මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.

මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.

අධ්‍යක්ෂක දේවගැති වී. ආසිරි පෙරේරා සහ සහායක දේවගැති ක්‍රිෂාන්ත මේදිස් සමගින් මොරටුමුල්ල සභාවේ සාමාජික සාමාජිකාවන් 200 දෙනෙකු පමණ මෙම කඳවුරට සහභාගි වූහ.

මෙහිදී වයස් කාණ්ඩ අනුව වෙන් කරමින් විවිධ දේශන සහ ක්‍රියාකාරකම් ද පැවැත්විණි.
මෙම පවුල් කඳවුරේ විශේෂ වැඩසටහනක් ලෙස මැරේජ් මසාලා ආයතනය සහ වන් හෝප් ආයතනය සහභාගි වූ අතර අවසාන දිනයේ පවුල් කැප කිරීමේ දේවමෙහෙය සඳහා මඩකලපුව සියෝන් දේවස්ථානයේ රොෂාන් දේවගැතිතුමා ඇතුළු කණ්ඩායම සහභාගි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. එමෙන්ම පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව යැයි පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීමද, එම විධායක සභාවට ද මැයි මස 08 වන දින දක්වා කොළඹ දිසා අධිකරණය අද දින වාරණයෝගයක් දී තිබෙනවා
තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බවද සඳහන්.

පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු

හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය අප්‍රේල් මස (01 )දා හොරණ සව්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි තිරිඟු පිටි තොග බෙදා පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලාගිය සැකකරුවන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අද (22)දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොකුණුවිට, වැලිකල, සිදුරංගල ප්‍රදේශයේ බේකරියක හිමිකරුවෙකු සහ එම ප්‍රදේශයේම සැකකරුවන් හතර දෙනෙකි. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 11ක් කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරුපැදිය හෙල්මට් දෙකක් , තියුණු ආයුධ පොලිසිය විසින් සොයා ගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන් සීසී ටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරමින් යතුරුපැදියේ පසුපැදිකරු වශයෙන් කටයුතු කළ මීට පෙර චීවරධාරියෙකුව සිට ඉවත් වූ සැකකරුවකු හොරණ පොකුණුවිට හංදියේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලයට පැමිණි යතුරුපැදිකරු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරු පැදිය ද කොල්ලකෑ මුදලින් මිලදීගත් යතුරුපැදියක්ද තියුණු ආයුධ දෙකක්, මිලදී ගත් රන් මාල දෙකක්,පොලිස් භාරයට ගෙන ඇත.

කොල්ලකෑම සඳහා උපදෙස් ලබා දුන් ප්‍රධාන මොළකරු වන හොරණ සිදුරංගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බේකරියක හිමිකරු සහ කොල්ලකෑම සඳහා අනුබල දුන් කොල්ලකෑමට ලක්වූ පිටි බෙදා හැරීමේ ආයතනයේ සේවකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලය පැමිණි දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් වන අතර කොල්ලකෑ මුදලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදාගෙන.

සැකකරුවන් හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විවාදයට ජාතික ජන බලවේගයේ නායකයා දින දෙයි

(විවාදයට ජාතික ජන බලවේගයේ නායකයා දින දෙයි)

රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මහලේකම්
සමගි ජන බලවේගය
592, කෝට්ටේ පාර,
කෝට්ටේ.

මහත්මයාණෙනි,

විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.

ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.

එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.

එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.22

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වුණා.

පන්නිපිටියේ ලී මෝලක ගින්නක්

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.

අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර, දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි
දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි
රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද
රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු
තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල
තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය
කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ අඹගහදූව, වල්ලඹගල
ඇල්පිටිය ලිපිනයේ පදිංචි හැට අට හැවිරිදි
කාලිංග නිහාල් සෝමරත්න නමැති තීරෝද රථ රියදුරු හා
ඇල්පිටිය මිල්ලගහදූව පදිංචි දස හැවිරිදි තිනුල
පනාන්දු,සහ එම ලිපිනයේම් පදිංචි අට හැවිරිදි කෙනුලි
පනාන්දු යන එකම පවුලේ සහෝදරයෙක් සහ
සහෝදරියකි. ඔවුන්
දෙදෙනාම අම්බලන්ගොඩ පොල්වත්ත බුද්දධත්ත
පාථමික විදුහලේ අධයාපනය හදාරන්නෝය.
මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාවන්
දෙදෙනෙක් කරාපිටිය රෝහලේද පාසල් ශිෂයාවක්

ඇල්පිටිය රෝහලේද පතිකාර ලබන බව ද පොලීසිය
කියයි. මෙම අණතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස්
ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර
ලොරි රථයේ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ්
පවත්වයි.

WhatsApp Image 2024-04-21 at 20.54.19 (1) WhatsApp Image 2024-04-21 at 20.54.19 WhatsApp Image 2024-04-21 at 20.54.18 (2) WhatsApp Image 2024-04-21 at 20.54.18 (1) WhatsApp Image 2024-04-21 at 20.54.18

ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු තොගය ලෙස ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2,000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.

කෙසේවෙතත් මෙරට මාසික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් අද උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක්

අදට වසර 5කට පෙර පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූවන් සිහිපත්කරමින් අද (21) උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.

ඊට සමගාමීව අද උදෑසන 8.45 ට දිවයිනේ සියලු කතෝලික දේවස්ථාන වල ඝණ්ඪාර නාද කරන බවයි කතෝලික සභාව නිවේදනය කළේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරුදින සිදු වූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 273 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, එදින පළමු බෝම්බ ප්‍රහාරය උදෑසන 8.45 ට එල්ල වී තිබුනා.