2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට පිළිගැන්වීම

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට පිළිගැන්වීම
හෙට(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි…

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් පුලුල් ලෙස වැසී යාම, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙලඳපල ප්‍රවනතා කෙරහි බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. නාගරික අංශයේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2019 දී සියයට 52.3 සිට 2023 තුන්වන කාර්තුවේදී සියයට 45.2 දක්වා පහත වැටුනි.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් පුලුල් ලෙස වැසී යාම, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙලඳපල ප්‍රවනතා කෙරහි බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. නාගරික අංශයේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2019 දී සියයට 52.3 සිට 2023 තුන්වන කාර්තුවේදී සියයට 45.2 දක්වා පහත වැටුනි. තරුන විරැකියාව, විශේෂයෙන් තරුන වැඩිහිටියන් (වයස අවුරුදු 25-29) අතර, 2023 දෙවන සහ තුන්වන කාර්තුව අතර සියයට 17.7 දක්වා ඉහල ගියේය.

වාර්තාවට අනුව: “නව රාජ්‍ය ආදායම් පියවර ක්‍රියාවට නැංවීම හේතුවෙන් ඇස්තමේන්තුගත ආදායම, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්කල, 2022 දී සියයට 8.4 සිට 2023 දී සියයට 11 දක්වා වැඩි කරගෙන ඇත.”

ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව විසින් නිර්දය ලෙස පනවා ඇති මෙම “ආදායම් පියවරවලට”, සියලුම භාන්ඩ හා සේවා මත පාහේ සියයට 18 ක අගය එකතු කල බද්දක් අය කිරීම හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම ඇතුලත් වේ; නව ආනයන බදු සහ විශේෂ බදු, සහ කම්කරුවන්ගෙන් අය කෙරෙන ආදායම් බදු වැඩි විය. රාජ්‍ය සහනාධාර කප්පාදු කිරීම මගින් විදුලිය, ඉන්ධන සහ ජලය සඳහා අධික මිල ගනන් ද පොහොර සඳහා ඉහල මිල ගනන් ද ප්‍රේරනය කර ඇත.

ආන්ඩුව රජය-සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය, වානිජකරනය හෝ වසා දැමීම සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. ශ්‍රී ලංකාවේ දැනටමත් අබලන් වී ඇති මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති ආන්ඩුවේ අරමුදල් කප්පාදුව මගින් අර්බුදයට ඇද දමා තිබේ.

ලෝක බැංකු වාර්තාව ප්‍රකාශ කරන පරිදි: “ඉහල යන වියදම් සමඟ කටයුතු කිරීම සඳහා කුටුම්භවලින් සියයට 17.5 ක් ඔවුන්ගේ අධ්‍යාපන වියදම් (ලිපි ද්‍රව්‍ය සහ නිල ඇඳුම් ඇතුලුව) සීමා කර ඇති බව පෙන්නුම් කෙරෙන අතර, අරමුදල් හිඟකම හේතුවෙන් බොහෝ කුටුම්භ 2022 මාර්තු සිට ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් කර ඇත.”

2022 දී ශ්‍රී ලංකාව සියයට ඍන 7.3 ක දල දේශීය නිෂ්පාදිත වර්ධන වේගයක් වාර්තා කල අතර, ලෝක බැංකුව එය 2023 දී සියයට ඍන 2.3 දක්වා අඩු වී ඇති බවත් 2024 දී මෙය “ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන” බවත් ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, “වැඩිදියුනු කිරීම” යනුවෙන් තවමත් අදහස් කෙරෙන්නේ, මේ වසරේ සැබෑ වර්ධනයක් නොමැති බවයි.

අප්‍රේල් 2 දා මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆැරිස් හැඩාඩ්-සර්වොස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ආර්ථිකය “ප්‍රකෘතිමත් වීමේ මාවතේ” පවතින බවයි. කෙසේ වෙතත්, ඒ සමගම, “දුප්පත් හා අවදානමට ලක්වූවන් මත ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට තිරසාර උත්සාහයන්” සඳහා ආන්ඩුවට වැඩකරන ජනතාව මත සමාජ ප්‍රහාර දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායක වන ප්‍රතිසංස්කරන පවත්වා ගැනීම” සහ “පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලා ඒම උත්තේජනය කිරීම සඳහා ප්‍රතිසංස්කරන කඩිනම් කිරීම” සඳහා ද්විපාර්ශ්වික උපාය මාර්ගයක් ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පැවසීය. මෙම ඊනියා “ආර්ථික ප්‍රතිසංස්කරන” යන්නෙන් අදහස් කෙරෙන්නේ, වැඩකරන ජනතාවගේ සමාජ තත්වය මත වෙන කවරදාටත් වඩා විශාල ප්‍රහාරයකි.

මාර්තු 29 වන දින ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (ඩීසීඑස්) ප්‍රකාශ කලේ 2019 වසරේ සිට ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට අවම මාසික වියදම සියයට 144 කින් වැඩි වී ඇති බවයි. එම මුදල ගනනය කරනු ලබන්නේ මූලික මාසික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දේ පදනම් කරගෙන ය. එක් පුද්ගලයෙකු සඳහා එය 2019 දී රුපියල් 6,966 විය. කුසගින්න යන්තම් නිවා ගැනීමට සමත් මෙම මුදල් මට්ටම දැන් මසකට රුපියල් 17,014 දක්වා ඉහල ගොස් ඇත.

මෙම ගනන් බැලීම් අනුව, පුද්ගලයෙකුට රුපියල් 560 කින් තම දෛනික අවශ්‍යතා සපුරාගත හැකි වෙතැයි උපකල්පනය කරයි; ඇත්ත වශයෙන්ම, වීදියෙන් මිලදී ගන්නා අඩුම ගුනාත්මක බවකින් යුතු බත් සහ ව්‍යංජන සහිත එක් ආහාර වේලක මිල රුපියල් 250 ඉක්මවයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඊනියා දරිද්‍රතා රේඛාවට, වෙනත් අත්‍යවශ්‍ය උවමනාවන් සඳහා වියදම් ඇතුලත් නොවේ.

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක ආහාර වැඩසටහන 2024 පෙබරවාරි මස නිකුත්කල රටේ සංක්‍ෂිප්ත වාර්තාව ප්‍රකාශ කලේ, “කුටුම්බ සියයට 43 ක් ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් ද, සියයට 42 ක් තවමත් ආහාර සමඟ කටයුතු කිරීමේ උපාය මාර්ග ද අනුගමනය කරන බැවින් සැලකිය යුතු ගැටලු පවතින” බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩක් ඔවුන්ගේ මූලික ආහාර අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට අරගල කරයි.

පුද්ගලයන් සඳහා අවම මාසික වියදම තියුනු ලෙස ඉහල ගොස් ඇති අතර, ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට එය ජනවාරි මාසයේ දී රුපියල් 5,000 ක සොච්චම් දීමනාවක් සහ මේ මාසයේ තවත් රුපියල් 5,000 ක දීමනාවක් ලබා දී ඇත. ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප මසකට රුපියල් 5,000 කින් වැඩි කිරීමට, එනම් රුපියල් 17,500 දක්වා ඉහල නැංවීමට මාර්තු 27දා ශ්‍රී ලංකාවේ කැබිනට් මන්ඩලය එකඟ විය.

ලෝක බැංකුවේ සහාය ලබන ජාමූඅ වැඩසටහනේ ප්‍රධාන තෙරපීම වන්නේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නය සහ පොලී ගෙවීම සහ කම්කරු පන්තියෙන් සහ දරිද්‍රතාවයෙන් පෙලෙන මහ ජනතාවගෙන් උපරිම ප්‍රමානය මිරිකා ගැනීමෙන් මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමයි.

2022 අප්‍රේල් 12 වැනිදා නය පැහැර හැරීම ප්‍රකාශ කරමින් රාජපක්ෂ ආන්ඩුව විදේශ නය ආපසු ගෙවීම නතර කල මුත්, වික්‍රමසිංහ පාලනය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වෙත ඩොලර් බිලියන 1.3 ක් ආපසු ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ. තම ආන්ඩුවට වාර්ෂික නය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 6 ක් වෙන් කිරීමට සිදුවන බව වික්‍රමසිංහ කලින් පිලිගෙන ඇත.

වික්‍රමසිංහගේ පාලක සභාගය සහ විරුද්ධ පක්ෂ—සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය—පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනයට පෙරාතුව නීච උපාමාරු වල යෙදී සිටිති. මෙම සියලු පක්ෂ සහ වෘත්තීය සමිති ජාමූඅ ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන් පැටවීමට කැපවී සිටිති.

සියල්ලටමත් වඩා ලාභ පද්ධතිය ආරක්ෂා කරන මෙම සංවිධාන සමඟ බැඳී සිටියහොත් කම්කරු පන්තියට ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සමාජ කොන්දේසි ආරක්ෂා කර ගත නොහැක. තීව්‍ර වන ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඉදිරියට ගෙන ආ යුතුය.

සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත සහ වතු ජනසතු කිරීම, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම මෙයට ඇතුලත් ය. එවන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය තුලින් පමනි.

උපුටා ගැනීම – wsws.org

අප්‍රේල් 2 දින නිකුත් කරන ලද “ලෝක බැංකු යාවත්කාලීන කිරීම: ප්‍රකෘතිය සඳහා මාවත්” නමැති වාර්තාව 2022 දී රට ගිලගත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මහජනතාවට බලපා ඇති ආකාරය කෙටියෙන් සාකච්ඡා කරයි.

අප්‍රේල් 2 දින නිකුත් කරන ලද “ලෝක බැංකු යාවත්කාලීන කිරීම: ප්‍රකෘතිය සඳහා මාවත්” නමැති වාර්තාව 2022 දී රට ගිලගත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මහජනතාවට බලපා ඇති ආකාරය කෙටියෙන් සාකච්ඡා කරයි. කෙසේ වෙතත්, එය අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද සහ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල “ආර්ථික ප්‍රකෘතිය” සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික දුර්වලතා සහ ඉහල විදේශ නය, දැනට පවතින කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උත්සන්න විය.

මෙම අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව දැරූ ප්‍රයත්නය හමුවේ, 2022 අප්‍රේල්-ජූලි කාලය තුල මිලියන ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුගීන් සහභාගි වූ විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන පුපුරා ගියේය. එම මහජන ව්‍යාපාරය හමුවේ, ආන්ඩුව බිඳ වැටුනු අතර රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්විය.

අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් ඉල්ලා සිටි වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම නැගිටීම පාවාදීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීමට සහ ජාමූඅ කප්පාදු පියවර තීව්‍ර කිරීමට මග පෑදීය.

ලෝක බැංකු වාර්තාව මෙසේ සටහන් කරයි: “ඉහල උද්ධමනය, වැටුප්, ආදායම් සහ රැකියා අහිමිවීම් සහ ප්‍රේෂනවල පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමෙන් කුටුම්භ දරිද්‍රතාවයට පත්ව ඇත.”

ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් ආසන්න වශයෙන් සියයට 60 ක පමන ආදායම් අඩු වී ඇති අතර බොහෝ දෙනෙක් ආහාර අනාරක්‍ෂිතභාවයට, මන්දපෝෂනයට සහ වර්ධනය අඩාල වීමට මුහුන දී සිටිති. කෙසේ වෙතත්, මෙම පුලුල් පරිමානයේ සමාජ විනාශයේ සහ දුක්ඛිතභාවයේ දිගු පැවැත්ම, ජාමූඅ හි ම්ලේච්ඡ සමාජ ප්‍රහාරවල සෘජු ප්‍රතිඵලයකි.

අද බස් වැඩි ධාරිතාවයකින් ධාවනය කරනවා – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම​ය

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

විදේශිකයෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී විදේශිකයෙක් කොත්තුවක් මිලදී ගැනීමට යාමේදී ඔහුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෙළඳසැල විසින් එම විදේශිකයාගෙන් කොත්තුව සඳහා රුපියල් 1,900 ක් ඉල්ලා තර්ජනාත්මකව හැසිරීමට කටයුතු කර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් – රජය

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds – ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සීමාකාරී සාකච්ඡා (restricted discussions) සඳහා බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් (Steering Committee) සහභාගී වී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

661f21910c6a8pdf_page_0

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ අනතුරුට පත්ව ඇත්තේ
වෑන් රථය සහ මෝටර් රථයකි හොරණ නගරයේ තිබූ සංගීතයක් ප්‍රසංගයක් අවසන් වී පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය ඉදිරිපිටදී අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් තරුණයින් හතර දෙනකු අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති අතර තරුණයින් සියලු දෙනාම වයස අවුරුදු 17, 18 ,19 වන මොරගහහේන,ඔලබොඩුව ප්‍රදේශයවල තරුණයින් වේ. තුවාල කරුවන් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් විරුද්ධ පස හොරණ දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයේ බඳ ප්‍රදේශයේ වැඩි නැවත අසල නිවාසයක ආරක්ෂිත බැම්මට සහ දුරකථන කණුවකද වැදී පාරට දෙසට කැරකී නැවතී ඇත. පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් පැයක පමණ කාලයක් වෑන් රථයේ හිරවීම සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හොරණ රථවාහන ස්ථානාධිපති උ.පො.පා විමල් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ 60503 දිමුතු කො.කො 87785 කුමාර යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.

ඉල්ලුමට සරිලන සැපයුම නොමැති වීම බිත්තර මිල ඉහළ යාමට හේතුවයි – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

වෙළඳපොළේ දේශීය බිත්තර මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

කුකුල් මස් හා බිත්තර හිඟයක් නොමැති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඒවායේ මිල ගණන් පහත යනු ඇති බවයි සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ අනතුරුට පත්ව ඇත්තේ
වෑන් රථය සහ මෝටර් රථයකි හොරණ නගරයේ තිබූ සංගීතයක් ප්‍රසංගයක් අවසන් වී පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය ඉදිරිපිටදී අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් තරුණයින් හතර දෙනකු අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති අතර තරුණයින් සියලු දෙනාම වයස අවුරුදු 17, 18 ,19 වන මොරගහහේන,ඔලබොඩුව ප්‍රදේශයවල තරුණයින් වේ. තුවාල කරුවන් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් විරුද්ධ පස හොරණ දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයේ බඳ ප්‍රදේශයේ වැඩි නැවත අසල නිවාසයක ආරක්ෂිත බැම්මට සහ දුරකථන කණුවකද වැදී පාරට දෙසට කැරකී නැවතී ඇත. පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් පැයක පමණ කාලයක් වෑන් රථයේ හිරවීම සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හොරණ රථවාහන ස්ථානාධිපති උ.පො.පා විමල් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ 60503 දිමුතු කො.කො 87785 කුමාර යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

▶ කඳුකරයට පැමිණෙන සංචාරකයන්ට නවමු අත් දැකීමක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස “පිකෝ ට්‍රේල්” මංපෙත සංවර්ධනයට අවධානය

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකියි – ධාවන උපදේශක මිගෙල් කුනාට්

නුවර එළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300 ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ග වලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු වීමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු‍ කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ” ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතා බහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රර්වධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාම් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

” පිකෝ ට්‍රේල් ” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භුමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල් ” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රෙල්” සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවතනයක් තුළින් මෙරට ආර්ථිකය නාගා සිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.