කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..

කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති සද්ධර්ම වාගීෂ්වරාචාර්‍ය සිරිනිවාස මෑතගම සෝභිතාභිධාන නායක ස්වාමීන් වහන්සේ (15) දින අපවත් වී වදාළය.
1949 වසරේ දෙසැම්බර් 14 දින ජන්මලාභය ලැබූ උන් වහන් අපවත් වන විට 75 වන වියේ පසුවූහ ,
උන්වහන්සේ ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත් වන තුරුම කටයුතු කර ඇත ,
තවද නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ දීර්ඝ කාලයක් හිටපු විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන්ද නුවරඑළිය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි වශයෙන්ද කොළඹ කිරුළපන බලපොකුණ පුරාණ රජමහා විහාරයේ විහාරවාසි , ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරමින් බෞද්ධ අබෞද්ධ සියලුම ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සියලුම ආගමික නායකයන් හට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කර ඇත ,
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා (18) දින උන්වහන්සේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළ නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පස්වරුවේ සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව සඳහන් කරයි .

කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

24-06-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

============

කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ ගණනක් වටිනා සොරබඩු සමඟ මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව කෙලින් වීදිය ප්‍රෙද්ශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. කැකිරාව පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් කැකිරාව නගරයේ සිදුකළ මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 2360ක ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු සොරා ගන්නා දේපල වෙනත් පුද්ගලයින්ට අඩු මුදලට විකුණා එම මුදල් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරවණය කරගෙන තිබේ.
අත්අඩංගුවටපත් සැකකරු පොලිසියට සිදුකර ඇති පාපෝච්චාරණයකට අනුව කැකිරාව නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිද ඒවායෙන් සොරා ගන්නා ලද දෙපල රැසක් වෙනත් පුද්ගලයින්ට විකුණා තිබියදී හා සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනීමට ද පොලිසිය සමත්ව තිබේ.
සැකකරු විසින් සොරගෙන තිබියදී සොයා ගන්නා ලද එම දේපල වල වටිනාකම රුපියල් ලක්ෂ 04ක් පමණ වන බව පොලිසිය කියයි.
පොලිසිය එලෙස සොයා ගන්නා ලද භාණ්ඩ අතර කැකිරාවේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිඳ සොරකම් කර තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෑස් සිලින්ඩර් 12 ක්, වායු සමීකරන යන්ත්‍රවලට යොදා ගන්නා රුපියල් ලක්ෂයක් පමණ වටිනා තඹ බට තොගයක් මෙන්ම කැකිරාව නගරයේ ඇති රට බීම හලක් බිද ඉන් සොරකම් කරන ලද රුපියල් එක් ලක්ෂ හතළීස් දහසක් පමණ වටිනා රට බීම තොගයකින් කොටසකට අයත් බව කියන හිස් රට බීම බෝතල කිහිපයක් ද වේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ, මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ පොලිස් සැරයන්වරුන් වන 57757-හේරත්, 38648-රූපසිංහ, 71352-අධීකාරී, 74273- ජයකොඩි, 38675-ඒකනායක, 40201-නිශ්ශංක, 33280-සිල්වා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් රැඳවුම් නියෝගයක් යටතේ වැඩිදුරටත් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට නියමිත අතර එම සැකකරු චෝදනා ගෙනු කිරීමෙන් පසුව කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සොයා ගන්නා ලද දේපල අධීකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ඒවායේ හිමිකරුවන්ට ලබා දීමටත් කටයුතු කරන බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශණ කැකිරාව පොලිස් ස්ථානය මඟින් සිදු කෙරේ.

WhatsApp Image 2024-06-15 at 17.42.58 (1) WhatsApp Image 2024-06-15 at 17.42.58 (2) WhatsApp Image 2024-06-15 at 17.42.58 (3) WhatsApp Image 2024-06-15 at 17.42.58 WhatsApp Image 2024-06-15 at 17.42.59 (1) WhatsApp Image 2024-06-15 at 17.42.59 (2) WhatsApp Image 2024-06-15 at 17.42.59 (3) WhatsApp Image 2024-06-15 at 17.42.59 WhatsApp Image 2024-06-15 at 17.43.00 (1) WhatsApp Image 2024-06-15 at 17.43.00 (2) WhatsApp Image 2024-06-15 at 17.43.00 (3) WhatsApp Image 2024-06-15 at 17.43.00

මම රනිල් එක්ක ඉන්නේ අසූ ගණන්වල ඉඳලා, අදත් මට රනිල්ගේ සැළකිල්ල තියෙනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මධ්‍යස්ථව, දේශපාලඥයින්ගේ අතකොලුවක් නොවී, අවංකව, විනිවිද භාවයෙන් යුතුව, නොබියව කටයුතු කරන බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ අනුව බෞද්ධ නායකයෙක් ගොඩනැගීම සඳහා ආරම්භ කරන වැඩ කටයුත්ත කුමන බාධක පැමිණියද ඉදිරියට ගමන් කරන බවයි එම හිමියන් සඳහන් කළේ.

ඔබ වහන්සේලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ තමන් රනිල් සමඟ කටයුතු කරන්නේ 80 ගණන්වල සිට බවත්, ඔහුගේ සැලකිල්ල අදටත් තමන්ට ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නැහැ – Peter Brewer

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නොමැති බව එහි ශ්‍රී ලංකාව සම්බන්ධ දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී Peter Brewer පවසනවා.

ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන නමුත්, අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාල රාමුවක් සකස් කරගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින්ම සැලසුම් සහගතව සිදුකළ එකක් – පොලීසිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය එම මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම් සහගතව සිදු කළ එකක් බව විමර්ශන වලදී නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද අතර, සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

2023 වසරේ සැප්තැම්බර් 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වූ අතර, වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් තලවාකැලේ සහ වටගොඩ අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (13) බාධා මතුව තිබුණා.

කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
කුරුණෑගල කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දැරිවියගේ මව විදේශගතව සිටි අවධියේ මෙම අතවර සිදුවී ඇති බවත් පාසලේ තම පන්තිභාර ගුරුවරිය වෙත මෙම සිද්ධිය දරුවා විසින් සැලකිරීමෙන් අනතුරුව කුරුණෑගල කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කරන ලද අතර දැරිවිය කුරුණෑගල සීක්ෂණ රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.
දැරිවියගේ මව විදේශගත වීමෙන් පසු වරින් වර මෙම සිදුවීම සිදුව ඇති බවත් දැනට මසකට පමණ පෙර මව නැවත ලංකාවට පැමිණ ඇති අතර දැනට දැරිවිය මව භාරයේ සිටි.
අධිකරණ වෛද්‍ය වාර්තා කුරුණෑගල සීක්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුනා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති වුවහොත් නැවතත් කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක, ඖෂධ හා පොහොර සපයාගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරැද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66692abd5c58bpdf_page_2 66692abd42ff5pdf_page_1 66692abd31ea3pdf_page_0