ඔක්ටේන් 100 වර්ගයේ නවතම පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට

ලංකා IOC සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

ඒ අනුව පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද්දක් බවද සඳහන්.

හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

හොරණ ග්‍රේස්ලන් ප්‍රදේශියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ නාගොඩ ලියනගේ අජිත් කුමාර (37) නැමැති පුද්ගලයෙකී.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාලයට සාමාජිකයන් මෙහෙයවන ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයෙකුගෙන් බව පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර ගිනි අවිය සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අපරාධ කොට්ඨා නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 13 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මෙම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ලබාගෙන ඇත්තේ 160000 කට බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ නිවසක කලක් සිට පදිංචි වී සිට ඇති අතර හිටපු යුද හමුදා සෙබළෙක් බව අනාවරණය කරගෙන ඇත.

කළුතර අපරාද කොට්ඨාස නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවස ඉදිරිපිට වාඩිවී සිටියදී වෙඩි තබා පලා ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ (39) හැවිරිදි ටෂ්මික මදුවන්ත නැමති 89කනුව අසල කලමුල්ල, කළුතර. පදිංචි පුද්ගලයෙකි. නිවසේ සිටි දරුවෙකුට ද තුවාල සිදු වී රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්තට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS සැකකරුවන් 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඥානසාර හිමිට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට කටයුතු කරන ලෙසයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඉල්ලා සිටින්නේ.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 දී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණා.

අදාළ ලිපිය පහතින්.

664b0b487d3d4

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අදාළ නිවේදනය පහතින්.‍

664af02c6cba6

තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66499dd6ed61f

යුද හමුදාවේ 1,509කට උසස්වීම්

15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසු නිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල සාමාජිකයන්ට මෙම උසස්වීම ලබාදීම සිදුකර ඇති බවයි ඇති වාර්තා වෙන්නේ.

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව අද (19) අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබෙනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66497ace4e1de