වැඩ වර්ජන දිනවල සේවයට පැමිණි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු ගැන පැහැදිළි කිරීමක්

වෘත්තීය සමිති වැඩ වර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැහැදිළි කිරීමක් සිදුකළා.

ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටද, වැඩ කළ සියලුදෙනාටද මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

1990 සුවසැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනිමට කැබිනට් අනුමැතිය

පුර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගි ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේ දි ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන “1990  සුවසැරිය පදනම”ආරම්භ කර තිබෙනවා.

ශ්‍රි  ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සදහා යොදා තිබේ. සුව සැරිය පදනමේ ඉලක්ක අනුව, කඩිනමින් සේවය ලබාදීම සදහා ගිලන් රථ 450 ක් හා උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත් එකඟතාව පළ කර තිබෙන බවද සඳහන්.

ඒ අනුව එකී “1990 සුවසැරිය පදනම” වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනිම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

668e4de0dbcf9

වෘත්තීය සමිති බිය වැද්දුවොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා – දුම්රිය ස්ථානාධිපතිවරුන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා‌ සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට මුවාවෙන් බිය වැද්දවීමට කටයුතු කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යාමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

එසේම අනෙකුත් වෘත්තීය සමිතිද එක් කරගනිමින් වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

668e300a787d2

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට
පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඊයේ(08) දා මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණ.

මෙලෙස මියගිය කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්තගේ ) හා අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 හි පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනාගේ දේහයන් ඥාතීන්ට භාර දුන් බව රෝහල පවසයි.

ඒ අනුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගියේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) දා හෝමාගම මූලික රෝහලේ දී සිදු කර තිබුණි.

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

2024-7-10
ගල්පාත චන්දන ජයලාල්

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

මෙම ගිණිය විය හමුවී ඇත්තේ
බදුරලිය පොලිස් වසමේ මාරගහදෙනිය ලිපිනයේ ඇති පාළුවට ගොස් ඇති නිවසක් පිටුපස ගරා වැටී තිබූ පාවිච්චි නොකරන ලද වැසිකිලියක් අසල වල දමා තිබියදී සොයාගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින්ට (9) දින ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී OESTERR – WAFFENFABRIKS – GES.STEYR මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කළුතර අපරාධ කොට්ඨාස මගින් සිදු කරනු ලබයි.

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා සිදු කෙරේ

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම්පත් 450,924 ක් ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අස්වැසුම පළමු අදියර සඳහා 1,854,000ක්  සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරුණා.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීම සිදු වනවා.

අදාළ නිවේදනය පහතින්.

668ceef19deaapdf_page_0

ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙයි

පැවති ආර්ථික පීඩනය හමුවේ දස දහස් ගණනක මහජනතාව කොළඹට රැස්ව පොලිස් බාධක බිඳ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඇරඹූ ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙනවා.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකීය මහජනතාව දිගු ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම්, විදුලි කප්පාදු ඇතිවීමත් සමඟ දැඩි පීඩාවකට පත් වූ අතර එතැන් සිට රට පුරා එවක පැවති ආණ්ඩුවට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.

පසුව 2022 අප්‍රේල් මස 9 වන දා “Gota Go Home” යන සටන්පාඨය සහිතව කොළඹ ගාලු මුව‍දොර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ වූ අතර එය ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වෙමින් දහස් ගණනක් ජනතාව එයට සහයෝගය පළ කිරීමට කොළඹට පැමිණියා.

මේ අතර 2022 මැයි 9 වනදා ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලයේ නිරත ජනතාවට ආණ්ඩුවේ පාක්ෂිකයින් පිරිසක් පහරදීමත් සමඟම රට පුරා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පැවති විරෝධතා තවදුරටත් උත්සන්න වෙමින් දේශපාලන වශයෙන් වෙනස්කම් රැසක් සිදු වුණා.

ඉන්පසුව “මුළු රටම කොළඹට” නමින් 2022 ජූලි 9 වන දා උදෑසන දස දහස් ගණනක් ජනතාව කොළඹට රැස්වී විරෝධතා ආරම්භ කළ අතර, ජනාධිපතිවරයාගේ නිල නිවසට යන පා ගමනක්ද ආරම්භ කරමින් බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

පසුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා රටින් පලාගිය අතර ජූලි 15 වනදා කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිවේදනය කළා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් එවක අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් කරගැණුනා.

කොටුව දුම්රිය ස්ථානයේ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී පිලී පැනීමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ, මාර්ගයන් දෙකම අවහිරවී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගුවීමට හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මාසික පඩි වාර්තාවට අදාළව වැටුප බැංකු ගත කිරීමට නොහැකි බව පවසා පාලන අධිකාරිය විසින් නැවත වැටුප් වාර්තා ඔවුන්ගෙන් ඉල්ලා සිට ඇත පරිසරය දූෂණය කරමින් අධික ලාභ ලබන කර්මාන්තශාලාවක් වන මෙය පවත්වාගෙන යන යෑමට පරිසර බලපත්‍රයක්වත් නොමැත වැටුප් සිද්ධියට අදාල නඩු ගොනු කිරීමට මෙම සමාගම නොමැති අතර ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන් රජ මඟුල් කනවාසේ දීමට නියමිතව තිබූ වැටුප නැවත අකුලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි එම නඩුව මෙම සමාගමට අදාළ නොවෙන එකක් බැවින් අධික ලෙස පරිසරය දූෂණය කරමින් ජල උල්පත් වලට කටු පොල් වතුර මුසුකරමින් ගාල්ලේ පානීය ජල පද්ධතියට පවා තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන මෙම සමාගම ට එරෙහිවකළ යුතු විරෝධතා දක්වමින් සේවක වැටුප වෙනුවෙන් පෙනී සිටීම අප යුතුකමකි

WhatsApp Image 2024-07-09 at 17.30.01 (1) WhatsApp Image 2024-07-09 at 17.30.01 (2) WhatsApp Image 2024-07-09 at 17.30.01 WhatsApp Image 2024-07-09 at 17.30.02

වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
පසුගිය සතියේ උසස් පෙළ හදාරන ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු වන් ගියන්ත කවිදු කොඩිකාර යන සිසුවාට පහර දීමක් සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් ඉකුත් තුන්වන (03) නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකර තිබු අතර ඒ මත කරුණු විභාගයෙන් අනතුරුව අද (08) නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මන්ඩලයේ නියෝජනය කරන පූජය සමිද්දි හිමි පඤ්ඤාරතන හිම චාමින්ද මදුශන්ක , සන්ජිව රත්නායක , සමිර ලක්මාල් යන ගුරුවරුන් ඇටුලු සැකකරුවන් 06 දෙනෙකු අද (08) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පව්සයි .
දෙමාපියන් විසින් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා ඇතුළත් මීමේ විභාග අයදුම්පත පිරවීමට පාසලට ගිය එය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී ඇති බව පවසා විදුහල්පතිවරයා පහර දුන් බවත් පහර කෑමෙන් වැළකීමට අත එසවීමේදී විදුහල්පතිවරයාට අත උස්සනවාද යනුවෙන් පවසා පාසලේ ගුරුවරු වශයෙන් කවත යුතු කරන හිමිවරුන් දෙපළ සහ අනෙකුත් ගුරුවරුන් තිදෙනා එක්ව සිසුවාට පහරදී රෝහල් ගත කර ඇති බවයි බවයි ,
උක්ත පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ගුරුවරුන් තිදෙනා (08) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරුවන් හය දෙනා සඳහා ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මත දැඩි ලෙස අවවාද කර දරුවාට කිසිසේත් බලපෑම් කිරීමක් සිදු නොකරන බවට උපදෙස් ලබාදී පහර කෑමට ලක් වූ දරුවා රෝහලෙන් ප්‍රතිකාර නිමකොට ඇති ඇති පදනම මත විදුහල්පතිවරයා ඇප මත නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනි මෙනවිය නියෝග කල බවත් එළඹෙන අගෝස්තු 26 වන දින නැවත නඩුව කැඳවීමටත් නියෝග කළ බව නුවරඑළිය පොලිසිය පවසයි.