සුභාශිංසන

සුභාශිංසන

අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙයි.
ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන සක්‍රීය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
අප මේ වනවිට පසු කරමින් සිට ජයගෙන සිටින අතිශය අසීරු ඉලක්ක තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාව කළ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ තව දුරටත් අපේක්ෂා කරමි.
සුබ ඊදුල් ෆීතර් උත්සවයක් වේවා !

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 අප්‍රේල් 11 දින

පානීය ජලය පිළිබඳ සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත්  ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්‍රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ මගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති ප්‍රවේශය සහතික කිරීම, තිරසර ජල භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජල අංශයේ ආර්තික වර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

661500a02ac26

ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ගුරු අවශ්‍යතා සම්පුර්ණ කිරිම සදහා ඉංග්‍රිසි මාධ්‍ය යෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු  6500ක් දක්වා වැඩි කිරිමටත් ඒ සදහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බව පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයිමකදි හදුනාගෙන ඇති බවද සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6614fcbea69a1

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

හරක් කටාට කොට්ටයක් සහ මෙට්ටයක් ලබාදීමට අවසර

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟතාව පළකර තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බවයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේද යන්න සිය මෝසම මඟින් විමසා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතුළු නාවික හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි.

මීට අමතරව පියා හමුවීම සඳහා දැනට ලබාදී ඇති විනාඩි 15 කාලය විනාඩි 30 දක්වා දීර්ඝ කරන ලෙස කර තිබුණූ ඉල්ලීමට එකඟතාව ලබාදී ඇති අතර, විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එවැනි පහසුකමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවයි එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

එසේම තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබාදී ඇති අතර නඩුව යළි අප්‍රේල් 26 කැඳවීමට නියමිතයි.

කෙහෙළිය යළි අප්‍රේල් 22 දක්වා රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (08) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

අද පූර්ණ සූර්යග්‍රහණයක්

අද (08) පස්වරුවේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සූර්යග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 9.12ට ආරම්භ වී, පසුදින අලුයම 2.22ට අවසන් වීමට නියමිතයි.

මෙම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතයි.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත

2024.04.07 වන දින 1245 පැයට පමණ හොරණ, තල්ගහවිල ප්‍රදේශයේදී මීට පෙර මංකොල්ලයකට සම්බන්ධව ඇප මත මුදාහැර සිටි පහත විස්තර සදහන් පුද්ගලයින් දෙදෙනා රත්නපුර පොලිස් ස්ථානය වෙත ගොස් අංක WP YH – 0690 දරණ ත්‍රීරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් දෙදෙනා  ඉලක්කකර ගනිමින් මොටර් රථයකින් පැමිණි නාදුන පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්   හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, මේ සම්බන්ධව මොරගහහේන පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බවට අනාවරණය වේ.

WhatsApp Image 2024-04-07 at 20.09.53 WhatsApp Image 2024-04-07 at 20.09.44

 

උත්සව සමයේ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් ගැන අවධානයෙන් සිටින්න – පොලීසිය

උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව අලුත් අවුරුද්දේ ගමන් බිමන් යාමේදී පුද්ගලික වාහනක් හෝ  පොදු වාහනයක් වුවත් රියදුරා මත්පැන් පානය කර ඇද්ද, වේගයෙන් ගමන් කරනවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.