ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට

24-04-12
කැකිරාව කුෂාන් ජයවර්ධන
ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට
============================

කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අංශයට අයත් සුපිරි වෙළදසැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් ආනයනික බිත්තර තොගයක් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව උත්සව සමයේ සිදු පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සිදු කෙරෙන ආහාර වැටලීම් මෙහෙයුම් යටතේ මෙම මෙහෙයුම සිදු කෙරිණ. ඒ අනුව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වැටලීමකදී එම බිත්තර තොගය අත්අඩංගුවට ගනු ලැබිණ. මෙලස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බිත්තර තොගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. සේල්සියස් අංශක 2-ත් 5ත් අතර අගයක ගබඩා කර අලෙවි කළ යුතු එම බිත්තර තොගය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩාකර අලෙවි කිරීමත් ඒවායේ අපද්‍රව්‍ය තිබීමත් හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම බිත්තර තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එම සුපිරි වෙළද සැලේ අලෙවි කිරීමට තිබූ මහජන සෞක්‍යයට අහිතකර අයුරින් ගබඩා කර තිබූ බිත්තර 5100ක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදා. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බිත්තරවල සාමාන්‍ය වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වේ.
මිනිස් පරිභෝජනයට නිසුදුසු අයුරින් බිත්තර අලෙවි කළ එම සුපිරි වෙළදසැලේ හිමිකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් එම ව්‍යාපාර කලමනාකාරවරයා ලබන 25 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෝටි 06ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බවටද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (11) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6617331f260f1 6617331e7ad04

අද ගම්බිම් බලා ගියොත් තදබදයකින් තොරව ගමන් කළ හැකියි – ගැමුණු

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අද (11) දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

12 වනදා සවස් කාලය වනවිට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචි එම්. ආර්. රන්තරු නමැති මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබයි.

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මෙලෙස මෙම දරුවා මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රියක් ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැනෙකින් පැමිණ ඇති බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර, එහිදී දරුවා ගමන් ගත් පාපැදියේ ගැටී ඇත.
අනතුරින් දරුවා මීටර් 13ක් පමණ ඈතට විසිවී ගොස් ඇත. දුම්රිය ඒ ආසන්නයේ නතර කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
කඩිනමින් දරුවා රෝහල්ගත කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලීසිය පවසයි.
දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මූලිකත්වයෙන් පානදුර මූලික රෝහලේදී සිදුකෙරිණි.
මොරටුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දර්ශාන් කානිල්
මොරටුව

ජනමාධ්‍ය නිවේදනයයි

ජනමාධ්‍ය නිවේදනයයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.

දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.

මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.

*02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය. *

මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.10

සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු

රාමසාන් දින පණිවිඩය – 2024.04.10

සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු

ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් ආරක්ෂා කර ගත් උපවාස සමයේ අවසානය සනිටුහන් කරන රාමසාන් උත්සවය මෙම අප්‍රේල් 10 වැනි දිනට යෙදී ඇත. එම උත්සවය සැමරීමට එක්වන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට අපි ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමමු.

දෛනික ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් දරා ගනිමින් මාසයක කාලයක් පුරා ආරක්ෂා කරගන්නා උපවාස ශීලය තුළ ඉතිරි කර ගත් ධනය තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීම රාමසාන් උත්සවයේ අරමුණයි. රාමසාන් වත්පිළිවෙත් වර්තමාන දූෂිත සමාජ ක්‍රමය විසින් මිනිසුන් අතරින් බලහත්කාරයෙන් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා පරාර්ථකාමය ආදී ගුණාංගයන් නැවත ජීවිත තුළට කැඳවීමට ගන්නා උත්සාහයකි.

වසර හැත්තෑහයක දූෂිත දේශපාලනය විසින් රටත් ජනතාවත් ඇද දමනු ලැබ ඇති ආර්ථික සහ සමාජීය ව්‍යසනය අපි අත්දකිමින් සිටිමු. එසේම බලලෝභී දේශපාලන වුවමනාකම් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප්‍රවණතා සහ ඒ වෙනුවෙන් මහපොළොව ලෙයින් පෙඟී ගිය ආකාරයද අපි දැක ඇත්තෙමු. කෙසේ වුවද මෙම දුෂිත බලලෝභී දේශපාලන සංස්කෘතිය සහ එහි දුෂ්ට වුවමනාකම් මේ වන විට මුළුමහත් ජන සමාජය විසින් දැනුවත්ව ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට පැමිණීම සතුටට කරුණකි. දූෂිත පාලකයින් බිය ගෙන සිටින්නේ මෙම ජන මතයටය. සියලු ජනතාවන්ට තමන් අයත් ජාතිකත්වය ඉක්මවා සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටින්නට සහෝදරත්වය මත පදනම් වූ රාමසාන් උත්සවය විසින් ලබා දෙන මඟපෙන්වීම අපි අගය කරමු.

ශ්‍රී ලාංකේය දේශය නව පුනරුද යුගයක් අරඹන්නට සූදානමින් සිටින ඓතිහාසික වසරක, රාමසාන් සමරන ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට සහෝදරත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අත්වැල් බැඳගැනීමට අපි ආරාධනා කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.10

සුභාශිංසන

සුභාශිංසන

අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙයි.
ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන සක්‍රීය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
අප මේ වනවිට පසු කරමින් සිට ජයගෙන සිටින අතිශය අසීරු ඉලක්ක තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාව කළ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ තව දුරටත් අපේක්ෂා කරමි.
සුබ ඊදුල් ෆීතර් උත්සවයක් වේවා !

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 අප්‍රේල් 11 දින

පානීය ජලය පිළිබඳ සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත්  ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්‍රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ මගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති ප්‍රවේශය සහතික කිරීම, තිරසර ජල භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජල අංශයේ ආර්තික වර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

661500a02ac26

ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ගුරු අවශ්‍යතා සම්පුර්ණ කිරිම සදහා ඉංග්‍රිසි මාධ්‍ය යෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු  6500ක් දක්වා වැඩි කිරිමටත් ඒ සදහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බව පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයිමකදි හදුනාගෙන ඇති බවද සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6614fcbea69a1