තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩිවෙන බවත් මුහුද ඉතා රළු වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.

මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6656cddf53a56pdf_page_4 6656cddced512pdf_page_3

පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට

24-05-29
කැකිරාව කුෂාන් ජයවර්ධන
පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට

ඊයේ (28) සවස ගල්කිරියාගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනාට සිදුකර ඇති පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඊයේ(28) සවස මෙම ගැටුම ඇතිව තිබිණ. දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හට ගෙන ඇති බව පොලිසිය කියයි.
දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇතැයි ද ඉන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි., මෙම ගැටුමේදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටින තවත් අයෙකු රෝහල්ගතකර ඇතැයි ද පොලිසිය කියයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පියපුතු දෙපලක් බව පොලිසිය කියයි.
ඇති වූ ගැටුමේදී තියුණු ආයුධයකින් සිදුකර තිබූ පහර දීම නිසා බරපතල තුවාල ලබා එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා ප්‍රෙද්ශවාසීන් හා පොලිසිය එක්ව ගල්කිරියාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූනද රෝහල් ගත කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි..
මිය ගිය එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවුරු අඩුමේ අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ළත් නියෝගයක් අනුව එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මේ වනවිට දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීම මේ පොලිසිය පියවර ගෙන ඇත.
පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිව තිබූ මෙම ගැටුමේදී මරණයට පත් පුද්ගලයාගේ පුත්‍රයකු ද පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නමැති 37 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසි ස්ථානය මඟින් විමර්ශණ අරඹා ඇති අතර මඑම ඝාතනය හා පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ද ගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් එලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 72 හා 44 වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
මෙම ඝාතනය ඇතුළුව සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (29) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර උසස් පොලිස්නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් හා මෙහෙයවීම අනුව ගල්කිරියාගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි. .

ඡායාරූප
60- සිද්දියෙන් මිය ගිය අබ්දුල් හකීම්.
61- තුවාල ලබා රෝහල් ගත කර සිටින මොහොමඩ් අස්මල්
62- මිය ගිය අයගේ සිරුර සිද්දිය වූ සිථානයේ වැටී තිබූ අයුරු

OnmaxDT වංචාවට හසු වූ 61,000කට වසර 2ක් තුළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂවරුන් දැනුම්දෙයි

OnmaxDT පිරමීඩ යෝජනාක්‍රමයට හසු වී මේ වනවිට මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන් 61,000කට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම්දී තිබෙනවා.

තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත්, එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම්දී තිබෙනවා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ​ව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශවල මුහුද ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

66556b140157fpdf_page_4 66556b1360891pdf_page_1

පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

මෙයින් අදහස් වන්නේ, මහජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීමේදී ලැබෙන පොලී අනුපාතිකය සහ ණය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකය යන දෙකම දැනට පවතින මට්ටමවලම පවතින බවයි.

විමල්, ගම්මන්පිල, වාසු හා දිලිත් එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹයි

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මේ සඳහා ගිවිසුම්ගතවී ඇති බවයි වාර්තා වෙන්නේ.

“එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කරගත් මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබා තිබෙනවා.

වෙසක් සමයේ ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළට

වෙසක් පොහොයත් සමඟ ඇති වූ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කොරෝනා සමයෙන් පසුව වැඩිම ඉන්ධන පරිභෝජනයක් සිදුවූයේ වෙසක් සමයේ බවයි එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න සඳහන් කළේ.

ඉන්ධන පිරවුම්හල් තුළ ප්‍රමාණවත් තොග පැවතීම හේතුවෙන් ජනතාවට අපහසුතාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 67 වන වියේ පසු වුණා.

පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙනවා.

ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

2024-5-27
ගල්පාත චන්දන ජයලාල්
ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි බෙහෙත් අලෙවිසලේ පුද්ගලයා (53)සහා ඉංගිරිය වත්ත, ඉංගිරිය පදිංචි (25) හැවිරිදි පුද්ගලයෙකි.

මත්පෙති බේදා හරින ජාවාරම්කවෙකු විසින් ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර පිහිටි බෙහෙත් වෙළඳ සැලකින් මත් පෙති ලබාගන්නා බවට ඉංගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් දෙදෙනකු විසින් එම වෙළඳ සැලට යාබදව සූක්ෂමව රැක සිටිමින් ජාවාරම්කරු මත්පෙති ලබාගෙන ඉන් පිටවන අවස්ථාවේ පරීක්ෂා කිරීමේදී ඔහු සතුව දවටන වලින් ඉවත් කර වෙනත් දවටනයක වෙළඳසැලේ හිමිකරු විසින් වෙන වෙනම අසුරා සීල් කරන ලද මත් පෙති 10 සහ 15 ක් සොයාගෙන ඇත.

මද වේලාවකින් අදාල බෙහෙත් තලවිකරන වෙළඳසැල වෙත ගිය පොලිස් නිලධාරීන් විමසීමේදී පවසා ඇත්තේ මොවුන් ඉල්ලන නිසා එම පෙති වටනේ ඉවත් කර ඔහු විසින් සාදන ලද දවටනයක සීල් කර ලබාදෙන බවයි. ඉංගිරිය පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස පවසා ඉන්පිටවී යන නිලධාරීන් තවත් සුළු වේලාවකට පසුව නැවත බෙහෙත් අලවිසැල වෙත යන අවස්ථාවේ යාබදව පිහිටි පොත් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලේ රාක්කයක් මත යම් බෑගයක් සඟවන ආකාරය පොලිස් නිලධාරින් දැක වහා පරීක්ෂා කිරීමට ලක් කිරීමේදී නිෂ්පාදන ආයතන දෙකකට අයත් මත් පෙති 314 සහ 122 වශයෙන් ද පෙති ඉවත් කරන ලද දවටන 3 ක්ද රෙදි බෑගය තුළ තිබී හමුවී ඇත. ඉන්පසු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරී මහතා දැනුවත් කර පරීක්ෂා කිරීමෙන්ද මත්පැති බවට තහවුරු කර ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා ඉංගිරිය පොලිසිය මගින් අද (27) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි පො.සැ.70153 මෙන්ඩිස් පො.සැ.35344 අමරසිංහ සිදුකර ඇත.

WhatsApp Image 2024-05-27 at 15.00.42

කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජ පක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජ පක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

‘නිකම් බොරුවට අපේක්ෂකයන් පස්සේ දුවන්නේ නැතුව වැඩ කරන්න’ යැයිද දෙදෙනා එහිදී පවසා ඇත.
දෙදෙනා මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී තමන් හමු වූ අවස්ථාවේදීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසුණේය.
එම දෙදෙනා හමු වී ඇති මන්ත්‍රී කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය සහාය දෙන්නේ කාටදැයි විමසා ඇති බව දැනගන්නට ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය පක්ෂයේ සියලු දෙනා සාමූහිකව රැස්වී ගත යුතු තීරණයක් බවයි.
පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගනු ඇතැයි ද දෙදෙනා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.