පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

11.03.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .
මාර්තු 08 අද දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභාව මගින් මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් නගරයේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභා කාර්‍යාලයේදී අද උදෑසන පැවැත්විණ ,
මෙම වැඩසටහන නුවරඑළිය ප්‍රාදේශීය මානව හිමිකම් දිස්ත්‍රික් සම්භන්ධීකරන නිළදාරිණි කුමුදු විතාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම වැඩසටහන සදහා හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නිළධාරිනියන් පිරිසක් සහභාගි වී සිටියහ .
සටහනෙන් අනතුරුව නගරයේ ගමන් කරන ප්‍රදේශවාසීන්ට දැනුවත් කිරීමට කටයුතු කෙරිණ .

පානදුර සළිඳු යලි බූස්ස බන්ධනාගාරයට

පානදුර සළිඳු යලි බූස්ස බන්ධනාගාරයට

ගල්පාත චන්දන පෙරේරා
රැදවුම් නියෝග අවසන් වීමෙන් පසු පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ගේ නියෝගයකයට අනුව මාර්තු 25 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද
සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා කළුතර බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

සළිදු මල්ෂික නැමැත්තා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයේ සිට කළුතර මල්වත්ත බන්ධනාගාරයට රැගෙන ගිය අතර , ඔහු බසයෙන් බස්සවා කළුතර බන්ධනාගාරයේ දොරටුව අභියසදී ලියාපදිංචි කිරිමෙන් පසු එම බන්ධනාගාර බස් රථයෙන්ම බූස්ස බලා කැටුව ගොස් තිබේ.

සැකකරු කළුතර සිට බූස්ස බලා රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද ආරක්ෂාවට යොදවා ඇත.

සිය සේවා දායකයා වන සලිඳු මල්ෂික නැමැත්තාට මරණීය තර්ජන පවතින බැවින් , බූස්ස බන්ධනාගාරය හැර වෙනත් සුදුසු බබන්ධනාගාරයක රඳවන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරු ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවන ලෙසය.

කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප දෙකක් මත අවවාද කර අධිකරණයෙන් මුදාහරියි

රාජකාරියට බාදා කලේ යැයි කියමින් කල පැමිනිල්ලක් මත අත්අඩංගුවට පත්වුන කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප දෙකක් මත  අවවාද කර අධිකරණයෙන් මුදාහරියි..

උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කෙරේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර උත්සව සමයේදී මෙරට නිෂ්පාදිත බිත්තර සාධාරණ මුදලකට අලෙවි කිරීමට වෙළඳුන් ක්‍රියාකළ යුතු බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

කාන්තාවන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණයක්

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට දේශීය නිශ්පාදන වල මිල ගණන් 90% කින් පමණද ආනයනික නිෂ්පාදන වල මිල ගණන් 30% කින් පමණද මිල ඉහළ නංවා ඇති බවයි එම සංවිධානයේ පරීක්ෂක විශ්ලේෂක සත්සරණි සිරිවර්ධන සඳහන් කරන්නේ.

එමෙන්ම වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා 51.07% ක බදු පනවා ඇති බවත් එමගින් රජයට ලැබෙන ආදායම රුපියල් මිලියන 37 ක් වන බවත් එය මුළු බදු ආදායමෙන් 0.0021% ක ප්‍රතිශතයක් පමණක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

එය කිසිසේත්ම සැලකිය යුතු බදු ආදායමක් නොවූවත් එය මගින් කාන්තාවන්ගේ ජීව විද්‍යාත්මක චක්‍රයට විශාල බලපෑමක් සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පවතින අධික උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිවේ අවධානමක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පවසනවා.

හිරු එළිය සෘජුවම ඇසට පතිත වීමක් සිදු වුවහොත් අක්ෂි සෛලවලට හානි වී, ඇසේ පෙනීමට පවා බාධා මතුවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එසේම පවතින අධික උෂ්ණ තත්ත්වය යටතේ ඇසේ සුද රෝග තත්ත්වයද ඉහළ යා හැකි බවද අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

හිටපු ජනපති ගෝඨාභය සිනමාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‌ ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය වාර්තාමය චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ එරන්ද ගිනිගේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

Netflix සිනමා පටය නිර්මාණය කිරීම වෙනුවෙන් වන සාකච්ඡා කෘතිය නිකුත් කිරීමට පෙර ආරම්භ කළ බවයි, ඔහු අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඊට පෙර ”ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති කෘතිය නිකුත් කළ බවද එරන්ද ගිනිගේ මහතා කියා සිටියා.

මේ පිළිබඳව කෘතියක් රචනා කරන ලෙසට බොහෝ පාර්ශව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ පැවැති ආණ්ඩු විරෝධී විරෝධතා සම්බන්ධයෙන් බොහෝ අය කෘති රචනා කළද අදාළ සිදුවීමට කෙලින් මුහුණ දුන් පුද්ගලයාගේ සටහන වටිනා බවත් එම නිසාමෙය සියලු දෙනා කියවිය යුතු බවත් එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරනවා.

ඉන් ගෝඨාභය රජපක්ෂ නමැති පුද්ගලයාගේ චරිතය හඳුනාගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.05 වන දින රත්ගම පොලිස් වසමේ CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වැටලීමක් සිදුකර ඇත. සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර 153 ක් සන්තකයේ තබා ගත් රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා දොඩංදූව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන

WhatsApp Image 2024-03-09 at 11.44.03

6 dead, including 4 children, in Ottawa mass killing

Six people including a mother, her four young children and a family acquaintance were killed inside a townhouse in the south Ottawa suburb of Barrhaven late Wednesday night.

During a media briefing Thursday afternoon, Ottawa police Chief Eric Stubbs said there were initially two calls to 911 around 10:52 p.m. local time Wednesday.

He said first responders arrived within minutes to the home on Berrigan Drive near Palmadeo Drive, a residential area close to two schools.

Police have identified five of the victims as a family of newcomers to Canada from Sri Lanka:

  • 35-year-old mother Bandaranayake Gama Walawwe Darshani Dilanthika Ekanayake.
  • Seven-year-old son Inuka Wickramasinghe.
  • Four-year-old daughter Ashwini Wickramasinghe.
  • Three-year-old daughter Ranaya Wickramasinghe.
  • Two-month-old daughter Kelly Wickramasinghe.

Police said Ekanayake’s husband was injured and is currently in hospital in stable condition. He’s since been identified as Dhanushka Wickramasinghe.

Another man, 40-year-old Gamini Amarakoon Amarakoon Mudiyanselage, was also killed.

Febrio De-Zoysa, 19, is charged with six counts of first-degree murder and one count of attempted murder. Police said he is a Sri Lankan national who is believed to be in Canada as a student.

On Thursday evening, Algonquin College president Claude Brulé released a statement confirming De-Zoysa was a student at the college and that “it appears his last semester of attendance was winter 2023.”

He made his first court appearance late Thursday afternoon.