රුසියාවේ පැවැත්වෙන විශේෂ කලාපිය ආරක්ෂක ද්වීපාර්ෂවික සබදතා පිලිබද සාකජාවක් රුසියානු රජයේ ආරක්ෂක ලේකම් ප්‍රැට්රසොව් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග රුසියවේදි පැවැත්වුනි.

රුසියාවේ පැවැත්වෙන විශේෂ කලාපිය ආරක්ෂක ද්වීපාර්ෂවික සබදතා පිලිබද සාකජාවක් රුසියානු රජයේ  ආරක්ෂක ලේකම්  ප්‍රැට්රසොව් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග රුසියවේදි පැවැත්වුනි. මෙම අවස්තවේ කලාපිය රාජ්‍යන් අතර සහය සහ ආරක්ෂාව පිලිබද විශේෂ සකජ්ජාවක් පැවැත්වුනි.

WhatsApp Image 2024-04-27 at 16.44.18 WhatsApp Image 2024-04-27 at 16.44.17 (2) WhatsApp Image 2024-04-27 at 16.44.17 (1) WhatsApp Image 2024-04-27 at 16.44.17

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අනතුරෙන් තවත් සෙබලුන් 09 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි. ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුධ හමුදා හත්වන සේවා බලකායට අනියුක්ත, මුරුකණ්ඩි කඳවුරේ රාජකාරි කළ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙක් බවයි පොලිසි පැවසුවේ.

මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
WhatsApp Image 2024-04-26 at 14.42.27 WhatsApp Image 2024-04-26 at 14.42.18

අනුර දිසානායක ස්වීඩනයට

අනුර දිසානායක ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීෙය්දී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය.

අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය විවෘත කෙරේ

ITC Ratnadipa Colombo අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණය අද (25) විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ හෝටලය විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලමකින්ද මෙම හෝටලය සමන්විත වනවා.

රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
0773710807
25.04.2024

රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා
‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27 වැනිදා) පැවැත්වේ.

මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙන්ම රට පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වේ.

WhatsApp Image 2024-04-25 at 18.17.26 WhatsApp Image 2024-04-25 at 18.15.45

මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට

24-04-25
කැකිරාව කුෂාන් ජයවර්ධන
මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට
මත් ද්‍රව්‍ය භාවිතය සදහා මුදල් සොයා ගැනීමට රාත්‍රි කාලයේ නිවාස බිද ඒවාට ඇතුලු වී රන්භාණ්ඩ සොරාගත්, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 15කට අධීක රණ්භාණ්ඩ හා මත්ද්‍රව්‍ය තොගයක් ද සමග කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉකුත් දා කැකිරාව ඔලොම්බෑව ප්‍රෙද්ශයේ නිවසක් බිද එහි තිබූ රුපියල් පහලොස් ලක්ෂ විසි දාහක් (15,20000) වටිනා රණ්භාණ්ඩ තොගයක් සොරා ගෙන තිබිණ. ඒ සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාව විසින් කැකිරාව පොලිස් ස්ථානයට කර තිබූ පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබිණ. එහිදී කැකිරාව පොලිස් බුද්දි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සිදු කළ වවටලෑමකදී හෙරොයින් තොගයක් ද සන්තකයේ තබා ගෙන කලාවැවට ආසන්නයේ වූ ප්‍රෙද්ශයක හේනක සැගව සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය සදහා තදින් ඇබ්බැහි වී ඇති සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ද ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 6යි මිලි ග්රෑම් 500ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු ඔලොම්ඹෑව ප්‍රදේශයේ නිවසක් බිද සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට අධික රන් භාණ්ඩ කොළඹ මරදාන ප්‍රෙද්ශයේ පිහිටි රණ්භාන්ඩ උකස් ගන්නා ආයතනයකට උකස් කර තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එම රන් භාණ්ඩ උකස් කර ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරකට අධීක මුදලක් වැය කර එම සැකකරු හෙරොයින් භාවිතා කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් මින් පෙරද සැකකරු නිවාස බිදීම් හා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂීත බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවද පොලිසිය කියයි.
සොරකම්කර උකස් තබා තිබියදී සොයා ගන්නා රණ භාන්ඩ ද සමග අත්අඩංගුවටපත් එම සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

WhatsApp Image 2024-04-25 at 17.55.13 (2) WhatsApp Image 2024-04-25 at 17.55.13 (1) WhatsApp Image 2024-04-25 at 17.55.13 WhatsApp Image 2024-04-25 at 17.55.12 (4) WhatsApp Image 2024-04-25 at 17.55.12 (2) WhatsApp Image 2024-04-25 at 17.55.12 (1) WhatsApp Image 2024-04-25 at 17.55.12 (3) WhatsApp Image 2024-04-25 at 17.55.12

දමිතා අබේරත්නට ඇප

රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන ඇය සහ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය මහාධිකරණය තීන්දුව ලබාදෙයි..

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට
බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ
වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය
මහාධිකරණය තීන්දුව ලබාදෙයි..
ඌරගස් මං හන්දිය පොලිස් වසමේ නවදගල
ප්‍රදේශයේදී 2014 වසරේ මැයි මාසයේදී දහතුන් හැවිරිදි
දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසිය විසින් වයස 16ට අඩු බාල වයස්කාර දැරියක්
දූෂණය කිරීමේ චෝදනාව යටතේ හිපංකන්ද නවඳගල
ප්‍රදේශයේ පදිංචි හේවා නුවන් සම්පත් යන අයට
එරෙහිව බලපිටිය මහාධිකරණයේදී 2452/2019 අංකය
යටතේ පවරා තිබූ වසර 10ක් තිස්සේ විභාග වෙමින්
තිබූ නඩුවක් 24 වන දින විභාගයට ගත් අවස්ථාවේදී
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බලපිටිය
මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින්
විත්තිකරුට එරෙහිව අවුරුදු දහයක බරපතල වැඩ
ඇතිව සිර දඬුවමක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ
පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කල අතර
රුපියල් 25000 ක දඩ මුදලක් ද ගෙවීමට නියම
කළේය.දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල්
සිර දඬුවමක් නියම කළ අතර වින්දිතයාට රුපියල් ලක්ෂ

පහක් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර
දඬුවමක් නියම කරන ලදී.
අගතියට ලක්වූ දැරියගේ සහෝදරියගේ සැමියා විසින්
මෙසේ ඇයව දූෂණය කර තිබුණි.ඒ වන විට ඇයගේ වයස
අවුරුදු දහතුනක් වූ අතර දූෂණයට ලක් වීමෙන් පසුව
ඇයට විත්තිකරුට දාව දරුවකු පිළිසිඳගෙන තිබූ අතර එම
දරුවා මේ වන විට නව හැවිරිදි වියේ පසුවේ.
මෙම දූෂණ නඩුව සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසියේ කාන්තා පොලිස් සැරයන් උමාලි (3021) විසින්
මෙහෙය වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ
අධිනීතීඥ සුදේශිකා තිලකරත්න මහත්මිය පෙනී
සිටින ලදී.