තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රි​යේ සිට වැඩවර්ජනයක

අද (12) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

ඒ අනුව 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ පාසැල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

24-06-12
කැකිරාව කුෂාන් ජයවර්ධන

පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එම විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවු5ත් 10ත් අතර දරුවන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. විද්‍යාලය අසළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම පාසැල් සිසුන්ට මෙලෙස පහර දීමට පටන් ගෙන තිබේ. බඹර පාසැලේ සිසුන් 30 දෙනෙකු පමණ මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි එම පාසැල් ආරංචි මාර්ග පවසයි.
බඹර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඉන් සිසුන් බේරා ගැනීමට කටයුතුකල ගුරුවරුන් කිහිප දෙනෙකු හා අසල්වැසි දෙමව්පියන් කිහිප දෙනෙකු ද මෙහිදී එම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ පාසැල් සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් කඩිනම් ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට එම අවස්ථාවේ ප්‍රෙද්ශවාසීන් යුහුසුළුව කටයුතු කර තිබේ.
ඒ අනුව එම පාසැලේදී බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු 35 දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් පාසැල් සිසුවකුගේ තත්වය තරමක් බරපතළ බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
එක් ගුරුවරියක් හා තවත් සිසුන් පිරිසක් කැකිරාව රෝහලේ තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මැතිවරණය කල් දැම්මොත් ඒක එක්සත් ජාතික පක්ෂයේ අවසානය – මහින්ද

ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් නොපවත්වා සිටීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මැතිවරණය කල් දමන බවට ප්‍රකාශ කළද, එවැනි මෝඩකමක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස නොකරන බවත්, එසේ සිදුකළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පසුව ප්‍රකාශ කරන බවත්, ජනතාව බලාපොරොත්තුව තබා තිබෙන්නේ පොහොට්ටුව සම්බන්ධයෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගිම්හාන සෘතු​වේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වෙයි

2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව Forbes සඟරාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මුරුසිය යන රටවල් නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිනු ඇති බවත් සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යානද 22ක් පවතින බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

O/L සහ A/L කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

වයස අවුරුදු 18 දී පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවත් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම්ව සිදුකෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට ද හැකි පමණ උත්සහ දරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ නායකයා සහ උතුරේ මහජන නියෝජිතයින් අතර හමුවක්

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. ‍

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සමගද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු සහෝදරවරු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කරන ලදී.

WhatsApp Image 2024-06-11 at 17.36.05 (1) WhatsApp Image 2024-06-11 at 17.36.05 (2) WhatsApp Image 2024-06-11 at 17.36.05 (3) WhatsApp Image 2024-06-11 at 17.36.05

මේ ජාතික පොසොන් උත්සවයක් තියෙද්දී මිහින්තලේ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ ආසන්නයේ පුද බිමකට සියලු පහසුකම් හා සේවා සැපයීම සම්බන්ධව ප්‍රකාශයක්

Capture

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ – හර්ෂ

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවයි.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත්, එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහයන්ට මැතිවරණ නැතුව ඉදිරියට යන්න දෙන්න ඕන කියන දේ සමාජයේ තියෙන අදහසක් – සමන් රත්නප්‍රිය

රට ගොඩගන්නා ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මැතිවරණ නොමැතිව තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව ලබාදිය යුතු බවට වන අදහස සමාජය තුළ ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළේ එම අදහස බවත්, එය නිවැරදි අදහසක් බවයි කැස්බෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

මෙය මැතිවරණවලට කුලල් කාගත යුතු අවස්ථාවක් නොවන බවත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගණේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් 13 වන දා අත්අඩංගුවට ගෙන තිබූූ අතර පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබුණා.