නුවරඑළිය සතොසෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට ලබා දෙන පෝෂන මල්ලේ බඩු ගන්නවනම් සතොසෙන් දෙන කුණු ගොඩකුත් ගන්න එක අනිවාර්‍යයි .

***                                                                                                     04.03.2024                                                                     ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

 

නුවරඑළිය සතොසෙන් පෝෂන මල්ලේ බඩු ගන්නවනම් සතොසෙන් දෙන කුණු ගොඩකුත් ගන්න එක අනිවාර්‍යයි .

රජයෙන් ගර්භනී මව්වරුන්ට හා අඩු ආදායම් ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂන මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොට ශාඛාවට යන මව්වරුන්ට තැලී පොඩිවී භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව ගර්භනී මව්වරුන් හා ඔහු නියෝජනය කරමින් භාණ්ඩ ලබා ගැනීමට යන අයවලුන් චෝදනා නගති ,

මෙම චෝදනාව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් අප කළ විමසමකට ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා වගකිවයුතු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද කීය ,

ගර්භනී මව්වරුන්ට සහ අඩු ආදායම්ලාභී කිරිදෙන මවුවරුන් සඳහා රජයෙන් පෝෂණ මල්ලක් ලබාදෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඕනතාවයන් සපුරන්න එම වව්චරයින් ලබා ගන්න පුළුවන් වන්නේ පෝෂණයට අවශ්‍ය කරන බඩු බාහිරාදිය පමණයි ,

මහජනතාව චෝදනා නගන ආකාරයට සතොසින් බිස්කට් ලබාදීම සපුරා වැරදියි එහෙම තිබියදී බලහත්කාරයෙන් මේ ගන්නම ඕන කියලා ලබා දෙනවා නම් එය ව්‍යාපෘතියයේ නීතියට පටහැනි කරුණක් මේ ගැන කඩිනමින් සොයා බලලා ඩිසි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා යනුවෙන් එතම පැවසීය.

නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරුණු බවයි සඳහන් වෙන්නේ.

මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් සහ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායකගේ සහභාගීත්වයෙන් සිදුවී තිබෙනවා.

ප්ලේන්ටී, කිරිතේ, කොත්තු, රයිස් මිල අද සිට ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (03) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටී එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම පැකට්ටුවක මිල 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේ.

කොත්තු හා රයිස් ඇතුළු ආහාර මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් නීති මය ක්‍රියා මාර්ග

24-03-03
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඊයේ මධ්‍යම රාත්‍රිෙය් සිට කොත්තු හා රයිස් ඇතුළු ආහාර මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් නීති මය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික පාරිභෝගික පෙරමුනේ නායක අසේල සම්පත් පවසයි.
අමුදුව්‍ය වල මිල නොවෙනස්වව තිබියදී මෙලෙස ආහාර මිළ වැඩි කිීඹට ආපනාශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට ඊයේ එම සංගමයේ නියෝජිතයින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ආහාර මිළ මෙලෙස අත්තනෝමතික ලෙසවැඩි කිරීමට ජාතික පාරිභෝගික පෙරමුණ දැඩි ලෙස විරුද්ධ වන බවද කිසියම් අදිසි හස්ථයක් මේ පසුපස ඇති බවත් ආපනාශාලි හිමියන්ගේ මෙම ආහාර මිල වැඩි කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් හා ඒ පසුපස ඇති අදිසි හස්ථයන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවද ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසයි.
මේ සම්බන්ධයෙන් අසේල සම්පත් දැක්වූ අදහ්ස් එවා ඇති

නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
03.03.2024

නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.
නුවරඑළිය නාගරික සීමාව තුල ආහාර හා පාන පරිහරණ කරන හෝටල් අවල්හල් හා ආයතනවල සියලුම සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම මෙම දින කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මගින් පසුගිය 01 දින සිට මෙම සතිය පුරාවට සිදුකරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි ,
එළැඹෙන අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් නුවරඑළිය නගරයට පැමිණෙන බැවින් ඔහුන් සියලු දෙනාගේ ආහාර පරිභෝජනයේ ආරක්ෂාව වෙනුවෙන් සැලමනෙල්ලා ආසාදන වැළැක්වීම සහ ආහාරපාන මගින් බෝවන ටයිපොයිඩ් උණ ආසාදනය නොවීමට පෙර සූදානමක් වශයෙන් මෙම එන්නට ලබා දීමට කටයුතු කරන බවද එතම පැවසීය ,
මෙම එන්නත නුවරඑළිය නගර සීමාව තුළ ක්‍රියාත්මක වන හෝටල් ආපනශාලා ආහාර නිෂ්පාදනාගාර රාජ්‍ය හා පෞද්ගලික අංශ නිවාඩු නිකේතන යානාදියේ මුලුතැන්ගෙයි සේවක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන්නන් හට මෙම එන්නට ලබාදීමට මෙම සතිය තුළත් කටයුතු කරන අතර එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් සියලු දෙනා නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයට පැමිණ එන්නත් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසීය .
FILE NAME – SPECIAL VACCINES FOR NUWARAELIYA

බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පහළට ඇදී ගොස් ඇත

අද දින පාන්දර මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අධික ලෙස වේගය වැඩි වී පහළට ඇදී ගොස් ඇත. මෙහිදී එම බස් රථයෙ රියදුරු විසින් ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදා බස් රථය ඇල්ල දෙසට ගමන් කරවා මගීන්ගෙ ජීවිත බේරා ගත්හ.
කඩුගන්නාව ජයන්ත ඒකනායක.

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 33%ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 36% ක් දක්වා වැඩි වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් මාසයේදී ලබාගෙන තිබූ 9% ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 7% ක් දක්වා අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා දෙසැම්බර් මාසයේ ලබාගෙන තිබූ 8% ක ප්‍රතිශතය ද ජනවාරි මාසයේදී 7% දක්වා අඩු වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

2023 දෙසැම්බර් මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

2024 ජනවාරි මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

65e2b74f7f35e 65e2b74f40afb 65e2b74eb050e

බිත්තර සඳහා නැවතත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට උපදෙස්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවිර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් 30 ක් පමණ වුවත් මේ වනවිට වෙළෙඳපලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

අවුරුදු මාසය තුළ හිඟයකින් තොරව බිත්තර සැපයීම කෙරෙහි රජය අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත් අඩංගුවට ගත් ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කර තිබූ අතර අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි .

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.01 වන දින ඇතිමලේ පොලිස් වසමේ නරියාය, සම්පත්යාය වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී වෙඩි තබා මරණ ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවක් අධාරයෙන් කපා සඟවාගෙන සිටි මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටියාගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත.

WhatsApp Image 2024-03-02 at 08.13.20 WhatsApp Image 2024-03-02 at 08.13.11