ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (17) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

සාවින්ද්‍රි පෙරේරාට MasterChef තරගාවලියේ තුන්වන ස්ථානය

MasterChef Australia තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්ව තිබෙනවා.

ඒ අනුව MasterChef Australia තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු වුණා.

ඇය MasterChef Australia තරඟාවලිය පුරා ශ්‍රී ලාංකීය ව්‍යාංජන පිළිගැන්වූ ආකාරය විනිසුරුවරුන්ගේද නොමද ඇගයීමට ලක්ව තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.

මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

අද (16) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

බස්නාහිර පළාත් කෙටි නාට්‍ය වැඩමුළුව සහ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ.

කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

විදුලිය ගාස්තු පිළිබඳ දැනුම්දීම අද පස්වරුවේ

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලිබල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලිබල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ

විශේෂ නිවේදනයයි 2024.07.14

1007 කොළඹ – බදුල්ල සීග්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හීල් ඔය දුම්රිය ස්ථානය අතර පිළි පැනීමට ලක්වීම හේතුවෙන් 1046 බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ බව දන්වා සිටී

WhatsApp Image 2024-07-14 at 20.33.11 (2) WhatsApp Image 2024-07-14 at 20.33.11 (1) WhatsApp Image 2024-07-14 at 20.33.11

චන්දන පෙරේරා

ෆොන්සේකා සජබ තනතුරුවලින් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගැනීමට සූදානම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් ලබාදි ඇති වාරණය ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබද තීරණයක් ගැනීමට සූදානම් වන බවයි සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂය හා පක්ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කරමින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර බැනර් යුද්ධයක්

ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ සදහන් කරයි

පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වෙනිදින මාකඳුරේ මදුශ් ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

එහි දකුණු පස ” අපේ අයියේ….. එක එක්කෙනා එවනවා.අපි එනකම් බලාගන්න…. යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.

ක්ලබ් වසන්ත ඝාතනය වූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිද) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ ” පාතාලයේ හැම එකාම මදුශ් ගිය තැනට යන්න සැරසියල්ලා ” ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යයි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව ගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

“එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ ‍පොලිසි මගින් විමර්ශන කිරීමට කටයුතු ආරම්භකර තිබෙනවා. ”

 

මන්නාරම අදානි සුළං බල ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අදානි සමූහ ව්‍යාපාරය විසින් මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අගෝස්තු මස 02 වැනි දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මූලික නඩු විභාගයේදී වගඋත්තරකාර අදානි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධතා සකස් කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය ජුලි 22 දක්වා කාලයක් ලබා දෙනු ලැබුවා.

මධ්‍යම ආසියානු ගුවන් මග ඔස්සේ සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරන බවත්, ශීත ඍතුවේ දී වාර්ෂිකව කුරුල්ලන් මිලියනයක් පමණ මෙම කලාපයට පැමිණෙන බවත් මෙම පෙත්සමෙන් අදාළ පෙත්සම්කරු අවධාරණය කර සිටිනවා.

පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක් වන මෙම කලාපය තෝරා ගැනීම සඳහා බලගතු විද්‍යාත්මක හෝ නිශ්චිත තාර්කිකත්වයක් නොමැති බවට ඔවුන් තර්ක කළ අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම තෝරා ගැනීම දේශපාලන හා බාහිර සාධකවල බලපෑමට ලක්ව ඇති බව පෙනී යන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.