පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙයි

2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් දේව මෙහෙයක් සහ සැමරුමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

තවද අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙන අතර, ඒ මොහොතේ දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.

මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .

මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .
වසර 5 කට ඉහතදී අප්‍රේල් 21 උදෑසන 8:45 පමණ පාස්කු බොම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට එහි ජනතාව ලක්විය .එහිදී මෙම දේවස්ථානයේ 31 දෙනෙකු මියගොස් 93 දෙනෙකු බරපතළ තුවාල ලැබිය .ඉන් එක් අයෙකු තවමත් සදාකාලික අබාධයට ලක්වි ඇත .ඇය 50 වියේ පසුවන දහම් පාසල් ගුරුවරියක් බවත් මේ වන විට බෝම්බ්‍ය පිපිරීමට ලක්වු දෙව්මැදුරට කිලෝ මීටරයක පමණ දුරකින් නව දෙව්මැදුරක් ගොඩනගා එහි දේවමෙහෙයන් පවත්වන බව දෙව්මැදුරේ රෝශාන් දෙවගැතිතුමා පැවසීය .

WhatsApp Image 2024-04-21 at 11.05.00 WhatsApp Image 2024-04-21 at 11.04.53 WhatsApp Image 2024-04-21 at 11.04.46

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වැනිදා  මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කර තිබේ.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් 66 දෙනෙකු ඇතුළුව ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd),  යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම(Novachem Lanka (Pvt) Ltd) නම් කර තිබේ.

වගඋත්තරකරුවන් අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,  භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකාර් වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව පැවසේ.

යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායක බවද වාර්තා වේ. (රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගනිද්දී කොටුවූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක මහතා සෂිමාල්ගේ පියාය.)
ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා, සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නැමැත්තෙකි.

නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd)  යන සමාගම් සියල්ල ඉන්දීය සමාගම් වේ.

පෙත්සම මගින් තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම හා රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම යන කරුණු ඉල්ලා තිබේ.

පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.

එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.

ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

කොළඹ නගරයට එක්වන නවතම අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සුපිරි හෝටලය, මෙරට පළමු වරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වනවා.

ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවට රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රජයේ ආදායම ඉහළ ගොස් තිබෙන බවත්, 2024 වන විට එම අගය 12%ක් දක්වා ඉහළ අගයකින් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

බදු සඳහා ලියාපදිංචි වීමද ඉහළ ගොස් ඇති බවත්, එය හොඳ තත්ත්වයක් වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, රජයට අවශ්‍ය වන්නේ බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවීමට යොමු කිරීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අප්‍රේල් පළමු දින 15 තුළ සංචාරකයින් 82,000 ක් දිවයිනට

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉදිරියෙන් පසුවනවා.

අදාළ වාර්තාව පහතින්.

6621c3be4ac37

ගෝකරැල්ල, මැල්සිරිපුර, කුඹුක්කැටේ,බෝගමුව,පන්සියගම, ස්ථානාධිපතිවරුන් අළුත් අවුරුද්දට බුලත් දෙන්න පොහොට්ටුවේ මන්ත්‍රී යූ.කේ සුමිත්ව හම්බවෙන්න ගියපු අයුරු….

ගෝකරැල්ල, මැල්සිරිපුර, කුඹුක්කැටේ,බෝගමුව,පන්සියගම, ස්ථානාධිපතිවරුන් අළුත් අවුරුද්දට බුලත් දෙන්න පොහොට්ටුවේ මන්ත්‍රී යූ.කේ සුමිත්ව හම්බවෙන්න ගියපු අයුරු…

WhatsApp Image 2024-04-18 at 22.19.56 WhatsApp Image 2024-04-18 at 22.19.26 WhatsApp Image 2024-04-18 at 22.19.10

කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පරික්ෂණ වලට අදාල ගිණි තබා විනාශ කරන ලද යතුරු පැදියට අදාල බවට සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු සහ යතුරු පැදි වල කොටස් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල ඇලේ තිබි සොයාගනි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.
කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය
පරික්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පරික්ෂණ
වලට අදාල ගිණි තබා විනාශ කරන ලද යතුරු පැදියට
අදාල බවට සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු
සහ යතුරු පැදි වල කොටස් පොලිස් විශේෂ කාර්ය
බලකාය විසින් රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ
බෝක්කුව අසල ඇලේ තිබි සොයාගනි.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.17 වන දින
ඌරගස්මංහදිය පොලිස් වසමේ රන්තොටුවිල
කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල දී වැටලීමක්
සිදුකර ඇත.
එහි දී 2024.02.26 වන දින ඇල්පිටිය පොලිස් වසමේ
කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය
පරික්ෂකවරයෙකු වන රෝශාන් කුමාර යන අය වෙඩි
තබා ඝාතනය කිරිමෙන් දින දෙකකට පසු එනම්
2024.02.28 වන දින DIO වර්ගයේ යතුරු පැදියක්
රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසලදි
ගිණි තබා තිබියදි සොයා ගත් යතුරු පැදියට අදාල බවට

සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු දෙකක් හා
ස්කූටර් වර්ගයේ යතුරු පැදි වල ඉන්දන ටැංකිය වැසිම
සදහා භාවිතා කරනු ලබන රවුම් හැඩති මුඩියක්ද
ඌරගස්මංහදිය පොලිස් වසමේ රන්තොටුවිල
කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල ගැඹුර අඩි 9ක්
පමණ වන ඇල තුල දි සොයාගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා ඌරගස්මංහදිය පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත. පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම
සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ
මත්ද්රව්යජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ
ජාලයන් මර්ධනය කර මනුෂ්ය ඝාතන හා
සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම් මැඩලීම සඳහා
සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති
නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස්
පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ.
විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස්
අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රව්ය නාශක හා
සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර
මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය
විශේෂ මෙහෙයුම් ඒකකය II හි උප ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක එස්.කේ කග්ගොඩආරච්චි ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

WhatsApp Image 2024-04-18 at 21.33.52

පිටිගල පොලිස් වසමේ නියාගම ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.
පිටිගල පොලිස් වසමේ නියාගම ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.17 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 59, GH පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී 2024.03.11 වන දින පිටිගල පොලිස් බල ප්‍රදේශයේ ගුරුවල හොරංගල්ල නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අය සමඟ සමීප සම්බන්ධතා ඇති කහදූව, උණන්පිටිය සහ තවලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31ක් වන පුද්ගලයින් තිදෙනෙකු යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්රව්ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රව්ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජි.එස්.සි. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමක් සිදුකර ඇත.

WhatsApp Image 2024-04-18 at 21.32.48 WhatsApp Image 2024-04-18 at 21.32.47 (1) WhatsApp Image 2024-04-18 at 21.32.47

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් හමුවෙයි…

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් හමුවෙයි…

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුහ් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

WhatsApp Image 2024-04-18 at 13.51.13 (2) WhatsApp Image 2024-04-18 at 13.51.13 (1) WhatsApp Image 2024-04-18 at 13.51.13 WhatsApp Image 2024-04-18 at 13.51.12 (1) WhatsApp Image 2024-04-18 at 13.51.12