ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව සෙනගල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය එළැඹෙන පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එරට වත්මන් ජනාධිපති මැකී සෝල් නියෝගයක් නිකුත් කරමින් එය දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබුණා.

ඒ සඳහා වන පනතක්ද එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ඇති බවත්, පක්ෂ අපේක්ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටලු හේතුවෙන් ජනාධිපතිවරණය කල් දමන බවටයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් මෙම තීරණය පාර්ශ්ව ගණනාවක් විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති අතර ඒ අනුව අදාළ ජනාධිපති නියෝගය සහ පාර්ලිමේන්තු පනත වහාම බල රහිත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අපේක්ෂිත පරිදි පෙබරවාරි 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත්, එය හැකි ඉක්මනින් සංවිධානය කළ යුතු බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීන්දු කර ඇත්තේ.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්ගේ ඡායාරූප හා
ඔවුන්ගේ විස්තර පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ සැකකරුවන් හඳුනන්නේ නම් හැකි ඉක්මනින් පහතින් ඇති දුරකථන අංක වලට දැනුම් ලෙස දෙන ලෙස පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම්
071 8591488 දුරකථන අංකයට හෝ 0718591497 දුරකථන අංකයට ලංගම පොලීසිය දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි

WhatsApp Image 2024-02-17 at 15.51.27 WhatsApp Image 2024-02-17 at 15.51.18 WhatsApp Image 2024-02-17 at 15.51.08

යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනී…….

යුක්ති මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම් වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් නො.333, හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි හඹරාදුව වල්ගමගේ රසික සම්පත් (අවු. 30) නැමැති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය 05g 425mg ක් සමගින් 2024.02.15 වන දින 1130 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් WhatsApp මගින් දැනුම්දෙන ස්ථානයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් අංක SG BAV – 9795 දරණ යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිද චතුරිකා සදමාලි (අවු.25) නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රු. 15,000/- බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

WhatsApp Image 2024-02-16 at 13.39.25 (1) WhatsApp Image 2024-02-16 at 13.39.25 WhatsApp Image 2024-02-16 at 13.39.24 (7) WhatsApp Image 2024-02-16 at 13.39.24 (6) WhatsApp Image 2024-02-16 at 13.39.24 (5) WhatsApp Image 2024-02-16 at 13.39.24 (4) WhatsApp Image 2024-02-16 at 13.39.24 (2) WhatsApp Image 2024-02-16 at 13.39.24 (3) WhatsApp Image 2024-02-16 at 13.39.24 (1) WhatsApp Image 2024-02-16 at 13.39.24 WhatsApp Image 2024-02-16 at 13.39.23 (1) WhatsApp Image 2024-02-16 at 13.39.23 (2) WhatsApp Image 2024-02-16 at 13.39.23

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද  පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති  ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි  මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු  මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ  යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු  කොමසාරිස් ජනරාල්,  භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024-02-16 at 11.16.19 (4) WhatsApp Image 2024-02-16 at 11.16.19 (3) WhatsApp Image 2024-02-16 at 11.16.19 (2) WhatsApp Image 2024-02-16 at 11.16.19 (1) WhatsApp Image 2024-02-16 at 11.16.19 WhatsApp Image 2024-02-16 at 11.16.18 (1) WhatsApp Image 2024-02-16 at 11.16.18 (2) WhatsApp Image 2024-02-16 at 11.16.18 (3) WhatsApp Image 2024-02-16 at 11.16.18 (4) WhatsApp Image 2024-02-16 at 11.16.18

2024.02.15 ආදරවන්තයන්ගේ දින රාත්‍රියේ යතුරු පැදියක් ධාවනය කර තරුණයා දුරකථන කනුවක ගැටී මියගොස් .

කලුතර උග්ගල්බඩ පෙලෙන්ගහකන්ද ප්‍රදේශයේ දී ආදරවන්තයන්ගේ දින (14) රාත්‍රි11 ට පමණ යතුරුපැදියක් දාවනය කරමින් සිටි විවාහක තරුණයකු දුරකථන කනුව ගැටී බරපතළ ලෙස තුවාල ලබා රොහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි කලුතර උතුර පොලිසියකියයි .

මෙසේ මියගොස් ඇත්තේ හේගල් කන්ද ගේ ගිහාන් මදුශන්ක ලක්මාල් (26) නැමැති තරුණ ව්වාහක අයෙකු බව පොලිසිය කියයි .

මියගිය තරුණයා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඔහු පදිංචි නිවසට මිටර් 100 ක පමණ දුරකදී සිදු වු අනතුරෙන් බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .
මියගිය තැනැත්තා මිතුරෙකුගේ නිවසට ගොස් ඔහුගේ මස්සිනා ගේ යතුරුපැදිය ඉල්ලා පැද යමින් සිටියදී මෙලෙස දුරකථන කනුවක ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කලහ.
මියගිය තැනැත්තාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී වැඩ බලන හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිත අතර කලුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් මත රථ වාහන අංශ පොලිස් සැරයන් සෙනවිරත්න මහතා පරීක්ෂණ සිදුකරයි .

ගල්පාත චන්දන පෙරේරා

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවී තිබෙනවා.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම එහිදී ආචාර්ය ටනකා අකිහිකෝගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ..

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65cdb399beee3pdf_page_0

රටින් පළාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු සිදු කරමින් ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

අද (15) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්ත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M  උදයකුමාර පවසා සිටිනවා.

සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත්, විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වැළකෙන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 19 ආරම්භ වෙයි

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.

මරදන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු හා රුසියානු යුවලක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.

 

අද(14) පස්වරුවේදී මරදන්කඩවල , ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු හා විදේශීක යුවලක් තුවාල ලබා රෝහල්ගත කල බව පොලිසිය කියයි.
අනුරාධපුර – නුවර ඒ 9 මාර්ගයේ මරදන්කඩවල වනමල්උයන ප්‍රදේශයේදී අනතුර සිදුව තිබිණ. පාර හරහා මාරුවීමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු හා විදේශීය ජාතික තරුණ යුවලක් ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්ව ඇති විදේශිකයින් මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති රුසියානු ජාතික තරුණ යුවලක් වන අතර, එම රුසියානු ජාතික තරුණ යුවල මහනුවර ප්‍රදේශයේ සිට යාපනය බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සිදු කළ පොලිස් විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
යතුරු පැදිය හා පාසැල් සිසුන් ගැටීමෙන් සිදුව ඇති මෙම අනතුරින් මාර්ගය හරහා ගමන් කිරීමට ගිය පාසැල් සිසුන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ. එසේම යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි රුසියානු ජාතික යුවල ද මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එලෙස තුවාල ලබා සිටි රුසියානු ජාතික තරුණ යුවල ද ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 1990 ගිලන්රථ සේවයේ සහය ඇතිව කඩිනමින් මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ළත් එම පාසැල් සිසුන් දෙදෙනා හා රුසියානු ජාතික තරුණ යුවළ මේ වන විට මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීන අතර ඔවුන්ගේ තත්ත්වය එතරම්ම බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව හා මරදන්කඩවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ මෙහෙයවීම යටතේ මරදන්කඩවල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි. .

24-02-14
කැකිරාව කුෂාන් ජයවර්ධන

_________