Starlink සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

SpaceX ආයතනය මඟින් ලොවපුරා කක්ෂගත කළ Starlink චන්ද්‍රිකා දැනටමත් ශ්‍රී ලංකාවට ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරන අතර, එම චන්ද්‍රිකා ජාලය හරහා මෙරටට අන්තර්ජාල සේවා සැපයීමට නියාමන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව 2019 වර්ෂයේ සිට Starlink වෙබ් අඩවිය සඳහන් කර තිබුනා.

පහත් පෘථිවි කක්ෂයේ (LEO) තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් නිරන්තරයෙන් පෘථිවිය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රිකා 6000 කට වැඩි ප්‍රමාණයක් හරහා Starlink අන්තර්ජාල සේවාවන් ලොවපුරා සැපයෙන අතර, එක් එක් රටවල නියාමන අනුමැතිය මත පමණක් එම රටවලට සේවාව භාවිතා කිරීමේ හැකියාව සීමා වී තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103 ක් සහ විරුද්ධව ඡන්ද 59 ක් හිමිවී තිබෙනවා.

ඒ අනුව, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 44 කින් සම්මත වූ බවයි

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි .

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි . මේ සඳහා මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,ගල්කිස්ස කොට්ඨාශ 4 සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය ,මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ පියතුමන් සමග මහා සංඝරත්නය මේ සඳහා සහභාගි වුහ.මොරටුමුල්ල ,අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරු සහ පුනරුත්ථාපනය වන අය සඳහා විශේෂ දැනුවත් කිරීම් සඳහා අන්තරාදායක ඖෂධ නියාමන අධිකාරියේ බස්නාහිර පළාත් සම්බන්ධිකාර ඒ .එන් . ඩි.අමරසිංහ මහත්මිය මේ සඳහා සහභාගි වීය .
මිරිහාන කොට්ඨාශයේ පැවති ප්‍රධාන වැඩසටහන පොලිස්පති දේශබන්දු ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට සමගාමීව මෙම වැඩසටහන එදින ගල්කිස්ස හා කැළණිය,කොට්ඨාශයේද මෙය ක්‍රියාත්මක විය .මෙම පුනරුත්ථාපන වැඩසටහන පොලිස් කොට්ඨාශයන්හි දින 14 ක් පුරා පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී අද (05) හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී අද (05) හමුවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෝදර ලෙල්ලමේ තිබී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඔහු දින දෙකක් තිස්සේ ඔහු නිවසින් අතුරුදන් වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, ඒ බව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති බව පොලීසිය පවසනවා.

ඔහුගේ මියයාම සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසීය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඉඳුනිල් ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තා වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30 ක් වාර්තාවී ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් පුද්ගලයින් 13,028 ක් මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි.

එසේම අයහපත් කාලගුණයෙන් නිවාස 71 ක් පූර්ණ හානියට පත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

6660277505870

මියන්මාරයෙන් රුසියාවට ගිය සමගි සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා සමඟ සාකච්ඡා ආරම්භ කරයි. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට රෝහල් වෙතද යයි…

මාධ්‍ය නිවේදනයයි

මියන්මාරයෙන් රුසියාවට ගිය සමගි සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා සමඟ සාකච්ඡා ආරම්භ කරයි. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට රෝහල් වෙතද යයි…

රුසියාව ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන ආකාරයට දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් ප්‍රමාණයක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කරයි. ඒ අතර දැනට සොල්දාදුවන් 220ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බවට ඔවුන්ගේ තොරතුරු එම මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කළේය. එමෙන්ම රෝහල්ගත යුධ සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත්, අතුරුදහන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්, මෙම සොල්දාදුවන්ගේ ගිවිසුම් කඩ කිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානයට යොමු කරන ලෙස එම මන්ත්‍රීවරු පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මන්ත්‍රීවරුන් තිදෙනා රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ අතර රුසියානු රජයේ අවධානය මේ පිළිබඳව ලබාගෙන රාජතාන්ත්‍රික ආකාරයට එම සෙබලුන් යුදභූමියෙන් ඉවත් කරගැනීමටත්, නැවත ලංකාවට ගෙන ඒමටත් අදාල කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම පිළිබඳව තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කළේය.

තවද එම මන්ත්‍රීවරුන් පෙරේදා(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.

රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුද කඳවුරු වල හෝ යුද භූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

පසුව එම මන්ත්‍රී කණ්ඩායම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

-මාධ්‍ය ඒකකය-
2024-06-05

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත චන්දන පෙරේරා

මුල්කඩ කන්ද ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ සිට නැවත නිවස බලා යමින් සිට
මුල්කඩකන්ද හල්කටිය වත්තට එගොඩවන මාර්ගයේ පාලම අසල හැඩ පාරට අසුවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ , බටගොඩ , ගල්පාත ප්‍රදේශයේ පදිංචි ( 72 ) සංඝදාස ප්‍රනාන්දු නැමති පුද්ගලයෙක් බව අඟුරුවාතොට පොලිසිය පවසයි .

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද මහතාගේ උපදෙස් මත උ.කො.පා.නන්දසේන, පො.සැ 41145ගුණපාල යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි…

මාධ්‍ය නිවේදනයයි

මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි…

සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඊයේ(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳ සුවදුක් විමසා බැලුවේය.

ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුධ කඳවුරු වල හෝ යුධභූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව මෙම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල්ජෙනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සදහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

-මාධ්‍ය ඒකකය-
2024-06-04

FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

දර්ශාන් කානිල්
මොරටුව
02.06.2024
FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීම සහ තවත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන තුන්සිය හැට පහක මුදලක් රාජ සන්තක කිරීමට කොළඹ මහාධිකරණයේ අංක 05 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පසුගියදා නියම කර ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාමේ යෙදීම සහ නීති විරෝධි ආකාරයෙන් බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීමෙන් ඉපැයූ රුපියල් මිලියන තුන්සිය හැට පහයි අනූ නව දහස් අටසිය තිස් හතරයි ශත තිස් හතක පුද්ගලික ගිණුමක තැන්පත් කිරීම 2011 අංක 40 දරණ පනතෙන් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කළ බවටත් , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 51(1) (අ) වගන්තිය උල්ලංඝනය කිරීම , 51(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක්සර් ජෙම්ස් (Luxor Gems) පුද්ගලික ආයතනයේ ආරම්භක කොටස්කරුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන සූ ඩියන්ස් හං නමැති චීන ජාතිකයෙකුට මෙලෙස දඬුවම් නියම කර ඇත . එලෙසම ඔහුට
ලක්ෂ පහක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්ද, දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් මෙන්ම එය වසර 15කට අත්හිටුවු සිර දඬුවම් නියම කර ඇති අතර අධිකරණය විසින් විදේශගත වීම තහනම් කර ඇත.
2018 මාර්තු මස 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් සැකකට යුතු ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරක් එවකට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කර ඇත්තේ මේ වන විට විදේශගතව සිටින විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ විසිනි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන සිල්වා මහාධිකරණයේ පෙනී සිටිමින් නඩු කටයුතු මෙහෙයවූ අතර මෙම නඩුව (24 වැනිදා) නැවත කැඳවීමට නියමිතය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය (FCID )විමර්ශන ඒකක 05 නි.පො.ප. දම්මික ප්‍රියන්ත, නි.පො.ප. පවිත්‍ර දයාරත්න, විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ , ස්ථානාධිපති විමර්ශන ඒකක 05 හිටපු ස්ථානාධිපති ප්‍ර.පො.ප නිහාල් පැරැන්සිස් , පො.ප.චන්දන පියතුංග , උ.පො.ප සේනාදීර පො.සැ.67971 දර්මප්‍රිය යන නිලධාරින් විමර්ශන කටයුතු සිදු කර ඇත.