වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවතේ මෙම විරෝධතාව පැවැත්වෙමින් තිබුණා.

මේ හේතුවෙන් අනගාරික ධර්මපාල මාවතේ එක් මංතීරුවක් වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.

24-05-03
කැකිරාව කුෂාන් ජයවර්ධන

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.
අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ. අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කෙරිණ.
අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුකුඩ, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්චි හා එම ප්‍රෙද්ශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළ එම කාර්යාලයට අනියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ කර්මාන්ත ශාලාව පුර්ණ පරීක්ෂාවකට ලක්කිරීමට මෙහිදී කටයතු කරනු ලැබීය.
එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂනයට ලක් විය. එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය. එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශුය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළීබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය. අදාළ කර්මාන්ත ශාලාව තුළ ඒ වනවිටත් නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය වල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය. මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වටලෑම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීහු අනාවරණය කර ගත්හ.
අදාළ කර්මාන්ත ශාලවේ මූලික කිරි සැකසුම් ස්ථානය අසලින් භාහිර පරිසරයට නිකුත් කෙරෙන අප ජලය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් මෙහිදී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබිණ. ඒ ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක් සේම දැඩිලෙස මැස්සන්ගේ ගහනයක් ද වර්ධනය වී තිබිණ. කර්මාන්ත ශාලවේ නිෂ්පාදන අංශය ද මැස්සන්ගෙන් ගහනව පවතින බව නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වින. එහි අමුද්‍රව්‍ය ගබඩා තුල අමුද්‍රව්‍ය ගඩා කිරීම සෞඛ්‍ය ක්‍රමවේදයන්ට හා නීති රෙගුලාසිවලට අනුකූල නොවන අයුරින් සිදු කර ඇති බව ද මෙහිදී විමර්ශණ නිලධාරීන් අනාවරණය කර ගත් අතර එම ගබඩා තුළ තිබී එහි ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා නිෂ්පාදිත දිනයක් කල්ඉකුත්වීමේ දිනයක් හෝ ඇතුළත් නොවන මෙන්ම නිෂ්පාදකයන්ගේ විස්තර ඇතුළත් ලේබල නොමැති අමුද්‍රව්‍ය වර්ග කිහිපයක් ද මෙහිදී විමර්ශණ නිලධාරීන් විසින් සොයා ගැනිණ. තවද එහි ගබඩා තුල තිබී මීයන් විසින් සපා කා විනාශ කළ ඇසුරුම් තොගයක් ද සොයා ගැනීමට විමර්ශණ නිලධාරීහු සමත් වූහ.
මින් පෙරද අදාළ කර්මාන්ත ශාලවේ නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයකුගෙන් ළත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැකිරාව සෞක්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අදාළ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සම්බන්ධයෙන් ලබා ගත් ආහාර සාම්පල වල අසූචි මිශ්‍රිත බවට තහවුරු වී ඇති බවද සෞඛ්‍ය අංශ බලධාරීහු පවසති.
කුඩා දරුවන් රෝගීන් මෙන්ම ගැබිනි මව්වරුන් ඇතුලු පිරිස් ද ලබා ගන්නා කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන මෙම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සෞඛ්‍ය නීති රීතිවලට එකගව නිවැරදිව සකසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශයන් ලබා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන් අදාල ව්‍යාපාරිකයාට දන්වා ඇති අතර එතෙක් පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා යහපත වෙනුවෙන් එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීහු මෙහිදී පියවර ගත්හ.
අදාළ කර්මාන්තශාලාවේ සිදු කෙරෙනු ආහාර නිෂ්පාදනයන්ගෙන් ලබා ගත් සාම්පල රැසක් ද වැඩිදුර විමර්ශණ සදහා අද(03) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමුණු එම කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව චෝදනා ගොනුකර කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්චි මහතා අප කළ විමසීමකදී පැවැසීය.

WhatsApp Image 2024-05-03 at 16.48.12 (1) WhatsApp Image 2024-05-03 at 16.48.12 (2) WhatsApp Image 2024-05-03 at 16.48.12 WhatsApp Image 2024-05-03 at 16.48.13 (1) WhatsApp Image 2024-05-03 at 16.48.13 (2) WhatsApp Image 2024-05-03 at 16.48.13 (3) WhatsApp Image 2024-05-03 at 16.48.13 (4) WhatsApp Image 2024-05-03 at 16.48.13 (5) WhatsApp Image 2024-05-03 at 16.48.13 (6) WhatsApp Image 2024-05-03 at 16.48.13 WhatsApp Image 2024-05-03 at 16.48.14 (1) WhatsApp Image 2024-05-03 at 16.48.14 (2) WhatsApp Image 2024-05-03 at 16.48.14 (3) WhatsApp Image 2024-05-03 at 16.48.14 (4) WhatsApp Image 2024-05-03 at 16.48.14 (5) WhatsApp Image 2024-05-03 at 16.48.14 (6) WhatsApp Image 2024-05-03 at 16.48.14 WhatsApp Image 2024-05-03 at 16.48.15 (1) WhatsApp Image 2024-05-03 at 16.48.15 (2) WhatsApp Image 2024-05-03 at 16.48.15

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන ‘ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට පිළිගෙන තිබෙනවා.

ඉකුත් පෙබරවාරි මාසයේදී එංගලන්තයේ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නීති ලියවිල්ලක් මගින් ඇස්ට්‍රා සෙනෙකා සමාගම මේ බව පිළිගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමේ අතුරු ආබාධයක් ලෙස රුධිර කැටි ඇති වීමේ හා රුධිර පට්ටිකා අඩු වීමේ රෝගය හෙවත් ත්‍රොම්බෝසිස් ත්‍රොම්බෝසයි ටෝපේනියා සින්ඩ්‍රෝම් (ටීටීඑස්) රෝගය ඇති විය හැකි බව එම සමාගම පිළිගෙන ඇති බවයි.

ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිපදවූ කොරෝනා එන්නත විද ගැනීමෙන් බොහෝ දෙනකු මරණයට පත් වූ බවත් තවත් පිරිසකට දරුණු ආබාධ හටගත් බවත් පවසමින් එංගලන්ත මහාධිකරණය හමුවේ අදාළ සමාගමට එරෙහිව නඩු 51ක් ගොනු කර ඇති බවත් බව එංගලන්තයේ පළ වන ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත පෙන්වා දෙනවා.

එහිදී පෙත්සම්කරුවන්, වින්දිතයන් හා එන්නත විදීමෙන් අනතුරුව මිය ගිය අය වෙනුවෙන් ඇස්ට්‍රා සෙනෙකා සමාගමෙන් පවුම් මිලියන 100කට අධික වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා.

ජේමි ස්කොට් නමැති දෙදරු පියෙකු විසින් අදාළ සමාගමට එරෙහිව පළමූ නඩුව ගොනු කර තිබුණා.

එහි දී ඔහු අවධාරණය කළේ, ඔහු 2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු ඔහුට රැකියාවේ නියැලීමට කිරීමට නොහැකි වූ බවයි.

රුධිර කැටියක් සහ මොළයේ ලේ ගැලීමක් වර්ධනය වීමෙන් පසු මොළයේ ස්ථීර තුවාලයක් හට ගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත්, ඉකුත් 2023 වසරේ මැයි මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ නීතිවේදීන් එම සමාගමට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වලට පිළිතුරු සපයමින් පවසා තිබුණේ ඇසෙනෙකා එන්නත මගින් ත්‍රොම්බෝසිස් ත්‍රොබෝසයිටෝපේනියා සින්ඩ්‍රෝම් රෝගය ඇති වන බව පිළිගත් නොහැකි බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් නිපද වූ කොරෝනා එන්නත ‘වැස්සෙවේරියා ‘ හා කොවිෂිල්ඩ්’ යන වෙළෙඳ නාමයන් යටතේ නිපදවා නිකුත් කරනු ලැබුවා.

මෙම එන්නත කොරෝනා ආසාදනයෙන් වැළකීම සඳහා නිපදවා තිබූ සෙසු එන්නත් 39 ක පමණ සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයකින් ලෝකයේම වෙසෙන ජනතාව වෙත ලබා දි ඇති බවද වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍යවලට අනුව එම එන්නත් මාත්‍රා බිලියන 1.3කට අධික සංඛ්‍යාවක් කොරෝනා සමයේ ජනතාවට ලබා දී තිබෙනවා.

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමු විය. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී.

 

WhatsApp Image 2024-05-02 at 15.45.52 (2) WhatsApp Image 2024-05-02 at 15.45.53 WhatsApp Image 2024-05-02 at 15.45.52 (1) WhatsApp Image 2024-05-02 at 15.45.52

අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අල්ලයි. පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්‍රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවතට

අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අල්ලයි. පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්‍රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවතට
ලංකා ජනතා පක්ෂයේ මහ ලේකම් සහ අනෝජ් සිල්වා විසින් පක්ෂයේ බලය අල්ලා ඇති බවට විශ්වාසය කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වී ඇති බවත්. ඉදිරියේදි නිල වශයේන් දැනුම් දෙන බවට පක්ෂයේ ආරංචි මාර්ග මගින් දැන ගනිමට හැකිවිය.

හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු සහ ඉහළපෙළේ ආයෝජකයකු වන රේන සිල්වා ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටී.

හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු සහ ඉහළපෙළේ ආයෝජකයකු වන රේන සිල්වා ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටී.

ඒ පසුගිය සිකුරාදා සහ අඟහරුවාදා අතර ඔහු විසින් හේලීස් හි කොටස් මිලියන 7ක් පමණ මිලදී ගැනීමත් සමගය.

එම මිලදී ගැනීමත් සමග 1.76%ක් වූ මිලියන 13.2ක කොටස් හිමිකාරීත්වය දරන, පෙර තුන්වැනි විශාලතම කොටස් හිමියා වූ McLarens Holdings Ltd.ට වඩා මදක් ඉහළින් සිටිමින් සිය කොටස් ප්‍රමාණය මිලියන 13.5ක් හෙවත් 1.8%ක් දක්වා වැඩිකර ගැනීමට රේන සිල්වා සමත්ව සිටී.

ධම්මික පෙරේරා හේලීස් පීඑල්සී හි 51% කොටස් හිමි විශාලතම කොටස්කරුවා වන අතර D.S. ජයසුන්දර භාරයේ භාරකරුවන් කොටස්වලින් 11.6%කට හිමිකම් කියයි.

රේන හේලීස් වෙත මෙම ප්‍රවේශය ලබාගෙන තිබුණේ 2024 මුල්‍ය වර්ෂය සඳහා අප්‍රේල් 1 වැනි දින රුපියල් 5.35 ක් වූ හේලීස්හි පළමු අන්තර්වාර ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට පෙරය.

අඟහරුවාදා හේලීස් කොටසක මිල රුපියලකින් ඉහළ ගොස් මිල රු. 91ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය සතියේ රේනර් එම කොටසක් සඳහා ගෙවූ රු. 83ට වඩා බෙහෙවින් වැඩිය.

පසුගිය සිකුරාදා හේලීස් හි කොටස් මිලියන 6.1ක් රු. මිලියන 508.5කට ගනුදෙනු වී තිබිණි.

සඳුදා හේලීස් හි කොටස් 500,000 ඉක්මවා ගනුදෙනු වී තිබුණේ කොටසක් රු. 86 බැගිනි.

රේන සිල්වා පවසන්නේ දැනට හේලීස් අවතක්සේරු කර තිබුණ ද එය අනාගතයේ උඩු යටිකුරු කරනු ඇති බවයි.

හේලීස් වෙත තම ආයෝජනය දිගුකාලීන එකක් ඔහු පෙන්වා දී තිබේ.

ඔහු සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමියා ද වන අතර, 15%ක් වන එහි බහුතර කොටස් හිමිව ඇත්තේ ධම්මික පෙරේරා විසින් පාලනය කරනු ලබන Vallibel One Plc වෙතය.

මාලිමාවේ මැයි දින සැමරුම ආරම්භ වෙයි

ජාතික ජන බලවේගය පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට හැව්ලොක් පාරෙන් ආරම්භ කර ඇති පෙළපාලිය මැයි දින රැළිය පැවැත්වෙන ලිප්ටන් වටරවුමට ළඟා වෙමින් තිබෙනවා.

මේ අතර ඔවුන් මාතර ප්‍රදේශයේද ප්‍රධාන මැයි රැළියක් සංවිධානය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොහොට්ටුවේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේදී සිය පක්ෂයේ රැළිය මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සජබ මැයි දින සැමරුම ආරම්භ කෙරේ

සමගි ජන බලවේගය පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සමගි ජන බලවේගය පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙමින් තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන්.

මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩුවක් සමග රන්මාල කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩුවක් සමග රන්මාල කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

මිල්ලනිය චන්දන පෙරේරා
දියණියකගේ සහ මවකගේ රන්මාල කොල්ලක් කෑ බැවට ලැබුණු පැමිණිල්ලක් මත සැකකරු අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෙමුණ අරඹකන්ද අක්කර 35 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
(27) දින පොලිසිය විසින් බැල්ලපිටිය ප්‍රදේශයේ සකී නැමති පුද්ගලයෙකුට අයත් පාළු නිවසක් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසියම් අපරාධයකට සූදානම් වෙමින් සිට ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් සමග රෙමුණ වැලිකැටැල්ල ප්‍රදේශයේ උදෑසන පාරේ ගමන් කරමින් සිටි මවකගේ (92) සහ (68) දියණියකට පහරදී ගෙලේ තිබූ රන් මාල කොල්ල කා පලායාමට උත්සාහ දැරීමේදී දියණිය කොල්ලකරුවන් දෙදෙනා සමග පොර බදින අවස්ථාවේ දියණියගේ ගෙල මිරිකාගෙන සිටි කොල්ලකරු මව තල්ලූ කර පැනයාමට උත්සහා දැරීමේදී මුහුණු වසාගෙන සිටි රෙදි කැබැල්ලි ගැලවී යාම හේතුවෙන් කොල්ලකරුවන් දෙදෙනා දියණිය විසින් හඳුනාගෙන ඇත.

දියණිය විසින් අඟුරුවාතොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කල පොලිසිය
සැකකරුවන් දෙදෙනා බැල්ලපිටිය, අරඹකන්ද, අක්කර 35 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව හදුනාගෙන ඇත. මොවුන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බවට තොරතුරු ලැබී තිබුනි.

මෙම ප්‍රධාන සැකකරු ප්‍රදේශයේ විවිධ අපරාධ රැසකට නායකත්වය දෙන පුද්ගලයා බව හදුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අඩි 2.1/2 පමණ දිග කඩුවක්, මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී දිනකට රුපියල් 10000.00 පමණ මත්ද්‍රව්‍ය අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. අනෙක් සැකකරු “චූටා “නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

අඟුරුවාතොට පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද මහතාගේ ප්‍රධානත්වය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු අද හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.