සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුනා.

ප්‍රවීන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කරමින් සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකලා.

මැයි පළමුවෙනිදා කොළ​ඹ ආශ්‍රිත​ව විශේෂ රථ වාහන සැලැස්මක්

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ විස්තරය සහ මාර්ග සිතියම් පහතින්.

6630ad17dd599 6630ad17ec2d3 6630ad18053c1 6630ad1819c4e

සැක කටයුතු ලෙස දින හතරක් නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් හොරණ පොලිසිය මගින් සොයා ගනී.

ගල්පාත – චන්දන පෙරේරා
මෙසේ දින හතරකට පෙර මියගොස් ඇත්තේ දික්හේනගම මුණගම හොරණ (78) බාලගේ දොන් උබයසේන නැමැති විවාහක පුද්ගලයෙකි.

මොහු නිවසේ තනිව ජීවත් වී ඇති අතර දරුවන් විවාහ වී වෙනම ජීවත් වන බවත් බිරිඳ විදේශගත රැකියාවක් ද ගොස් ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.අසල නිවැසියන් (25) දින සිට දින තුනක් තිස්සේ නිවසේ සිට නැති අතර ඔවුන් (28) රාත්‍රී නිවසට පැමිණ ඇත උදෑසන ජලය නැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුද්ගලයාගේ නිවසට ජලයා ලබා දෙන බටය කැඩී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අසල නිවසේ කාන්තාව ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ නිවසේ දෙසින් දුගදක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව කාන්තාවගේ නිවසේ වැඩිහිටි පුද්ගලයන් වෙත දන්නවා මේ පිළිබඳව එම නිවසේ වා කවුළුවෙන් බැලීමේ දී පුද්ගලයා එල්ලී සිටිනු දැක අසල නිවැසියන් හොරණ පොලිසියට දන්වා ඇත.

හොරණ පොලිසියේ නිලධාරීන් පැමිණ දොර විවෘත කර බැලීමේදී අදාළ පුද්ගලයා නිවසේ කාමරයක් තුළ එල්ලී සිටුනු දැක ඇත. ඒ වන විටත් ඔහුගේ ශරීරයෙන් දැඩි දුකක්ද හමමින් තිබී ඇත.

ඔහු මිය යාමට පෙර දරුවන් පිළිබඳව කලකිරීමෙන් මත්පැන් පානය කරමින් කාලය ගතකර ඇති බව අසල්වාසීන් පවසයි. අලුත් අවුරුද්දට ඔහුව බැලීමට පුතා පමණක් පැමිණ ඇති අතර ඔහුට සරමක් තෑගි ලෙස ලබාදී පිටව ගොස් ඇත. මිය යන විට ඔහු ඇඳගෙන සිට ඇත්තේ එම සරම බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව
පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් උ.පො.පා.අබේකෝන් පො.සැ.21385 තිලකරත්න නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භක කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිධාරියා වෙත යොමු කර ඇත. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ
පො.සැ. 30787නෙළුම් බංඩාර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-04-30 at 15.37.25

 

පාඨලී සී.අයි.ඩීයට කැඳවයි

පාඨලී සී.අයි.ඩීයට කැඳවයි

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙට (30) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

WhatsApp Image 2024-04-29 at 16.48.26

ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගවලින් පෙළෙනවා – විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩු​ව

මෙරට ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා.

දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩුකර, දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා.

එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේ.

ඒ අනුව එම ස්ථානයේ ඇති මතුපිට ජලය ඉවත් කිරීම සඳහා අද කටයුතු කරන බවත්, අංශ කිහිපයක සහයෝගය මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවයි එහි ලේකම් ධම්මික මිරිහාන සඳහන් කළේ.

වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ගුවන්තොටුපල Automated Facial Recognize System (AFRS) පද්ධතියට කොටුවෙයි……

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ගුවන්තොටුපල Automated Facial Recognize System (AFRS) පද්ධතියට කොටුවෙයි……

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නො. 214/එස්, දෙලිගහවත්ත, අංගොඩ, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී (අවු. 47) යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.28 වන අද දින කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමේදී මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ⁣මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

2024.04.19 වන දින මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා සිට ඇති බවද අනාවරණය වී ඇත.

එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් නිසා මේ ආකාරයෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර විසින්.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මැදිහත්වන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

662bc5c874581