රණවිරු දින සැමරුම් උත්සවය අද

රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර ඊයේ (18) දිනට වසර 15 ක් සපිරුණා.

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දීමට නියමිතයි.

රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00 ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ති‍බෙනව‍ා.

ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම්

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ නිලය වෙත උසස් කර තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 සඳහා මෙම උසස්වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1934 අගෝස්තු 24 වෙනිදා උපන් රත්නපුර පදිංචිව සිටි මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ ඒ මහතා මියයන විට වයස අවුරුදු 90ක් වුණා. ඒ මහතා 1964 නොවැම්බර් 14 වැනිදා පානදුරේ දී උපන් සිය පුතුට ‘නිෂ්මි’ යන නම තබා තිබුණේ අරාබි බසින් ‘සනීපදායක මඳ පවන’ යන අරුතින් බවයි පසු කලෙක පවසා තිබුණේ.

පානදුර සාන්ත ජෝන් විදුහල, රක්වාන සාන්ත ඇන්තනීස් විදුහල, ඇහැළියගොඩ කණිෂ්ඨ විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර අල් නකියා විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ආදී විදුහල් ගණනාවක අධ්‍යාපනය ලැබූ නිෂ්මි පැහැර ගෙන ගොස් ඝාතනය කරන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්.

1990 ජනවාරි 18 වැනිදා ගල්කිස්සේ දී අත්අඩංගුවට පත් වූ නිෂ්මි දරුණු වධ බන්ධනයන්ට ලක්ව ඝාතනය කර ඇත්තේ 1990 පෙබරවාරි 10 -15 අතර දිනක බවයි වාර්තා වන්නේ.

නිෂ්මිගේ පියාට නිෂ්මිව අවසන් වරට හමුව තිබුණේ 1989 දෙසැම්බර් 31 වැනිදා පානදුරේ දී යි.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වූ නිෂ්මි පසුව එහි මූලස්ථාන කමිටුව විසින් අනුරාධපුරය, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හී සම්බන්ධීකරණ සඳහා පත්කර තිබුණා.

නිදහස් අධ්‍යාපනයත් සමාජ අසාධාරණයටත් එරෙහිවත් සිය සගයින් සමඟ නොතිත් මෙහෙයක නිරත වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි පිළිබඳව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ඒ.සී.එස්. හමීඩ් මෙන්ම පේරාදෙණිය සරසවියේ එකල උපකුලපතිවරයා වූ මහාචාර්ය අලුවිහාරේ පවා දක්වා තිබුණේ ඉමහත් ගෞරවයක් බවයි කියන්නේ.

මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ නිෂ්මිගේ පියා මියයන තුරුම, ඝාතනය කළ සිය පුතු වූ නිෂ්මි පිළිබඳව ඉමහත් ගෞරවයක් මෙන්ම අදාරයක් දැක්වූ අයෙක්.

මොහොමඩ් සයිම් සිරායුඩීන් මහතාගේ අවසන් කටයුතු අද (18) සවස 3.00ට රත්නපුර ඉස්ලාම් මහ පල්ලියේ දී සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ සමීපතමයන් පවසනවා.
#nishmi #SYU #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත්, මුහුද රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ‍ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

එය රෝග රැසකට මුල් වන රෝගයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

අධි රුධිර පීඩනය වැළඳීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම රුධිර පීඩනය වරින් වර මැන, නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවයි වෛද්‍ය සමින්ධි සමරකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇද හැලුණහොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

ජනපති අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ එම සංචාරයට එක්වන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.

FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව FoxHill මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර, එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වුණා.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී අද (15) දැවැන්ත විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත් වුණා.

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ සඳහා වෘත්තීය සමිති, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක්ව සිටියා.