අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 6 ක් මරුට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි සිදුවීම් වාර්තාවී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

එසේම එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් 95.6% ක් බවයි සඳහන් වෙන්නේ.

මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රි ලාංකික තරුණ තරුණයින් බේරාගැනීමටත්, රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ලාංකික සෙබලුන් බේරාගැනීමටත් අදාල සාකච්ඡාවන් සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට…

මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රි ලාංකික තරුණ තරුණයින් බේරාගැනීමටත්, රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ලාංකික සෙබලුන් බේරාගැනීමටත් අදාල සාකච්ඡාවන් සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක්, මෙරට ත්‍රෛ නිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක් හා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සංදේශයක් ද රැගෙන මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින ලාංකික තරුණ තරුණියන් 49 දෙ⁣නා බේරාගැනීමේ සාකච්ඡාවන් සඳහාත්, රුසියානු යුක්රේන යුද්ධයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික, විශ්‍රාමික හමුදා සෙබලුන්ගේ ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමටත් මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ(22) උදෑසන පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එතුමන්ගේ සන්දේශය භාරගැනීමද එහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට මියන්මාරයේ රඳවාගෙන සිටින තරුණයින්ගේ දෙමාපියන් නියෝජනය කරමින් දෙමාපියන් කිහිපදෙනෙකුද සහභාගී විය.
2024-05-22

WhatsApp Image 2024-05-23 at 16.25.20

ජාතික ජන බලවේගයේ වෙසක් දින පණිවිඩය

ජාතික ජන බලවේගයේ වෙසක් දින පණිවිඩය

ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23

තද සුළං පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.

නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමිටර 50 – 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

664daada059bd

රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

හොරොව්පොතාන ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ 153 දෑකැතිපොතාන ග්‍රාම නිලධාරි වසමේ දෑකැතිපොතාන වැව ඉස්මත්තේ ඉදිකර ඇති රජයේ අලිවැටෙන් විදුලිය වැදී වයස අවුරුදු 20-25 අතර අඩි නමයක් පමන වන පිරිමි වන අලියකු මියගොස් ඇතැයි හොරොව්පතාන වනජිවි නිළධාරින් පවසති.

හොරොව්පතාන රක්ෂිතය තුල ගැවෙසෙන මෙම වන අලියා පසු ගිය (21) අලුයම් කාලයේ
කෑම සොයා ගම්වදින අවස්ථාවේ මෙලෙස විදුලි වැටේ වැදිමෙන් පසු විදුලි සැර වැදීමෙන් මිය යන්නට ඇතැයි වනජිවි නිළධාරින් සැක පලකරයි.

මෙම විදුලි වැට කහටගස්දිගිලිය මීමින්නාවල ප්‍රදේශයෙන් ආරම්භ වී හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වස්සල්ලාගම දක්වා දෑකැතිපොතාන, කිඹුල්පැටියාව, වස්සල්ලාගම ගම් ඇතුලු ගම්මාන කිහිපයක් ආවරණය වෙන පරිදි
රජයේ මුදල් ප්‍රතිපාදන අනුව පුද්ගලික අංශයේ කොන්ත්‍රාත් සමාගමක් මගින් මිට මාස කිහිපයකට පෙර ඉදිකර ඇති බව වාර්තාවේයි.

මිය ගිය වන අලයාගේ පශ්චාත් මරණ හෙට (23) අනුරාධපුර පණ්ඩුලගම පසුවෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර.

වන අලියා මිය යාම වැඩිදුර පරීක්ෂණ හොරොව්පතාන මොටගෝනාව වනජීවී නිලධාරී කාර්යාලය හා හොරොව්පොතාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ වල්ගම , බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුෂ්ප කුමාර නැමති පුද්ගලයෙකි.මියගොස් ඇති පුද්ගලයා
ඔහුගේ නැගණිය විවහා වී පදිංවීව සිටින මොරොන්තුඩුව,පොල්හේනේ පිහිටි නිවසට තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග පැමිණ ඇත.පසුව මස්සිනා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්
ඇති වූ ආරවුලකින් පසු තියුණු ආයුධ වලින් පහර දිම හේතුවෙන් දකුණු අත වැලමිට ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර එක කකුලකට සහ වම් අතටද දරුණු කැපුම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයේ වැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

1990 සුවසැරිය ගිලන් රථයට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පැමිණ ගෝනදූව ප්‍රාදේශීය රෝහලට වෙත තුවාල කරු රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය වී මද
වේලාවකට පසුව මස්සිනා (ඝාතනය සිදු කළ පුද්ගලයා)කැපුම් තුවාල සහිතව පොලිසියට පැමිණ ඇත. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් වන බව පවසා පිටව ගොස් ඇත.

මොරොන්තුඩුව පොලීසිය වැඩිදුරු පරීක්ෂණ මෙහෙයවයි.

ඩයනා අධිකරණයට පැමිණෙයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.