ETF, EPF කොල්ලයට සහ ​අසාධාරණ බදු වල​ට එරෙහිව විරෝධතාවක්

ETF, EPF කොල්ලයට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව අද (28) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

ඒ අනුව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

එම විරෝධතාවට අදාළව ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණා.

64ec81cf56d1a 64ec81cf4a134 64ec81cf3f0ea 64ec81cf35974

Online මූල්‍ය වංචා පිළිබඳ​ව මහ බැංකුවෙන් මහජනතාවට දැනුම්දීමක්

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වංචාකරුවන් විසින් විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරනු ලබන බවත් ඒවා නොරැවටෙන ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ

අදාළ නිවේදනය පහතින්.

Abstract background with a ripped paper design

64ec6d22ee9cc

Abstract background with a ripped paper design
Abstract background with a ripped paper design

වැල්ලම්පිටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී අද (28) දහවල් සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

64ec4191510d8

අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට සිට බැංකු හරහා මුදල් ලබාගත හැකියි – මුදල් රාජ්‍ය ඇමති

අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට (29) හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව පළමු අදියරේදී අස්වැසුම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව, ලක්ෂ 8 ක් වන අතර , ඊට අදාළ මුදල්, මහා භාණ්ඩාගාරයෙන් අද බැංකු වෙත ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මේ වන විට අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

කඳානේදී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක්

අද (28) උදෑසන කඳාන දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව ලොරියේ බඳ කොටසෙහි දුම්රිය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි සඳහන් වන්නේ.

ඩෙංගු රෝගීන් 61,000 සීමාව ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කෙසේවෙතත් ජනවාරි සිට ජුලි මාසය හා සංසන්දනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි එම ඒකකය සඳහන් කළේ.
ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණක් බවයි සඳහන් වන්නේ.
ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

බස් අනතුරකින් 13 දෙනෙකුට තුවාල

දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, වව්නියාව සිට කොළඹ බලා සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර – සජීවී විකාශය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 7.02 ට පෙරහැර දළදා වීථිය,  යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගමන් කර පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට දැනුම්දීමක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 2023-08-28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිත අතර මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.