ජනපති සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Dr. Qu Dongyu අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවී තිබෙනවා.

ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම තීරණාත්මක අවස්ථාවේ  ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික වී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65d330eb917d6pdf_page_0

සම්මානයක් පොලීසිය අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස් දෙපාර්තමේන්තුවේ මෑත කාලීන භාවිතයන්ට විරෝධය පළ කරමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතින් පාපැදි තරග සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාර විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසු පෙබරවාරි 15 වනදා ඔහු ස්ථිරව පදිංචි වැලිමඩ ප්‍රදේශයේ මාදෝවිට නම් ග්‍රාමය වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සෝදිසි කර, ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් තමා ගැන තොරතුරු ලබාගෙන ඇති බවද, ඔවුන් තමාගේ පසුබිම හා දේශපාලන අදහස් සම්බන්ධයෙන්ද විමසා ඇති බවයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් ඉංජිනේරු උපාධිදාරියෙකු සහ පරිගණක ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වන තමන්ගේ සාමකාමී පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කනස්සලට පත්ව ඇති බවද, එය තමාට මානසික වධහිංසාවක් බවද ඔහු සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.

ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ වෙළද සැලකින් අලෙවි කර තිබූ ඥාණකතාවක් මෙම සිද්දියට මුල්ව තිබේ.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පදිංචි ව වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පිහිටි වෙළද සැලකින් ඥාණකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබේ. ඒවුන් එය සිය නවතැන්පල වෙග රැගෙන ගොස් තේපානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම්ව තිබිණ. එම අවස්ථාවේ එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමුව තිබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමට පියවර ගෙන තිබිණ. මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පිහිටි එකක් වන අතර එම ඥාණකතා පැකට්ටුවේ ඛාණ්ඩ අංකය ලෙස 045 යනුවෙන් සදහන් වන අතර එහි නිෂ්පාදිත දිනය24 පෙබරවාරි 14 ලෙස සදහන්ව පවතින අතර කල් ඉකුත්වීමේ දිනය ලබන මැයි මස 29 ලෙස සදහන්ව තිබේ. (දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණීළි කිරීමත් සමග උරණ වි ඇති එම ඥාණකතා අලෙවි කළ බව කියන වෙළද සැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී තිබේ. ඒ එම වඩුකාර්මික ශිල්පියා හා සහයකයා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ ස්ථානයට සේවයේ යෙදී සිටියදී එම සේවා ස්ථානය වෙත කඩාවදිමින්ය..(දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අදාළ වෙළදසැල් හිමියාගේ පාර්ශවයෙන් තමන්ට එල්ලවූ මෙම පහර දීම සම්බන්ධයෙන් එම පහර කෑමට ලක්වූ වඩුකාර්මික ශිල්පියා හා ඔහුගේ සහයකයා විසින් ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ දෙදෙනා විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය වෙත කර ඇති පැමිණිල්ල සම්න්ධයෙන් අප එම කාර්යාලයෙන් විමසීමක් කලේම. එහිදී ඊට පිළීතුරු දුන් උසස් නිලධාරියකු කියා සිටියේ මිනිස් පරිභෝජනයට නුසුදුසු එම ආහාර අලෙවිය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් ආහාර පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි. මින් පෙරද ආහාර පනත උල්ංඝනය කිරීම සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදන ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ආහර පනත උල්ලංගනය කර ඇති එම විත්තිකාර පාර්ශවය විසින් පැමිණීලි කරුවන්ට සිදුකර ඇති පහර දීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ එම පැමිණිලිකරුවන් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-02-19 at 18.53.03 (1) WhatsApp Image 2024-02-19 at 18.53.03 (2) WhatsApp Image 2024-02-19 at 18.53.03 (3) WhatsApp Image 2024-02-19 at 18.53.03 (4) WhatsApp Image 2024-02-19 at 18.53.03 (5) WhatsApp Image 2024-02-19 at 18.53.03 WhatsApp Image 2024-02-19 at 18.53.04 (1) WhatsApp Image 2024-02-19 at 18.53.04 (2) WhatsApp Image 2024-02-19 at 18.53.04 (3) WhatsApp Image 2024-02-19 at 18.53.04 (4) WhatsApp Image 2024-02-19 at 18.53.04 WhatsApp Image 2024-02-19 at 18.53.05 (1) WhatsApp Image 2024-02-19 at 18.53.05 (2) WhatsApp Image 2024-02-19 at 18.53.05

24-02-19
කැකිරාව කුෂාන් ජයවර්ධන

 

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්

 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.

WhatsApp Image 2024-02-19 at 13.04.49 WhatsApp Image 2024-02-19 at 13.04.38

වගා ලිදක වැටි සිටි වන අලි පැටවකුට වනජීවී පිහිට.

මරදන්කඩවල පල්ලෙකාගම ප්‍රදේශය වගා බිමක තිබූ, අනාරක්ෂීත වගා ලිදකට වැටී සිටිවන අලි පැටවකු නිරුපද්‍රිතව ඉන් ගොඩ ගෙන යළි වනයට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද (18) කටයුතු කළහ.
එම වන අලි පැටවා වගා ළීදට වැටී සිටිනු දැක ඇති ප්‍රෙද්ශවාසීන් ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ප්‍රෙද්ශවාසීණ්ගෙන් ලත් දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම අලිපැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදි.
මෙලෙස අනාරක්ෂිත වගා ළීදට වැටී සිටි වන අලි පැටවා වයස අවුරුදු 5 ක පමණ වූ එකෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට පෙරදින රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන වන අලි රංචුවක සිටි වන අලි පැටවකු බවට වනජීවි නිලධාරීහු අනුමාන කරති. .
ප්‍රෙද්ශවාසීන්ගේ ද සහය ද ඇති ව වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක කළ පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ළිදට වැටී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියවිය. ප්‍රෙද්ශවාසීන්ගේ සහය ඇතිව එම වගා ලිදේ ඉවුර මතින් විශේෂ මාර්ගයක් සකසා කඹ යොදා ගනිමින් ළීදේ වැටී සිටි වන අලි පැටවා ගොඩ ගැනීමට වනජීවි නිලධාරීහු සමත්වූහ.
මෙලෙස නිරුපද්‍රිතව ළිදෙන් ගොඩට ගත් එම වන අලි පැටවා පසුව එම පැටවාගේ මව් කෙනෙර ගැවසෙන බව කියන පල්ලෙකාගම වැව් රක්ෂිතයට ආරක්ෂීතව පලවාහැරීමට වනජීවී නිලදාරීහු කටයුතු කළහ.
ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා එම කාර්යාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් මෙන්ම පල්ලේකාගම ප්‍රෙද්ශවාසීහු පිරිසක් අලි පැටවා මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.

WhatsApp Image 2024-02-18 at 20.28.52 (1) WhatsApp Image 2024-02-18 at 20.28.52 (2) WhatsApp Image 2024-02-18 at 20.28.52 (3) WhatsApp Image 2024-02-18 at 20.28.52 (4) WhatsApp Image 2024-02-18 at 20.28.52 (5) WhatsApp Image 2024-02-18 at 20.28.52 (6) WhatsApp Image 2024-02-18 at 20.28.52 WhatsApp Image 2024-02-18 at 20.28.53 (1) WhatsApp Image 2024-02-18 at 20.28.53 (2) WhatsApp Image 2024-02-18 at 20.28.53 (3) WhatsApp Image 2024-02-18 at 20.28.53

24-02-18
කැකිරාව කුෂාන් ජයවර්ධන

සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔහු විසින් සිදුකළ ප්‍රකාශවලට ඔහුව පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කර තිබුණා.

අන්තර්ජාලයේ සංසරණය වන කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

අන්තර්ජාලයේ සංසරණය වන 2024 වසරේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රය ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කොරියානු රජය විසින් ද එය නිල වශයෙන් තහවුරු කර ඇති බවයි එම කාර්යංශය අවධාරණය කරන්නේ.

මේ හේතුවෙන් ව්‍යාජ අන්තර්ජාල දත්ත පත්‍රිකා වෙත තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

 

රටපුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තියේ මෙහෙයුම පොලිස් ක්‍රියාන්විතයට සමගාමිව පොදු ප්‍රවාහන සේවාවන් අරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර සිදුවන ලිංගික පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් බස් රථ සඳහා යොදවා සිටි උපායදූතිකාවට ලිංගික හිරිහැර කළ පුද්ගලයෙකු පසුගිය අත්තඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය ,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි  මේ වන විට පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු බවද එතම අනාවරණය කරයි ,

තවද මෙලෙස පොලිසිය මගින් යෙදවූ උපාය දූතිකාවට අතවර කර ඇත්තේ නුවරඑළිය සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයක් තුළය ,

නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළියේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් එළඹෙන (22) දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළියේ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කළ බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය ,

ළමා හා කාන්තා ඉන්සලයන් මැඩලීම වෙනුවෙන් දියත් කරනු ලබන මෙහෙයුමේදී උපායදූතිකාවක් ලෙස යෙදවූ තරුණියෙකුටම මෙලෙස බස්රථ තුළ අතවර කිරීමට උත්සාහ දැරීම තුල නිගමනය කළ හැක්කේ බස් රථ තුළ ළමුන්ට හා කාන්තාවන්ට බහුල ලෙස ලිංගික අතවරයන් සිදුවන බවය එබැවින් ඉදිරියේදී නුවරඑළිය දාන බස් නැවතුම්පොලේ සිට ගමන් අරඹන සියලුම බස් රථ තුළ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ දැඩි ලෙස සොයා බැලීමට සහ ඒ සඳහා සම්බන්ධ වන වැරදිකරුවන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හිට්ටිආරච්චි මහතා පැවසීය.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය BMICH හිදී THE WEDDING SHOW

වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය BMICH හිදී THE WEDDING SHOW 2024 16.02.2024 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 250 අධික ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්වේ. මෙය 17 වෙනි වරට සංවිධානය කර තිබිණි.

WhatsApp Image 2024-02-17 at 21.05.47 (1) WhatsApp Image 2024-02-17 at 21.05.47 WhatsApp Image 2024-02-17 at 21.05.48 (1) WhatsApp Image 2024-02-17 at 21.05.48 (2) WhatsApp Image 2024-02-17 at 21.05.48

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලබාදෙයි

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අවසර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

ඊයේ (15)  එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.