මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.
2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.
ඊට සමගාමීව අද දින එනම් 2024.03.13 දින සමගි වනිතා බලවේගයේ සංකල්පයක් ලෙස සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට, බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන් අදාල නිර්නායකයන්ට යටත්ව පොදු සමාව ලබාදී නිදහස් කිරීම පිළිබඳව යෝජනාවක් ගරු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා වෙත ලිඛිතව ලබා දුන්නා.
මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.
කෙසේ නමුත් හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පස්වරු 7.00 ට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ ද වාර්තා වී ඇති අතර, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් 775 ක් 2023 වසරේ වාර්තා වී තිබෙනවා.
බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .
නානුඔය පොලිස් බල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබූ (වයස අවු :52) හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
මෙම තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2014.03.13) දින ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ ෆාරුක් මොහොමඩ් සාලිඩ් නැමැත්තා එම ප්‍රදේශයේම වයස අවුරුදු 16ට අඩු පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්භන්දව දැරියගේ දෙමාපියන් විසින් නානුඔය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත උක්ත නඩිව නුවරඑළිය මහ අධිකරණයේ ගොණුකර ඇත ,
වසර 13ක කාලයක් සිදු කල නඩු විභායන් අනුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුට එරෙහි ලැබුන සාක්ෂි මත ෆාරුක් මොහොමඩ් සාලිඩ් (අවුරුදු 52) නමැති පුද්ගලයාට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ සමඟම සිද්ධියෙන් අගතියට පත් වූ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දු කළ විනිසුරුවරයා මෙම මුදල වින්දිත කාන්තාවට නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද තීන්දුවේ සඳහන් කළේය.
එසේම විත්තිකරුට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණයට ගෙවන ලෙසට නියම කළ විනිසුරුවරයා එම දඬුවම නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් විඳීමට සිදුවන බවද නියම කළේය.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
පැෆරල් සංවිධානය මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ හා කන්ඩායම් විසින් ගත යුතු නිර්ණායක යෝජනාවලිය සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන (12) නුවරඑළියේදී පැවැත්විණ .
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලහිරු කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ ,
මෙම අවස්ථාව සදහා නුවරඑළිය මාර්තු 12 ව්‍යාපාරයේ දිස්ත්‍රික් සභාපති මාකදුරේ රතනවංශ හිමි , උප සභාපති පියසේන කහදගමගේ මහතා , දිස්ත්‍රික් සම්භන්ධීකාරකාරක හා පැෆරල් නියෝජිත ජෙරිණා මහත්මිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරි නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,
මෙම අවස්ථාව සමග පැෆරල් සංවිධානයයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්විය .
වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට පහළ නිලයක් දරන කනිෂ්ක නිලධාරිනියක් පත්කර ඇති බවත් ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරයි.
ආණ්ඩුකාරවරයා විසින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතු වශයෙන් සලකන අතර, කුරුණෑගල විශාල ආදායමක් අහිමි කරන විගණන අංශ වලින් හෙළි වී ඇති, නගර සභා වැසිකිලි පද්ධතිය, අඩක් නිමවී ඇති නමුත් සම්පූර්ණ මුදල වැය කර ඇති ආණ්ඩුකාර ගොඩනැගිල්ල ම කොන්ත්‍රාත්කරුටම ලබා දෙන ලෙස ආණ්ඩුකාරයා විසින් නියෝග කර ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් උරන වී ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ස්ථාන මාරු කර ඇත.
මෙම ආණ්ඩුකාර ගොඩනැගිල්ල ඉදිකළ සමාගම අසාදු ලේඛන ගත කර ඇති බවත් ඉදිකළ වැඩි මුදලක් ඔවුන්ට ගෙවා ඇති බවත්, වැඩ නිම වී ඇත්තේ සියයට පනහක් පමණ වුවද සියයට අනූවක පමණ ප්‍රතිපාදන ගෙවා ඇත.
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට
ගල්පාත චන්දන පෙරේරා
මිනිස් පරිභෝජනයට නුසුදුසු රාත්‍රි ආහාර පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන ඊයේ
(11 )දින රාත්‍රිය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්,
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය ආවරණය කරමින් පවත්වන ලදී.එහිදී ජනතාවගේ සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකිණූ සහ ගබඩා කර තිබූ ස්ථාන රැසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
මේ සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදී.

ගල්පාත චන්දන පෙරේරා
පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.
මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත
මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.
