ව්‍යාජ මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට

මතුගම නගරය හා අවට ප්‍රදේශ රැසකටම ව්‍යාජ මුදල් ලබාදී ගනුදෙනු රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම හා අවට ප්‍රදේශ රැසකම ව්‍යාජ මුදල් සංසරණය වන බවට කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මතුගම පාන්තිය මංසන්ධියේදී පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 500 නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

සැකකරු මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් සිදුකර ඇති බවයි.

සැකකරුවන් අද (08) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලි රහිත ණය

2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා වන මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙනවා.

මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් මෙම ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවාගැනීමට නියමිත අතර ඊට අදාළව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබාදීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අවම බස් ගාස්තුව රුපියල් විසි අටයි – ජාතික ගමනාගමන කොමිස​ම

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර නව අවම බස් ගාස්තුව 28 ක් බවයි එහි සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ සංගම්

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

මාසයෙන් මාසය මිල අඩු වන විට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.

ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2024 වසරේ මේ දක්වා සංචාරකයින් මිලියනයක් පැමිණෙයි

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙරටට පැමිණි මිලියනය වැනි සංචාරකයා වූයේ යර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන සංචාරක යුවල බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව පසුගිය දා ඔවුන්ව පිළිගැනීමට කටයුතු කර තිබුණා.

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව අද (01) උදෑසන ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සංස්පර්ශ 2024 මහනුවර තරග අද ආරම්භ වෙයි

“සංස්පර්ශ 2024” පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටයේ මහනුවර මධ්‍යස්ථානයේ තරග කටයුතු අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව අද පෙරවරු 7.30 සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී තරග කටයුතු ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තරග වටය සඳහා දහසකට අධික සංඛ්‍යාවක පාසල් සිසුන් සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සංස්පර්ශ 2024 මහනුවර තරග හෙට ආරම්භ වෙයි

“සංස්පර්ශ 2024” පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටයේ මහනුවර මධ්‍යස්ථානයේ තරග කටයුතු හෙට (29) පැවැත්වෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 7.30 සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී තරග කටයුතු පැවැත්වෙනවා.

දිවයිනේ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරග වටය සඳහා දහසකට අධික සංඛ්‍යාවක පාසල් සිසුන් සහභාගී වීමට නියමිතයි.

සූර්ය බල විදුලි උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ත සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සංජය මහවත්ත අත්අඩංගුවට

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.