දියානු Payment Apps හරහා මෙරට වෙළඳුන්ට LankaQR ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව මෙමඟින් හිමිවන බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රමය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවද, එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවද විදේශ අමාත්‍ය අලි සබ්රි සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාර්ගගත සහභාගීත්වයෙන් අද පැවති උත්සවයකදී UPI ගෙවීම් පද්ධතිය මෙරටට හඳුන්වා දුන්නා.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක දෙකෙන් එකක් අක්‍රිය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසනවා.

මීට අමතරව මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 2 ක්ද අඩාල වී ඇතැයි ඔහු සඳහන් කරනවා.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකය තුළ රෝගීන් 8000 ක පමණ සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවයි වාර්තා වන්නේ.