අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.
කළුතර බන්ධනාගාරයේ සිරකාරියක ඇතුළුව සිරකරුවන් 43 ක් මුදා හැරේ

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකාරියක ඇතුළු සිරකරුවන් 43 කු අද නිදහස් කරන ලදී
2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අතිගරු ජනාධිපතිවරයා විසින් ලබාදුන් විශේෂ සමාව යටතේ මෙම සිරකරුවන් නිදහස් කරන ලදී.

කළුතර බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතා ඇතුළු නිළධාරීන් නිදහස ලැබූ සිරකරුවන් වෙත සුභ පැතුම් එක්කර බන්ධනාගාරයෙන් පිටත් කරලා හරිනු ලැබීය.

ගල්පාත චන්දන පෙරේරා

ප්‍රබ​ල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6617ebc4ce9ed

හෙට සහ අනිද්දා සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

අලුත් අවුරුදු පණිවිඩය

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ ජනතාවට අපි සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.
අලුත් අවුරුදු උත්සවය නිවසේ ඇති ද්‍රව්‍යවල සිට ජන ජීවිතයට සම්බන්ධ සියලු අංගයන්හි අලුත් වීමක් හෝ අලුත් කර ගැනීමක් සමග බැඳී තිබෙනවා පමණක් නොව එය පෙරළා ජන ජීවිතයට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක්ද වේ. කලක් පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර ගේදොර මෙන්ම ජීවිතයද නැවුම් බවකින් පුරවා ගැනීමට එය ඉඩකඩ නිර්මාණය කරයි. එම නැවුම් බවට මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට කරනු ලබන පෙළඹවීමද ඇතුළත්ය.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙනි. ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා වූ සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇත. අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණි.

උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරුය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි අපි සුභාශිංසනය කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.13
புத்தாண்டுச் செய்தி

புதிய தேசிய மறுமலர்ச்சிக்கான பயணத்தை ஆரம்பிக்க புத்தாண்டினை புதிய வலிமையாகக்கொள்வோம்!

இலங்கை சிங்கள மற்றும் தமிழ் மக்களால் புத்தாண்டின் பிறப்பினை நிமித்தமாகக்கொண்டு கோலாகலமாகக் கொண்டாடப்படுகின்ற பாரிய கலாசார வைபவம் இத்தடவை 13 ஆந் திகதி இடம்பெறுகின்றது. மரபுரீதியான நம்பிக்கைக்கிணங்க சூரியன் மீன ராசியில் இருந்து மேட ராசிக்கு இடம் மாறுவதால் வட்டமொன்று நிறைவடைவதன்பேரிலான புதிய வருடப் பிறப்பினைக் கொண்டாட ஒன்றுசேருமாறு சிங்கள தமிழ் மக்களுக்கு நாங்கள் வாழ்த்துக்களை கூறிக்கொள்ள விரும்புகிறோம்.

புது வருட வைபவமானது வீட்டிலுள்ள பொருட்கள் தொடக்கம் மக்கள் வாழ்க்கையுடன் தொடர்புடைய அனைத்துப் பிரிவுகளிலும் புதியதாக அமைதல் மற்றும் புதுப்பித்துக்கொள்ளலுடன் பின்னிப்பிணைந்துள்ளது மாத்திரமன்றி அது மீண்டும் மக்கள் வாழ்க்கைமீது சாதகமான தாக்கமேற்படுத்துகின்ற சமூக நிகழ்வாகவும் அமைகின்றது. சிலகாலமாக பேணிவந்த அநாவசியமானவற்றை நீக்கிவிட்டு வீடுவாசல்களைப்போன்றே வாழ்க்கையையும் புதுத்தன்மையால் நிரப்பிக்கொள்ள வாய்ப்புவசதிகளை அமைத்துக்கொடுக்கிறது. அந்த புதுத்தன்மையில் இற்றைவரை தாம் வந்த பயணத்தை புதியகோணத்தில் சிந்தித்துப் பார்க்கச் செய்விக்கின்ற அகத்தூண்டுதலும் உள்ளடங்குகின்றது.
நிலவுகின்ற பொருளாதார நெருக்கடிக்குள் மக்களில் பெரும்பாலானோருக்கு புதிய வருடத்தை தமது எதிர்பார்ப்பிற்கிணங்க கோலாகலமாக கொண்டாடுதல் பற்றி சிந்தித்துப் பார்ப்பதுகூட வேதனைமிக்க அனுபவமாக அமையக்கூடும். ஒரு வட்டத்தை நிறைவுசெய்ததன் மூலமாக புத்தாண்டு பிறந்தபோதிலும் நிலவிய மற்றும் நிலவிக்கொண்டிருக்கின்ற ஆட்சிகளால் 76 வருடகாலமாக இலங்கை சமூகத்தை மக்களின் எதிர்பார்ப்புகளை தவிடுபொடியாக்குகின்ற ஓரே மூர்க்கத்தனமாக வட்டத்திற்குள் பயணிக்கச் செய்வித்ததன் காரணத்தினாலேயே அவ்வாறு நேர்ந்துள்ளது. கிடைக்கின்ற முதலாவது தருணத்திலேயே நிலவுகின்ற மூர்க்கத்தனமான ஊழல்மிக்க சமூக பொருளாதார அரசியல் வட்டத்திலிருந்து நீங்கி வங்குரோத்து நிலையுற்றுள்ள நாட்டை அதிலிருந்து மீட்டெடுக்கின்றதும் முன்னேற்றமான மற்றும் நியாயமான சமூகநிலைக்கு உயர்த்திவைக்கின்றதுமான மக்கள்நேயமுள்ள ஆட்சியை தெரிவுசெய்வதற்காக பிறந்த புத்தாண்டு வாய்ப்புவசதிகளை திறந்துவைத்துள்ளது. அவ்வாறான நிலைமையில் மாத்திரமே புத்தாண்டில் ஏற்படுத்திக்கொள்கின்ற பிரார்த்தனைகள் உண்மையாகவே ஈடேறும்.

வடக்கு, தெற்கு, கிழக்கு, மேற்கின் அனைத்து இனங்களையும் சேர்ந்த மக்கள் பேதங்களை ஒழித்துக்கட்டி அத்தகைய சுபமூகூர்த்தம் பிறக்கும்வரையே மக்கள்நேயமுள்ள ஆட்சியின் அவசியப்பாட்டுக்காக அணிதிரண்டு கொண்டிருக்கிறார்கள். நாட்டுக்கும் மக்களுக்கும் உண்மையான வெற்றியை பெற்றுக்கொடுக்கின்ற புதிய தேசிய மறுமலர்ச்சிக்கான வரலாற்றுப் பயணத்தை தொடங்க புத்தாண்டு புதிய வலிமையாக அமையட்டுமாக என நாங்கள் நல்வாழ்த்துக் கூறுகிறோம்.

அநுர குமார திசாநாயக்க
தலைவர்
தேசிய மக்கள் சக்தி
2024.04.13
New Year message of the NPP

Let us make this New Year a new energy to start the journey for a new national renaissance!

The New Year festival, a significant cultural celebration for the Sri Lankan Sinhalese and Tamil people, is set to dawn on April 13 this year. We extend our heartfelt greetings to all, as we come together to mark this auspicious occasion. This traditional belief that the Sun’s transition from Pisces to Aries completes a cycle symbolizes our shared heritage and unity.

The New Year festival is not merely a time for the renewal or resumption of material aspects of life. It is a social phenomenon that brings about positive change. It offers us the opportunity to let go of the unnecessary baggage we’ve carried for too long and infuse our lives with a fresh perspective. This freshness also includes the motivation to reflect on our journey thus far and envision a brighter future.

In the current economic crisis, even thinking about celebrating the New Year according to their expectations can be a painful experience for many people. It has happened because the new year has completed a cycle. However, the current and existing regimes have kept the Sri Lankan society in the same vicious cycle of disappointing the people’s expectations for 76 years. The coming New Year has opened up the opportunity to choose a people’s government that will get the people out of the vicious and corrupt socio-economic political cycle and lift the bankrupt country to a developed and just society. The wishes made in the New Year will be fulfilled only in such a situation.

The people of all nationalities from north, south, west and east align themselves with the need for a people’s administration by removing the differences until that good omen arrives. We are confident that this New Year will be a new energy to start the historic journey for a new national renaissance that will achieve real victories for the country and the people.

Anura Kumara Dissanayake
Leader
National People’s Power
13.04.2024

ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට

24-04-12
කැකිරාව කුෂාන් ජයවර්ධන
ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට
============================

කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අංශයට අයත් සුපිරි වෙළදසැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් ආනයනික බිත්තර තොගයක් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව උත්සව සමයේ සිදු පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සිදු කෙරෙන ආහාර වැටලීම් මෙහෙයුම් යටතේ මෙම මෙහෙයුම සිදු කෙරිණ. ඒ අනුව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වැටලීමකදී එම බිත්තර තොගය අත්අඩංගුවට ගනු ලැබිණ. මෙලස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බිත්තර තොගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. සේල්සියස් අංශක 2-ත් 5ත් අතර අගයක ගබඩා කර අලෙවි කළ යුතු එම බිත්තර තොගය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩාකර අලෙවි කිරීමත් ඒවායේ අපද්‍රව්‍ය තිබීමත් හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම බිත්තර තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එම සුපිරි වෙළද සැලේ අලෙවි කිරීමට තිබූ මහජන සෞක්‍යයට අහිතකර අයුරින් ගබඩා කර තිබූ බිත්තර 5100ක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදා. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බිත්තරවල සාමාන්‍ය වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වේ.
මිනිස් පරිභෝජනයට නිසුදුසු අයුරින් බිත්තර අලෙවි කළ එම සුපිරි වෙළදසැලේ හිමිකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් එම ව්‍යාපාර කලමනාකාරවරයා ලබන 25 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෝටි 06ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බවටද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (11) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6617331f260f1 6617331e7ad04

අද ගම්බිම් බලා ගියොත් තදබදයකින් තොරව ගමන් කළ හැකියි – ගැමුණු

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අද (11) දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

12 වනදා සවස් කාලය වනවිට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචි එම්. ආර්. රන්තරු නමැති මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබයි.

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මෙලෙස මෙම දරුවා මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රියක් ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැනෙකින් පැමිණ ඇති බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර, එහිදී දරුවා ගමන් ගත් පාපැදියේ ගැටී ඇත.
අනතුරින් දරුවා මීටර් 13ක් පමණ ඈතට විසිවී ගොස් ඇත. දුම්රිය ඒ ආසන්නයේ නතර කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
කඩිනමින් දරුවා රෝහල්ගත කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලීසිය පවසයි.
දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මූලිකත්වයෙන් පානදුර මූලික රෝහලේදී සිදුකෙරිණි.
මොරටුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දර්ශාන් කානිල්
මොරටුව

ජනමාධ්‍ය නිවේදනයයි

ජනමාධ්‍ය නිවේදනයයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.

දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.

මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.

*02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය. *

මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.10