ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද (17) ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් සඳහන් කළේ, මේ සඳහා ඕනෑම අයෙකුට සහභාගීවිය හැකි පරිදි පවත්වන බවයි.

අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරු දැනුවත් කළ බවයි.

ඒ අනුව. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම ක්‍රීඩා උත්සව පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසන් සභාවේ මධ්‍යම පළාත් සම්භන්ධීකරක අතිත් නුවරඑළියෙ පිරිසකට මානව හිමිකම් සම්මාන .

මානව හිමිකම් කොමිසන් සභාවේ මධ්‍යම පළාත් සම්භන්ධීකරක අතිත් නුවරඑළියෙ පිරිසකට මානව හිමිකම් සම්මාන .
නුවරඑළිය ප්‍රදේශය තුළ සමාජ සේවා කටයුතුවල නියැලෙමින් සමාජයට මෙහෙවරක් සිදු කරන නායක නායිකාවන්ස් හත් දෙනෙකුට මානව හිමිකම් සුරක්ෂා කිරීම වෙනුවෙන් සම්මාන ලබාදීම මානව හිමිකම් කොමිෂන් සභාවේ මධ්‍යම පළාත් සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් (16) නුවරඑළිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ ,
මෙහෙදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂක සුනිල් චන්ද්‍රසිරි පතිරණ ව්‍යාපාරිකයන් වන එම්.ආර්.එම්.ඉර්ෂාඩ් , එම්.එස්.එම්.ෆාරුක් , ජේ.එම්.ජබීර් , විශ්‍රාමික ගුරු එම්.නවාස් රෆීක් , එම්.ජේ.එම්.ෆස්ලීම් , සාමදාන විනිසුරු නාවලගේ පුෂ්පා අයිරාංගනී කුරේ මහත්මිය යන අයට මෙහිදී සම්මාන පිරිනැමිණ ,
මෙම සම්මාන උළෙල අන්තර් ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කාර්ය සාධන ස්වේච්ඡා බලකාය විසින් සංවිධානය කර තිබූ අතර සම්මාන පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ මධ්‍යම පළාත් සම්බන්ධීකාරක විරංජන ඩයස් සුමනසේකර මහතා සම්මාන ලාභීන් වෙත උපදෙස් ලබා දෙමින් කියා සිටියේ සම්මානය බබළවීමේ වගකීම දරාගෙන සම්මානයෙන් සම්මානය ලබාගත් පුද්ගලයා බැබලෙන්නට උත්සාහ නොකරන ලෙසයි ,
වැඩිදුර අදහස් දැක්වූ මධ්‍යම පළාත් මානව හිමිකම් කොමිෂන් සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා මෙසේද කීහ ,
මෙම සම්මානය ලබාදෙනු ලබන්නේ සමාජය වෙනුවෙන් මානව හිමිකම් සුරැකීම උදෙසා ස්වේච්ඡාවෙන් සේවාවක් කිරීමට මිස තමන් යන වාහනේ විශාල ප්‍රමාණයේ බෝඩ් ගසාගෙන තමන් පොරක් ලෙස සමාජගතවීමට නොවන බවයි .

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 ක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අපරාධ හා රථ වාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්.සී.මැදවත්ත පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුක‍ර යවා තිබෙනවා.

උතුරු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.පී.එම්. ගුණරත්න බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා තිබෙනවා.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී.ඒ.කේ. පියසේකර ‍කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටින්නේ.

වයඹ EDCS සීයට සීයක්ම අපේ

වයඹ EDCS සීයට සීයක්ම අපේ”

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
වයඹ අධ්‍යාපන සමූපකාර නිලවරණය – 2024
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

අපේ කණ්ඩායම ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයින් තේරී පත්වෙයි.

මහව 11/11
පුත්තලම 11/11
හලාවත 11/11
කුරුණෑගල 11/11
නිකවැරටිය 10/10
ගිරිඋල්ල 10/10
කුලියාපිටිය 10/10
ඉබ්බාගමුව 9/9

83/83 යි.

ජයග්‍රහණය ට උරදුන් සැමට තුති!
—————————-
ලංකා ගුරු සේවා සංගමය
විදුහල්පති සේවා සංගමය
—————————

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි තබා රියදුරු අත්අඩංගුවට

මුලතිව්, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් වෙඩි තබා තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ටිපර් රථයට වෙඩි තැබීමෙන් පසුව එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොචිචිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසීය පවසන්නේ.

මෙම සිද්ධිය ඊයේ පස්වරුවේ සිදුවී ඇති බවත්, ටිපර් රථ රියැදුරා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත්, ඔහු අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඉන් මිදී පලා ගිය අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අද දිනයේත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

65f3cdbca9064pdf_page_3 65f3cdbc9b2ddpdf_page_2

මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි තත්වයට රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත් බවට
ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.

සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරමින් මෙම සඟ සමුළුව පවත්වන ලදී.

කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.

24-03-14
කැකිරාව කුෂාන් ජයවර්ධන
FTP
කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.
කැකිරාව ප්‍රධාන වීදියේ පිහිටි ප්‍රෙද්ශයේ ජනප්‍රිය තොග වෙළද ව්‍යාපාරික ස්ථානයක් මුද්‍රා තබා එහි අලෙවියට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති රට ඉදි කරවල ඇතුලු රුපියල් ලක්ෂක 15කට අධික විටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කරනු ලැබීය.
මෙලෙස සෞඛ්‍ය බලධාරින් විසින් මුද්‍රා තැබීමට කටයකු කරනු ලැබූයේ කැකිරාව හා ඒ අවට ප්‍රෙදේශ රැසක ඇති සිල්ලර වෙළදසැල් සදහා ආහාර ද්‍රව්‍ය ඇතුළු තොග භාණ්ඩ බෙදා හැරීම සිදු කරන තොග වෙළද ආයතනයකි.
උත්සව සමයේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම උත්සව සමයේ සිදු කෙරෙන කූඨ ආහාර වෙළදාම් අවම කිරීමේ අරමුණු ඇතිව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැකිරාව නගරයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ ව්‍යාපාරික ස්ථානය මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබිණ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා ඇතුළු කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණ.
සිදුකළ වැටලීමේදී එම වෙළද සැල තුල තීබී මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ඉදි කරවල සීනී හාල්මැස්සන් රටකජු මුද්‍රප්පලම් ඇතුලු තවත් ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට වැටලීම සිදුකළ සෞඛ්‍ය ඉලධාරීන්ට හැකිවිණ. අදාළ වෙළද සැල තුල නිසි ක්‍රම වේදයකට භාණ්ඩ අසුරා නොමැති බවද කරවල වැනි දෑ නැවත පිරිසිදු කර අලෙවි කරන බවද නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදි. එසේම කල් පැන ගිය රට ඉදි තොග ඇසුරුමේ ලේබලය මකා නැවත ලේබල් අලවා අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුව ඇති බවද නිලධාරීන් මෙහිදී අනාවරණය කර ගන්නා ලදි. එසේම අදාළ වෙළදසැල තුළ අලෙවියට ඇති ආහාර ද්‍රව්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව අසුරා නොමැති අයුරු මෙන්ම එම වෙළදසැල තුළ මෙන්ම එහි ඇති ගබඩාවල ඇති අපිරිසිදු භාවයට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
සෞඛ්‍ය නීති රීති මෙන්ම රෙගුලාසි ද උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පාරිභෝගීක භාණ්ඩ අලෙවියේ නිරත වූ මෙම වෙළද සැල මුදා තැබීමට ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර පසුව එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග පිටතට රැගෙන ගොස් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පියවර ගනු ලැබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නිසුදුසු රටඉදි, කරවල, හාල්මැස්සන් සීනි රටකජු. වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය තොගයක් මෙහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කෙරිණ. මෙලෙස විනාශ කෙරුණ ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ උත්සව සමයේ අලෙවි කිරීමට කටයුතු කළ මෙම වෙළද සැල් හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබිණ. එහිදී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇති අතර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව වෙළද සැලේ ගබඩා සකස් කිරීමට ද අචාළ ව්‍යාපාරිකයාට අධීකරණයෙන් නියෝග කර තිබූ අතර හෙට (15) දිනයේ යළි එම නඩුව විභාගයට ගැනීමට නියමිත බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

WhatsApp Image 2024-03-14 at 21.48.34 (6) WhatsApp Image 2024-03-14 at 21.48.34 (5) WhatsApp Image 2024-03-14 at 21.48.35 WhatsApp Image 2024-03-14 at 21.48.36 WhatsApp Image 2024-03-14 at 21.48.34 (4) WhatsApp Image 2024-03-14 at 21.48.34 (3) WhatsApp Image 2024-03-14 at 21.48.34 (2) WhatsApp Image 2024-03-14 at 21.48.34 (1) WhatsApp Image 2024-03-14 at 21.48.34 WhatsApp Image 2024-03-14 at 21.48.33 (8) WhatsApp Image 2024-03-14 at 21.48.33 (7) WhatsApp Image 2024-03-14 at 21.48.33 (5) WhatsApp Image 2024-03-14 at 21.48.33 (6) WhatsApp Image 2024-03-14 at 21.48.33 (3) WhatsApp Image 2024-03-14 at 21.48.33 (4) WhatsApp Image 2024-03-14 at 21.48.33 (2) WhatsApp Image 2024-03-14 at 21.48.33 (1) WhatsApp Image 2024-03-14 at 21.48.33 WhatsApp Image 2024-03-14 at 21.48.32 (8) WhatsApp Image 2024-03-14 at 21.48.32 (7) WhatsApp Image 2024-03-14 at 21.48.32 (6) WhatsApp Image 2024-03-14 at 21.48.32 (5) WhatsApp Image 2024-03-14 at 21.48.32 (4) WhatsApp Image 2024-03-14 at 21.48.32 (3) WhatsApp Image 2024-03-14 at 21.48.32 (2) WhatsApp Image 2024-03-14 at 21.48.32 (1) WhatsApp Image 2024-03-14 at 21.48.32 WhatsApp Image 2024-03-14 at 21.48.31 (1) WhatsApp Image 2024-03-14 at 21.48.31 (2) WhatsApp Image 2024-03-14 at 21.48.31 (3) WhatsApp Image 2024-03-14 at 21.48.31

කෙහෙළිය ඇතුළු 4 කට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.