බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

ගල්පාත චන්දන පෙරේරා

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල,දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචි (22)එල්.ඒ. දමිත් කුමාර නැමැති තරුණයෙක් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

කළුගල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අද (3)සවස ගංවතුරේ විනෝදය සදහා බෝට්ටුවක නැග උණ රිටක් ආධාරයෙන් ගමන් කරමින් සිටියදී උණ රිට අධිබලැති විදුලි රැහැනක වැදී විදුලිසර වැදී ඇති අතර බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් මද වේලාවකට පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි පො.සැ.45343උපාලි,පො.කෝ.92466 චානක,පො.කො.රි.80134 පත්මසිරි යන නිලධාරීන් මෙහෙයවයි.

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මම ඒ ප්‍රකාශය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව – පාලිත රංගේ බණ්ඩාර

තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ වනවිට ගෙන යන වැඩපිළිවෙළ වෙනස් කළහොත් රට ඇදගෙන වැටෙන අතර, එම තත්ත්වයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි ඔහු සඳහන් කළේ.

එසේ නම් මෙම ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවට එකඟත්වයකට පැමිණ, ජනාධිපතිවරණයට යා හැකි බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර ඇති බව මාතර ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.

ඒ අනුව වේරගම්පිට සහ උයන්වත්ත යන ප්‍රදේශවල ජනතාව මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් එය ඊයේ (02) දිනයේ වසා දැමීමට කටයුතු කර තිබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බවයි වාර්තා වෙන්නේ.

ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම යාවත්කාලීන කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය හා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය හෙවත් ඉවත් වීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහාද තවත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශ පහතින්.

665c5bb4d64bd

665c5bb6a6eb6

ගංවතුර නැරඹීමට යාම, දියනෑම සහ විනෝදවීමෙන් වළකින්න – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙන්නේ.

අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළා.

දැන් මේ රට පාලනය කරන්නේ IMF එකට අවශ්‍ය විදිහට – අජිත් නිවාඩ් කබ්රාල්

ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ IMF විසින් බවත්, මෙරට නායකයින්ට ඒවා ගැන තීරණ ගැනීමේ හැකියාවක් හෝ ස්වාධීනත්වයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික වශයෙන් මේ යන ගමන ගැන තමාගේ පැහැදීමක් නොමැති බවද, IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනතුරු මෙරට කවුරු බලයට පැමිණියත් ඒ අයට බලයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා.

පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ පිළිබඳව සාධනීය විවේචනයක් සිදුකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය ඇල්විටිගල ඊයේ (31) YouTube වීඩියෝවක් නිකුත් කර තිබුනා.

එම සාධනීය විවේචනය පිළිගනිමින්, තම කතාවේදී Elon Musk ට “හාදයා” යනුවෙන් ඇමතීම තමන් ඉදිරියේදී නිවැරදි කරගන්නා බවද, එය පෙන්වා දීම පිළිබඳව සංජය ඇල්විටිගලට ස්තූතිවන්ත වන බවද සඳහන් කරමින් සුනිල් හඳුන්නෙත්ති Facebook සටහනක් තබා තිබෙනවා.

එසේම “ආර්ථික ඝාතකයෙකු” ලෙස තමන් නම් කළේ Elon Musk නොව ජේම්ස් ෆැකර් සහ ජෝර්ජ් සොරොස් යන අය බවද, එනමුත් තම කතාවේදී එවැන්නක් හඟුනේ නම් ඊට කණගාටුව ප්‍රකාශ කරන බවයි ඔහු එහි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

අදාළ Facebook සටහන පහතින්.

665ac63195969