පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී තියුණු ආයුධයකින් පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග

බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර සිටියේ.

කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.

24-07-13
කැකිරාව කුෂාන් ජයවර්ධන
කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියක් පුද්ගලික මගී පුවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරු පැදිය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියදුරා විසින් එම අනතුර වලක්වා ගැනීම සදහා ක්ෂණිකව සිය බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය කර ඇති අතර එහිදී එම ස්ථානයේ පිහිටි බස් නැවතුම්පලක් ද කඩාගෙන අසල ගෙවත්තකට බස්රථය කඩා වැදී තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියද එම අවස්ථාවේ පෙරලී ගොස් ඇති අතර පෙරැලීගිය එම යතුරු පැදිය බස් රථයේ ගැටී ඇති බව පොලිසිය කියයි. මෙම අනතුරින් එම යතුරු පැදිය පැදවූ බව කියන 70 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ඔහු මහලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
බස්රථයේ රියදුරා අනතුර වලක්වා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැනී හේතුවෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්බලට බරපතළ හානි සිදුව තිබූ අතර එම අවස්ථාවේ එම බස් නැවතුම්පලේ කිසිවකුත් සිට නැති බැවින් ඉන් සිදුවීමට තිබූ තවත් බරපතළ ජීවිත අනතුරක් වැළකී ගොස් ඇති බව පොලසිය කියයි.ම කෙසේ වෙතත් මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් කිසිවකුටද හානියක් සිදුව නොතිබිම විශේෂත්වයකි.
අනතුර සම්බන්ධයෙන් අදාළ යතුරු පැදිය හා අදාළ බස් රථය ඉදිරි විමර්ශණ සදහා ඉපලෝගම පොලිස් ස්ථානයෙ ්රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථයේ රියදුරද අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්හණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-07-13 at 21.37.31 (2) WhatsApp Image 2024-07-13 at 21.37.31 (1) WhatsApp Image 2024-07-13 at 21.37.31

පොලීසියේ වැඩ නිසා පැටීගෙන් ඊළඟට ටොපිය කන්න වෙන්නේ ටැටූට – දයාසිරි

පොලීසිය සැකකරුවෙකු මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රකාශ ලබා ගැනීම හරහා අදාළ සැකකරුගේ ජීවිතයද අවධානමට ලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පොලීසියට කට උත්තරයක් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති බවයි අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ සැකකරු විසින් එම ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ ලබාදීම හරහා පැටී නැමති පුද්ගලයාගේ ගොදුරක් ලෙස අදාළ සැකකරු පත්විය හැකි බවද ඔහු ෙපෙන්වා දෙනවා.

අදාළ සිදුවීමේ වෙඩි තබන දර්ශන සහ මෘත ශරීරයේ ඡායාරූප මාධ්‍ය මඟින් විකාශය කිරීම නිසා සමාජයම භීතියට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය​ට පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමුකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අතුරුගිරිය වෙඩිතැබීම​ට සම්බන්ධ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම පිළිබඳව විමර්ශනයක්

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබාදෙන ලෙසයි කොමිසම නියෝග කර ඇත්තේ.

සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ නියෝගයේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වෙයි

අද (12) උදෑසන දුම්රිය ගමන් වාර රැසක ප්‍රමාදයන් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද සවස් වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ අවසන් කිරීමට කටයුතු කර තිබූ අතර අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව නිවේදනය කර තිබුණා.

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා ෙවෙනවා.

නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.

දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද දිනයේද දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැඩ වර්ජන දිනවල සේවයට පැමිණි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු ගැන පැහැදිළි කිරීමක්

වෘත්තීය සමිති වැඩ වර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැහැදිළි කිරීමක් සිදුකළා.

ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටද, වැඩ කළ සියලුදෙනාටද මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.