විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබාදී තිබෙනවා.

මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (14)  විරෝධතා මතුකර තිබුණා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙන්වාදී තිබුණේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය වලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව දැනුම්දී තිබෙනවා.

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමේදී, ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගත් රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන නීති විරෝධී දුම්වැටි 1,600ක් භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් – UNHCR කාර්යාලය

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා.

එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය ව්‍යාජ වාර්තාවක් බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

66443b349223d

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කරයි

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඒ අනුව විද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත්වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවයි එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේ.

ජලය හා විදුලිය සැපයීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බවත්, අන්තර්ජාල පහසුකම් සැපයීමෙන්ද සම්පූර්ණයෙන් ඉවත් වන බවයි ඔහු සඳහන් කළේ.

මෙවැනි අපරාධයක් විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන්නේ රජයේ ක්‍රියා කලාපය නිසා බවයි ධම්මික ප්‍රියන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වන දිනටත් අද (14) පැවැත්වෙනවා.

අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

වර්ජනය හේතුවෙන් සියලු විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබෙනවා.

දැරිය කෙලෙසූ පාපතර කාමාතුයා පොලිස් දැලේ

දැරිය කෙලෙසූ පාපතර කාමාතුයා පොලිස් දැලේ

ගලෙන්බිදුණුවැව කොකාවැව පොලිස් වසමට අයත් තීත්තැල්ලෑව කොකාවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් පමණ වන බාලවයස්කාර දැරියක් දුෂණය කොට සැගව සිටි පුද්ගලයෙකු කොකාවැව පොලිස් ස්ථානය මගින් ගලෙන්බිඳුණුවැව නගරයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය පවසති.

මෙම බාලවයස්කාර දැරිය නිවසේ තනිව සිටින අවස්ථාවේ දී අදාල සැකකරු විසින් බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී ඇති බවත් එම අවස්ථාවේ දී 17 හැවැරිදි දැරිය දුෂණයට ලක් කොට පලාගොස් තිබේන අතර සිදුවීම සම්බන්ධයෙන් දැරිය විසින් දැරියගේ වැඩිහිටියන් දැනුවත් කරිමෙන් පසු කොකාවැව පොලිස් ස්ථානයට පැමිණිලි කිරිමෙන් අනතුරුව කොකාවැව පොලිස් ස්ථානාධිපතිවරයා ගේ උපදෙස් පරිදි විමර්ශනයක් ආරම්භ කල බව පොලිසිය පවසති.

ඒ අනුව පසුගිය 12 වන දින අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් ඉද්දගොඩ හේවගේ නිපුන දර්ශන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන (15) හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව අධිකාරියේන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කොට ඇත්තේ ගලෙන්බිදුණුවැව තීත්තැල්ලෑව කොකාවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයෙකි.

සිද්ධියට අදාල ඉදිරි විමර්ශන කටයුතු කොකාවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මියද සහභාගි වූවාය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

WhatsApp Image 2024-05-14 at 13.33.31

අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.

අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.
මෙම කාන්තාව විසින් තම පුතාගේ පෙම්වතිය නිරුවත්ව කාමරයක ලිංගිකව හැසිරෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ පුතාව එම ස්ථානයෙන් ඉවත් කර පුතාගේ පෙම්වතිය පමණක් වීඩියෝ දර්ශන ගත ගතකර එය එම දැරිවියගේ දෙමව්පියන්ට පෙන්වා ඇති බවත් එයින් කම්පනයට පත් වූ එම දැරිවිය විසාදය නැමති මානසික රෝගයට ගොදුරු වී ඇත. කුරුණෑගල කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනුකරන ලදී.
1) අයුතු ලෙස සිරකර තබා ගැනීම.
2)අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම.
3)ඇයට පහර දී තුවාල සිදු කිරීම.
යන චෝදනා තුන යටතේ වරද පිළිගත් නිසා මාස 23 සිර දඬුවම් වසර දහයකට අත්හිටවන ලද අතර
1/2/චෝදනාවලට රුපියල් දාහ බැගින් ද තුන්වන චෝදනාවට 1500ක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද දඬුවම් නියම කරන ලදී.
මහේස්ත්‍රාත්වරයා විසින් තවත් වෙන කෙනෙකුට මෙවැනි දෙයක් නොවන ලෙසත් සමාජයට ආදර්ශයක් ආදර්ශයක් ලෙසත් කාන්තාවක විසින් සිදු නොකළ යුතු දෙයක් තමන් සිදු කර ඇති බවත්,නමුත් මුල් අවස්ථාවේ වරද පිළිගත් බැවින්මෙම අධිකරණයට දිය හැකි උපරිම දඬුවම නියම කරන බවත්විවෘත අධිකරණයේදී පවසා ඉහත කාන්තාවට තරයේ අවවාද කරන ලදී.
මෙම පිරිමි දරුවා සහ දැරිවිය අවුරුදු විස්සක දෙදෙනෙකි.

කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.

2022/06/6 දින කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.
කුරුණෑගල විවිධ පැමිණිලි අංශය මගින් සම්බන්ධයෙන් නිහාල් නමැති පුද්ගලයට විරුද්ධව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක75920 යටතේ නඩුවක් ගොනු කර තිබුණු අතර මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යය වෙත අධිකරණයෙන් ඇප ලබා සිටියදී පැනගොස් තිබිණ. වරෙන්තු ලබා සිටි මෙම පුද්ගලයා වෙනුවෙන් ඇප ලබා තිබුණේ ඔහුගේ බිරිඳ වන අතර ඇය විසින් අද දින සමථයකට පත්වීම සඳහා රුපියල් 25000/= මුදලක් ලබා දීමට කැමති බව ප්‍රකාශ කළද කුරුණෑගල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් මාධ්‍යවේදියාට බරපතල තුවාල සිදුවී තිබූ බවත් අධිකරණ වෛද්‍ය වාර්තා අද ලැබී ඇති බැවින් ඔහු රුපියල් පනස්දාහක පන්නි මුදලක් බලාපොරොත්තු වන බව පවසා සිටින ලදී. ඉන් අනතුරුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරය වන බන්දුල ගුණරත්න මහතා විසින් 2024/07/08 වන්දි මුදල ගෙවන ලෙස තීරණය කරමින් නඩුව සමථයකට පත් කරන ලදී.
තෙල් බැරලයක් එක ලක්ෂ 140,000කට ආසන්න මුදලකට මෙම පුද්ගලයා විසින් ජාවාරම් කරන බවට වරින්වර ජනතාවගෙන් ලද තොරතුරු මත මාධ්‍යවේදියා විසින් මෙම පුද්ගලයා තෙල් රථයට පටවන අවස්ථාවේදී මාර්ගයේ සිට දර්ශන ගතකරමින් සිටින අතරදී මොහු මාර්ගයට පැමිණ පොලිස් නිලධාරීන්ද සිටින අවස්ථාවේ මාධ්‍යවේදියාට පහරදී තිබිණ. මේ අවස්ථාවේදී මාධ්‍යවේදියාට බරපතළ ලෙස ලද බැවින් දින කිහිපයක් ඔහු රෝහල් ගතව සිට ඇත.

ජනාධිපතිගේ රුව පපුවේ සටහන් කල පුද්ගලයා තැබූ Facebook සටහන

මන්දපෝෂණ ජනතාවක් බිහිවෙන්න ගිය රටක් බේරා ගත් අපේ ජනාධිපතිතුමා මා ලිපි ගණනාවක දැනුවත් කලා මේ තුමා ලබන ආත්මේ දිව්‍ය ලෝකයට යන බවත්, අපේ  ජනාධිපති තුමා අරාජික රට 50%කින් දැනටමත් ප්‍රශ්න ගණනාවක් විසදා ඇති බවත් ජනාධිපති වරණයට නොයා ජනමතයකට යන්න කියලා ලංකාවේ මුලින්ම රටට මා දැනුවත් කලේ මේ ජනාධිපති තුමා තව අවුරුදු 5ක් 6 යක් පාලනය කලොත් අනිවාර්යයෙන්ම අපේ මව් බිම සංවර්ධිත රටක් කරා යන බව මට දැනුණූ නිසා නොවේද? facebook එකේ ලිපි දාහස් ගනනාවක් මගේ  අදහස් දැනුවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට මගේ හදවතින් ලිපි ලිය වුණා නේද? මේ තුමා ගේ රෑපය ජනතාවගේ  පපුවේ ඇදෙනවා කියන්නේ රටේ ජනතාව කොපමණ ආදරයෙන් පිළිගන්නවා නේද? අපේ රටේ ජනතාව බුද්ධිමත් නිසා අනිවාර්යයෙන්ම මේතුමා නැවත වරක් ජනාධිපති කරන බව මට 100% විශ්වාසයි, ලංකාවේ මුලින්ම මා ඔට්ටුවක් අල්ලන්න ආරාධනා කලා මුදලින් සහ දේපල වලින් හරි,තවම ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන එක් කෙනෙක්වත් ඔට්ටු අල්ලන තවම ආවේ නැත,තවමත් මගේ ඔට්ටුව විවෘතයි, රටේ ජනතාව වෙනුවෙන් ලංකාවේ මුලින්ම මාගේ කොට්ඨාශයටත් පානදුර නගරයටත් කලුතර දිස්ත්‍රික්කයටත් දිනපතා දැන්වීම් පලකර පාර්ලිමේන්තුව විවේචනය කර මාගේ උත්සාහයෙන් covid එන්නත ජනතාවට ගෙන්වා දුන් මා අතේ ඇඟිලි 10 යම පිරිසිදු එ.ජා.ප කොට්ඨාශ අපේක්ෂක හසිත ද මැල්, සියලු දෙනා දැනුවත් කරන්න,ඔබේ අදහස් දන්වන්න,තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

WhatsApp Image 2024-05-12 at 23.42.51