ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙන්ම ටෙස්ට්, එක්දින සහ T20 තරග රටා තුනේම නායකයින් සහභාගී වී තිබෙනවා.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක්වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

24-02-27
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

============

කැකිරාව මහ ඇලගමුව ප්‍රදේශයේදී පාපැදියක් හි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 60 හැවිරිදි දෙදෙරු පියෙකු මිය ගොස් තිබේ.
මලස මිය ගොස් ඇත්තේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කළ ආයතන සංවර්ධන නිලධාරියකු වන අතර ඔහු කැකිරාව මහඇලගමුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි. 60 හැවිරිදි ඔහු දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය මහවැලි නිලධාරියා පාපැදියකින් ගමන්කරමින් සිටියදී මාර්ගයේ ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැණ ඔහු ගමන් ගත් පා පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය ගැ⁣ටීමෙන් පාපැදියේ ගමන්ගත් මහැවැලි නිලධාරියා අදාළ පාපැදිය සමග මීටර් කිහිපයක් දුරට විසිවී වැටී සිට ඇති බව පොලිසිය කියයි . අනතරෙන් එම මහවැලි නිලධාරිටා ගමන්ගත් පාපැදිය ද දෙකට කැඩි ඇති බව පොලිසිය කියයි.
පාපැදියේ ගැටුනු මෝටර් රථය ද අනතුරත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගෙවත්තකට කඩා වැදී තිබිණ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර එම කිසිවකුටත් අනතුරින් හානි සිදුව නොමැති බව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි පා පැදිකරු ප්‍රතිකාර සදහා කඩිනමින් කැකිරාව දිසා රෝහල වෙත ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බවත්, බරපතල තත්වයේ සිටි ඔහු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙලස මියගොස් ඇත්තේ ඔහු මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අනියුක්තව ආයතන සංවර්ධන නිලධාරියකු ලෙස රාජකාරී කළ දිසානායක මුදියන්සේලාගේ ජයන්ත දිසානායක නමැති අයෙකි. මිය ගිය දිසානායක මහතා මහ ඇලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක් වන දෙදරු පියෙකි. මිය දිසානායක මහතාගේ මහවැලි අධිකාරියේ කීර්තිමත් සේවකයකු වූ අතර ඔහුගේ සේවාව ඉකුත් දා හුරුළුවැව මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගේ ඇගයීමට ද ලක්ව තිබිණ.
මහවැලි නිලධාරියයකුට දිවි අහිමි කරමින් සිදුවූ මෙම අනතුර මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් සිදුවන්නට ඇති බව පොලිසිය අනුමාන කරයි. අනතුරින් එම මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇති අතර, ඉදිරි විමර්ශණ කටයුතු සදහා එම අනතුරට සම්බන්ධ මෝටර් රථය හා එහි රියදුරු ද , පා පැදිය ද කැකිරාව පොලිස් රථවාහන අංශය භාරයට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට පත් මෝටර් රථ රියදුරු ඇඹිලිපිටිය මුරුතවෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන 36918- බණ්ඩාරනායක, 57317- ෂර්ලි ඇතුළු නිලධාරීහු පිරිසක් එම අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරති.
මිය ගිය මහවැලි නිලධාරීයාගේ මෘත දේශය කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථයේ රියදුරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.

WhatsApp Image 2024-02-28 at 15.56.59 (1) WhatsApp Image 2024-02-28 at 15.56.59 (2) WhatsApp Image 2024-02-28 at 15.56.59 (3) WhatsApp Image 2024-02-28 at 15.56.59 (4) WhatsApp Image 2024-02-28 at 15.56.59 (5) WhatsApp Image 2024-02-28 at 15.56.59 WhatsApp Image 2024-02-28 at 15.57.00 (1) WhatsApp Image 2024-02-28 at 15.57.00 (2) WhatsApp Image 2024-02-28 at 15.57.00 (3) WhatsApp Image 2024-02-28 at 15.57.00 (4) WhatsApp Image 2024-02-28 at 15.57.00

රථවාහන රාජකාරිවයන් ඉවත් කර ගයාන්ව නාරම්මලට මාරුකර සාමාන්‍ය රාජකාරියට දමයි. පොලිසියේ කවුරුත් ඔහු හදුනන්නේ ලොකුරහළහාමි කියු සැනින්ය.ලොකු රහළහාමි පොඩි තැනකින් ආබව දැන් ඔහුට අමතකවී ගොසිණි.කුඩා කාලයේ සිටි ලැයිම පවා ඔහුට දැන් අමතකය.එකට දුව පැන ඇවිද ගිය යාලු මිතුරන් දැක්කත් නොදැක්කාකාසේ යන්නේ හිතින් මවා ගත් මහන්තත්ත කමෙන් ඔලුව උදුම්මාගෙනය. ලොකුරළහාමි පසුගියදා රුසියාවෙි සංචාරයකට සහභාගිවිමට ගුවන්යානය ලබා ගැනිමට ගියේ ඩිපෙන්ඩර් රථයෙනි. එය පොලිසියේ නිත්‍යානුකූලව ලබාදී ඇති වාහනය වුත් එහි බැලුබැල්මට පොලිසියේ වාහනයක් බව රාත්‍රියට හදුනා ගැනිමට අපහසුය.වාහනය ගිරිඋල්ල පොලිස් වසමේදී අධික වෙිගයෙන් ඉදිරියට ඇදි එනවිට වාහාම රථය නතර කරන ලෙසට මාර්ගයේ වාහන පරික්ෂා කරමින් සිටිගිරිඋල්ල රථවාහන නිළධාරි ගයාන් කටයුතු කළේය.පසුව දැක ගැනිමට හැකිවුයේ රථයේ සිටින්නේ තම බලප්‍රදේශය භාර ලොකු රාළහාමි බවයි. වහාම ආචාර කළ රථවාහන නිළධාරියා රථයට ඉදිරියට යාමට ඉඩ සැලසුණි. ගතවුයේ නිමෙිශයකි.සිය දුරකථනයට ආ ඇමතුමෙන් කියවුයේ ලොකුරාළහාමිගේ අනින් ගයාන්ව රථවාහන රාජකාරියෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරියට අනුයුක්ත කළ බවයි. අවසානයේ තමන් හැදෑරු රථවාහන පාඨමාලව අනුව ලැබුණු රථවාහන පොලිසියේ රාජකාරි වෙනුවට සාමාන්‍ය රාජකාරි කටයුතු ටික දිනක් සිදු කරමින් සිටින විට යළිත් ඔහු රථවාහන රාජකාරි සදහා යොමුකිරිමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එම අංශයේ පවතින නිළධාරි හිගය නිසාවෙනි.කෙසේ වෙතත් මෙම සිද්ධිය දැනගත් ලොකුරාළහාමි නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගයාන්ව නාරම්මල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුකරන පණිවිඩයයි.

රථවාහන රාජකාරිවයන් ඉවත් කර ගයාන්ව නාරම්මලට මාරුකර සාමාන්‍ය රාජකාරියට දමයි.

පොලිසියේ කවුරුත්  ඔහු හදුනන්නේ ලොකුරහළහාමි කියු සැනින්ය.ලොකු රහළහාමි පොඩි තැනකින් ආබව දැන් ඔහුට අමතකවී ගොසිණි.කුඩා කාලයේ සිටි ලැයිම පවා ඔහුට දැන් අමතකය.එකට දුව පැන ඇවිද ගිය යාලු මිතුරන් දැක්කත් නොදැක්කාකාසේ යන්නේ හිතින් මවා ගත් මහන්තත්ත කමෙන් ඔලුව උදුම්මාගෙනය.

ලොකුරළහාමි පසුගියදා රුසියාවෙි සංචාරයකට සහභාගිවිමට ගුවන්යානය ලබා ගැනිමට ගියේ ඩිපෙන්ඩර් රථයෙනි. එය පොලිසියේ නිත්‍යානුකූලව ලබාදී ඇති වාහනය වුත් එහි බැලුබැල්මට පොලිසියේ වාහනයක් බව රාත්‍රියට හදුනා ගැනිමට අපහසුය.වාහනය ගිරිඋල්ල පොලිස් වසමේදී  අධික වෙිගයෙන් ඉදිරියට ඇදි එනවිට වාහාම රථය නතර කරන ලෙසට මාර්ගයේ වාහන පරික්ෂා කරමින් සිටිගිරිඋල්ල  රථවාහන නිළධාරි ගයාන් කටයුතු කළේය.පසුව දැක ගැනිමට හැකිවුයේ රථයේ සිටින්නේ තම බලප්‍රදේශය භාර ලොකු රාළහාමි බවයි. වහාම ආචාර කළ රථවාහන නිළධාරියා රථයට ඉදිරියට යාමට ඉඩ සැලසුණි.

ගතවුයේ නිමෙිශයකි.සිය දුරකථනයට ආ ඇමතුමෙන් කියවුයේ ලොකුරාළහාමිගේ අනින් ගයාන්ව රථවාහන රාජකාරියෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරියට අනුයුක්ත කළ බවයි.

අවසානයේ තමන්  හැදෑරු රථවාහන පාඨමාලව අනුව ලැබුණු රථවාහන පොලිසියේ  රාජකාරි වෙනුවට සාමාන්‍ය  රාජකාරි කටයුතු ටික දිනක් සිදු කරමින් සිටින විට යළිත් ඔහු රථවාහන රාජකාරි සදහා යොමුකිරිමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එම අංශයේ පවතින නිළධාරි හිගය නිසාවෙනි.කෙසේ වෙතත් මෙම සිද්ධිය දැනගත් ලොකුරාළහාමි නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගයාන්ව නාරම්මල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුකරන පණිවිඩයයි.

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

මහබාගේ ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.28 වන දින සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නැමැත්තාගේ මෙහෙය විමෙන් 2024.02.21 වන දින මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කල පුද්ගලයා සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද විශ්වාසදායි බුද්ධි තොරතුරක් මත 2024.02.28 වන දින අලුයම් කාලයේ එම ස්ථානය ක්ෂණිකව වටලා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිණී අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිළධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කල අවස්ථාවේ එම වෙඩි ප්‍ර‍හාරය හමුවේ වෙඩි වැදුණු තුවාලකරු සුරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇත. විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර නිලධාරියා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සැකකරු 2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම, 2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී යන සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් මරණකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම, සහ ආසන්නම සිදුවීම වන මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවිම් වලදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් රෙජිමේන්තු අංකය – සෙ/412530 ලෙස සේවය කර 2024/01/15 වන දින විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය විය. වැඩිදුර විමර්ශන කටයුතු සුරියවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.
තවද මෙම පුද්ගලයා දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයකු බවත් මොහු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිණි අවියක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇත.

තරුණ තරුණියන් වෙනුවෙන් මනෝ සමාජීය උපදේශන වැඩසටහනක් නුවරඑළියේ දී.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තරුණ තරුණියන් වෙනුවෙන් මනෝ සමාජීය උපදේශන වැඩසටහනක් නුවරඑළියේ දී.
තරුණ නායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මනෝ සමාජීය උපදේශන වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ..
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඥානම් පදනම එක්ව සංවිධානය කල මෙම වැඩසටහ සදහා තරුණ තරුණියන් 300කට ආසන්න පිරිසක් සහභාගී විය ,
සමාජයේ පවතින විවිධ ගැටළු වලට තරුණ නායකයින් ලෙසට තමන් වෙනස්විය යුත්තේ කෙසේද යන්න පිලිබද දේශනයක් ශ්‍රීලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමයේ සහකාර අධ්‍යක්ෂක පී.ශිවකුමාර් මහතා විසින් සිදුකල අතර තරුණ තරුණියන් ලෙස තම ජීවන ඉලක්ක සකස් කර ගනිමින් වෘත්තීයකට යොමුවීම සදහා මනස ශක්තිමත් කරගන්නා ආකාරය සහ ගැලපෙන වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගැනීම සම්බන්ධ දේශනයක් දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී රසිකා අරුන්දතී ජයසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.
මෙම අවස්තාවට ඥානම් පදනම නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර සම්බන්ධීකාරක චයිතන්‍ය මහතා, දිස්ත්‍රික් කලමණාකාර ආර්.ශ්‍රීදරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම්.එන් යූසුෆ් මහතා,නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලංග මංජු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදි.

WhatsApp Image 2024-02-27 at 17.36.52 (1) WhatsApp Image 2024-02-27 at 17.36.52 WhatsApp Image 2024-02-27 at 17.36.54 (1) WhatsApp Image 2024-02-27 at 17.36.54 (2) WhatsApp Image 2024-02-27 at 17.36.54 (3) WhatsApp Image 2024-02-27 at 17.36.54

පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ගිණි අවියකින් හෝටලය දෙසට වෙඩි උණ්ඩ 08 ක් පමණ තබා පිටව ගොස් ඇත.

2024.02.27 වන දින පැය 05:30 ට වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත පිහිටි ශිරාන් බාෂික් යන අයට අයත් පර්ල් බීච් හෝටලය අසලට පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ගිණි අවියකින් හෝටලය දෙසට වෙඩි උණ්ඩ 08 ක් පමණ තබා පිටව ගොස් ඇත. වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර හෝටලයේ තාප්පයට සහ සවි කර ඇති කැනපියකට වෙඩි උණ්ඩ 02 ක් වැදී ඇති බවට සලකුණු ඇත.

WhatsApp Image 2024-02-27 at 10.57.41 (1) WhatsApp Image 2024-02-27 at 10.57.41 (2) WhatsApp Image 2024-02-27 at 10.57.41 WhatsApp Image 2024-02-27 at 10.57.42

බහු දින ධීවර යාත්‍රාවකින් බේරුවල වරායේන් දියඹට ගමන් කරමින් සිටියදී මුහුදට වැටී පුද්ගලයෙකු අතුරුදන් .

26 වන දින උදෑසන 10.00 ට පමණ බේරුවල පොලිස් ස්ථානය ව‍ෙත න‍ෙ : 402, ගාලු පාර, මහගොඩ, බේරුවල ලිපිනයේ පදිංචි තයාගරාජා නිශාන්ත යන අය පැමිණිල්ලක් සිදු කරමින් කියාසිටියේ IMUL-A 2056 GLE (හරිනි දුව 01) දරන ධීවර යාත්‍රාව ගොඩ බිම සිට අවශ්‍ය පහසුකම් සමග දියඹ බලා 25 රාත්‍රි 1900 ට පමණ බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙහි රැකියා කටයුතු සඳහා නියමු පැදිකරු ඇතුළු 06 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පිටව ගොස් ඇති බවත් මෙම ධීවර යාත්‍රාවේ නියමු පැදිකරුවිසින් පැය 2100 ට පමණ පැමිණිලිකරුට දුරකථනයෙන් කතා කර ඔවුන් සමග ධීවර කටයුතු සඳහා පැමිණි රසික ඩිලාන් යන අය යාත්‍රාවෙන් මුහුදට වැටී ඇති බවත් ඒ අවට මුහුදේ සොයා බැලූ අතර ඔහු හමු නොවුනු බවට දන්වා ඇති අතර මේ බව දන්වා පැමිණිලිකරු විසින් බේරුවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම අතුරුදන් තැනැත්තා,

රන්මුතු රසික ඩිලාන් (34) බුළුගහවත්ත, අම්පෙ, බලපිටිය. ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර මොහු සමග ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාව ඒ අවට ප්‍රදේශය සෝදිසි කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බේරුවල පොලිස් ස්ථානය මගින් වෙරලාරක්ශක නිලධාරීන් ගේ සහයෙන් සිදු කරන බවයි.
බේරුවල පොලිසිය පරීක්ෂණ සිදුකරයි .

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණකට වෑටී අභිරහස් ලෙස මියගොස් තිබියදී හමුවූ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම හමුදා නිළධාරීන් හතර දෙනකු (26) දා අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය පවසයි.

හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණකට වෑටී

අභිරහස් ලෙස මියගොස් තිබියදී හමුවූ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම හමුදා නිළධාරීන් හතර දෙනකු (26) දා අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කඳවුරේ සේවය කරන ඔහුගේ මිතුරන් සිව් දෙනෙකි.
ඔවුන් ද ක්‍රීඩා උපදේශවරු වශයෙන් එම කඳවුරේම සේවයේ යෙදී සිටිය අයවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවු (31) පාතමුල්ල බලපිටිය, අවු 29 අම්තිරිගල උතුර, අමිතිරිගල, අවු (33) දික්වැල්ල, අවු. (33) දිවිවිද්දාගම ,නවමැදගම, දෙහිඅත්තකන්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර
මියගොස් ඇත්තේ තෙලුල්ල ජනපදය, ඇතිලි වැව පදිංචි තරිඳු ලක්ෂාන් නැමති (24) හැවිරිදි ශාරීරික අභ්‍යාස පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නිලධාරියෙකි.
මෙම සෙබලා පසුගියජනවාරි (27) දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු සමග රාත්‍රියේ වෙනත් සෙබලෙකු ගේ කාමරයක තුල මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එය අවසන් වීමෙන් පසු තරගකාරී ලෙස වැවේ එහා කෙළවරේ සිට මෙහා කෙලවරට පීනීමට මියගිය පුද්ගලයා යෝජනා කර ඇති අතර අනිත් පිරිස බලා සිටියදී ඔහු වැවට බැස පීනා ඇති බව අනාවරණය වී තිබේ.
ඉන්පසු ඔහු වැවේ එහා කෙළවර සිට පීනා ගෙන පැමිණ ඇති අතර ටික දුරක් එන විට ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
ඉන් පසු 28 වන දින උදැසන සෙබළුන්ට ශරීරික අභ්‍යාස පුහුණු කිරීමට ඔහු නොපැමිණි නිසා උසස් නිලධාරීන් විසින් සොයා බැලීමට කටයුතු කර තිබිණ.
එතැන් සිට ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොවුණු අතර මෙම සියළු දෙනා ඒ බව නොපවසා සිට ඇ. 29 වෙන දින වැවේ ඔහුගේ සිරුර තිබෙන බව දැක අඟුරුවාතොට පොලිසියට දැනුම් දී විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහු අතුරුදන් වූ දින රාත්‍රියේ ඔහුගේ පියාට ජංගම දුරකථනයෙන් කතාකර
කෙඳිරිගාමින් තාත්තේ තාත්තේ යැයි පවසා ඇති අතර ඉන්පසු සිට දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවූ බව ඔවුන් පැවසූ අතර ඔහුගේ ජංගම දුරකථනය අස්ථාන වී තිබීම විශාල අභිරහසක් වී තිබිණ. පසුව
මෙම සෙබළුන් එය විසි කර ඇති බව අනාවරණය වී තිබේ.
ඔහු අතුරුදන් වූ දින රාත්‍රියේ
ඔහු සමග එකට සිටි, අත්අඩංගුවට ගත් සෙබළුන් සිව් දෙනාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇතත් ඔවුන්
පවසා ඇත්තේ සත්‍ය තොරතුරු නොවන බව පොලිසිය පවසයි.
සෙබලාගේ මව ඇතුළු ඥාතීන් ඔහුගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ප්‍රකාශ කර සිටි අතර හොරණ දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විවෘත තීන්දුවක් ලබා දී තිබූ අතර එය කොටස් රස පරීක්ෂක වෙත යවා ඇත.
මෙම සිව් දෙනා මෙතෙක් දිනක් යුද හමුදා පොලිසිය භාරයේ දොඹගොඩ යුද හමුදා කඳවුර තුළ රඳවා තබාගෙන සිට ඇත.
මෙම සෙබළුන් සිව් දෙනා යුධ හමුදා පොලිසියට හා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ පරස්පර විරෝධී බැවින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අඟුරුවාතොට
පොලිසිය විසින් මොවුන් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය සෙබලාගේ ජංගම දුරකථනය මේ දක්වා සොයා ගෙන නැති අතර එය සොයා ගැනීමට දුරකථන කුළුණු වාර්තා ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඔබට පොලිස් පරීක්ෂක එස්. ඩී. ඒ. විමලසේන ඇතුළු නිලධාරීන්ගේගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරින.

ගල්පාත චන්දන පෙරේරා

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාල සංකීර්ණය ඉදිරිපිටට රැස්වූ එම රැකියා විරහිත උපාධීධාරීහු අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ කලහ. මෙලෙස විරෝධතාවයේ නිරත වනුයේ වයස අවුරුදු 25-45ත් අතර පසුවන උපාධීධාරීන් පිරිසකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධීධාරීන් 100ක පමණ පිරිසක් මේ වනවිට එම විරෝධතාවයට එක්ව සිටිති.
උපාධිය සම්පූර්ණකර වසර කිහිපයක් ගත වුවද තමන්ට මෙතෙක් නිසි රැකියාවක් ලබා දීමට රජය කටයුතු නොකළ බව පවසන ඔවුන්, රැකියා විරහිත උපාධීධාරීන් වන තමන්ට වහාම රැකියා ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
ඡායාරූප
60 විරෝධතාවයේ අවස්ථා.

WhatsApp Image 2024-02-26 at 14.05.16 (1) WhatsApp Image 2024-02-26 at 14.05.16 (2) WhatsApp Image 2024-02-26 at 14.05.16 (3) WhatsApp Image 2024-02-26 at 14.05.16

24-02-26
කැකිරාව කුෂාන් ජයවර්ධන

පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග අනුරාධපුර පොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග අනුරාධපුර පොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම පොලිස් කොස්තාපල්වරයා මිහින්තලය රුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 30 හැවිරිදි අයෙකි.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

24-02-26
කැකිරාව කුෂාන් ජයවර්ධන