හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කෲර වධහිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
නීතිඥ සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.
එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමේ සඳහන් වේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ගාලු මුවදොර අරගල භූමියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
ඊට අමතරව 2010 වසරේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කෲර වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවකු කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙත නියෝග කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝගයක් නිකුත් කර තිබූ බවත් පවසයි. මෙවැනි පුද්ගලයෙකු පොලිස්පති ධුරය සඳහා පත් කිරීම තුළින් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්විය හැකි බවද ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ. එසේම මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබාදුන් නඩු තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් අයැද තිබේ.
ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද තිබේ.
හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
-
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >> -
අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
ජපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්…..
Read more >> -
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..
Read more >> -
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……
Read more >> -
ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….
Read more >> -
2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්…..
Read more >> -
දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම්……
Read more >>

