රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ භාරයේ ඇති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

බිත්තර මිලියන 42 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65f92382961a0

හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කෲර වධහිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
නීතිඥ සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.
එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමේ සඳහන් වේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ගාලු මුවදොර අරගල භූමියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
ඊට අමතරව 2010 වසරේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කෲර වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවකු කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙත නියෝග කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝගයක් නිකුත් කර තිබූ බවත් පවසයි. මෙවැනි පුද්ගලයෙකු පොලිස්පති ධුරය සඳහා පත් කිරීම තුළින් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්විය හැකි බවද ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ. එසේම මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබාදුන් නඩු තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් අයැද තිබේ.
ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද තිබේ.

මොරටුව ඉදිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් ගෙල කපා මරා දමා ඇති බව පොලීසිය (18 වැනිදා) පැවසීය.

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
0773710807
18.03.2024
මොරටුව ඉදිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් ගෙල කපා මරා දමා ඇති බව පොලීසිය (18 වැනිදා) පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියආරච්චිගේ ප්‍රජාපලි සූරියආරච්චි නමැති 51 හැවිරිදි කාන්තාවකි.
උදෑසන 10 ට පමණ මෙම සිදු වීම සිදු වී ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසාන් විජේතුංග අදාළ ස්ථානයට පැමිණි අතර අනතුරුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් අසේල මොරගොල්ල ස්ථානීය පරීක්ෂාවක් සිදු කළේය.

මෙම කාන්තාවගේ ඥාතියෙකු උදෑසන වඩු උපකරණයක් ලබා ගැනීම සඳහා පැමිණ ඇති අතර ඒ අතරතුරදී මෙම සිදුවීම සිදුව ඇතැයි සැක කරන බව පොලිසීයේ උසස් නිලධාරියෙකු පැවසීය.

වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු පොලීසිය වෙත භාර වි ඇති අතර ඔහු මිය ගිය කාන්තාවගේ ඥාතියකු වන බවද පොලීසිය කියයි.

මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී පහරදී මින් පෙර මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස 04 භාර සහකාර පොලිස් අධිකාරී දර්ශන කුලකුලසූරිය උපදෙස් මත , මොරටුමුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදයකුමාර ඇතුළු නිලධාරීන් සිදු කරනු ලබයි.

බස්නාහිර සහ දකුණේ අපරාධ කල්ලි මර්දනයට විශේෂ මෙහෙයුමක්

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය විසින් නව මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20 ක් බස්නාහිර හා දකුණ යන ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාගේ නියෝගවලට පමණක් මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දිනවල බස්නාහිර පළාත තුළ හා දකුණු පළාත තුළ ද අපරාධ කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

ගල්පාත චන්දන පෙරේරා

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ඉංගිරිය පෝරුව දණ්ඩ පැල්පිටිගොඩ පදිංචිව ඩි එම් මදුකා (40) හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි (49) නැමැත්තෙකි
අද පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමර අංක එක වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු
කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී මද වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට මේ වැගිරෙන තුවාල සහිතව පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව
පොලිස් නිලධාරීන් පැමිණ 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාර වන රොදක පිහිටි ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත
පුද්ගලයකු වැටී සිටින බවට ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක වසන්ත චන්ද්‍රලාල් මහතාට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයෙන්
එම පුද්ගලයා ද 1990 සුවසැරිය ගිලන් රථයෙන් කරන මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එලෙස ගෙල කපාගෙන තිබූ පුද්ගලයා තානායමට පැමිණ කාන්තාවගේ යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා බවට හඳුනාගත් බව පොලිසිය කියයි

බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතළ තුවාල ලද පුද්ගලයා සිය අනියම් බිරිඳ මිය යන්නට ඇති බව සිතා ඔහුද ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනුවට වැඩ බලන සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න
සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතා පරීක්ෂණ පවත්වයි

ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ

24-03-18
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ
============

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ඊයේ(17) රාත්‍රියේ සිදු කළ පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ පුද්ගලයකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ පාර්ශවයෙන් අද (18) ඉපලෝගම පොලිස් ස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිනිලි කර ඇති අතර මේ වනවිට එම පැමිණීල්ලට අනුව ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාළ පහරදීම සිදුකර ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන එක්සත් පෙරමුණු මංත්‍රීවරයකු විසින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ දී ඊයේ (17) රාත්‍රියේ පැවැති ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභා රැස්වීමට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයකුට සැකකාර මංත්‍රීවරයා මෙලෙස පහර දී ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම පහරදීම සිදු කිරීමට පෙර සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා ජාතික ජනබල වේගයේ ඉහළකාගම කොට්ඨාස සභා රැස්වීම පැවැති ස්ථානය වෙත ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජනය කර ඇති බව ද එම රැස්වීමේ සංවිධායකයින් විසින් පොලිසියට පැමිණීලි කර තිබේ. අදාළ රැස්වීම නිමවීමෙන් පසු සිය නිවස බලා යමින් සිටි අයෙකුට සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා මග රැක සිට මෙලෙස පහරදීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර ප්‍රාදේශීය සභා හිටපු මංත්‍රීවරයා මුගුරකින් අදාළ පුද්ගලයාට පහර දීම සිදුකර ඇති අතර, එම පහරකෑමෙන් තුවාල ලත් පුද්ගලයා ප්‍රතිකාර සදහා කඩිනම් කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙලෙස සැකකාර ප්‍රාදේශීය සභා මංත්‍රීවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ ඉපලෝගම ඉහළකාගම ප්‍රදේශයේ පදිංචි රාජකරුණා මුදියන්සේලාගේ විජයානන්ද රාජකරුණා නමැති 49 හැවිරිදි තිදරු පියෙකි. ඔහු දෛනික කුලි කටයුතුවල නිරත වෙමින් සිය ජීවිකාව ගෙන යන්නෙකි.
හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයකු විසින් සිදුකර ඇති මෙම පුද්ගල පහරදීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇත

දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති අතර යටදොල යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් එකසිය විසි පහක් පමණ පිරිසක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර අසල පිහිටි නිවාස කිහිපයකට ගින්න පැතිරීමේ අවදානම් තත්ත්වයක පැවතුණු අතර යුද හමුදා නිලධාරීන් වහාම ගින්න නිවීම හේතුවෙන් එම අවදානම පහව යන ලදී

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියත් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කළ අතර දොඩංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-03-17 at 20.28.06 WhatsApp Image 2024-03-17 at 20.28.05 (2) WhatsApp Image 2024-03-17 at 20.28.05 (1) WhatsApp Image 2024-03-17 at 20.28.05 WhatsApp Image 2024-03-17 at 20.28.04 (2) WhatsApp Image 2024-03-17 at 20.28.04 (1) WhatsApp Image 2024-03-17 at 20.28.04 WhatsApp Image 2024-03-17 at 20.28.03 (4) WhatsApp Image 2024-03-17 at 20.28.03 (3) WhatsApp Image 2024-03-17 at 20.28.03 (2) WhatsApp Image 2024-03-17 at 20.28.03 (1) WhatsApp Image 2024-03-17 at 20.28.03

චන්දන පෙරේරා

නෙල්ලිගලදී සිදුවූ බස් රථ අනතුරකින් 37 ක් රෝහලට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටින දෙදෙනෙකු මහනුවර රෝහල වෙත මාරුකරු යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 8 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර ඇති අතර මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.