නිසි ක්‍රමවේදයකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වෙනවා – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

බිත්තර ආනයනය කිරීමේ රජයේ තීරණයට හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරන්නේ.

ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට නුවරඑළිය දෙසට පැමිණෙමින් සිටි සහල් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටම් ප්‍රදේශයේ (02) උදෑසන සිදුවූ රිය අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල සහිතව 1990 ගිලන් රථයක ආධාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසිය සඳහන් කරයි .
ලොරි රථය අදික වේගයෙන් පැමිණ මාර්ගයේ ඉඩ ලබා දීම සදහා මාර්ග නීතියට අනුව අවසර ඇති පරිදි විරුද්ද දිසාවට තරමක් හැරවීමේදී රොරි රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ,
අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද ලිදුල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ,
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බස් රථ රියදුරු හඩිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති අතර සුළු තුවාල සිදු වූ රෝගීන් තිදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රථම ආධාර සිදුකර රෝහලින් නික්ම යාමට හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවත්, රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් වූ පැමිණිලි ඒ අතර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන

24-08-01

ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන
=========
ජාතික ජන බලවේගය පක්ෂය සිය දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගන්නා බවට උතුරු මැද පලාතේ ගුරුවරු පිරිසකගෙන් චෝදනා එල්ලව තිබේ.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ගුරු සමුළුවක් ඉලක්ක කරගෙන ලංකා ගුරුසේවා සංගමය විසින් පාසැල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත ටිකට්පතක් අලෙවි කර ඇති බව පැවැසේ.
ඉකුත් දිනවල උතුරු මැද පලාතේ පාසැල් වෙත ගොස් ඇති ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයින් එම පාසැල්වල විදුහල්පතිවරුන් හරහා මෙම සමුළුව සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබේ..
අගෝස්තු 02 වනදා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සදහා එක්වන ගුරුවරුන්ගේ පාලන කටයුතු වෙනුවෙන් බව පවසමින් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත රුපියල් 200ක ටිකට්පතක් අලෙවි කරමින් මෙම දේශපාලනමය කටයුත්ත සදහා ගුරුවරුන්ගෙන් මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතුකර ඇති බව ද ගුරුවරු පෙන්වා දෙති.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) කොළඹදී පැවැත්වීමට නියමිත මෙම ගුරු සමුළුව දේශපාලනම ක්‍රියාකාරකමක් බව පෙන්වා දෙන ගුරුවරු මෙවැනි දේශපාලනික වැඩකටයුතු සඳහා ලංකා ගුරු සේවා සංගමය හරහා මුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව හා විරෝධතාවය ද පලකර සිටී.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක උතුරු මැද පලාතේ විදුහල්පතිවරුන් හරහා රජයේ පාසැල් තුළ ටිකට්පත් අලෙවි කරමින් වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මුදල් රැස් කිරීම හා එමඟින් ගුරුවරුන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් පවතින නෛතික භාවය සම්බන්ධයෙන් විමසීමට උතුරු මැද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ විය.

WhatsApp Image 2024-08-01 at 23.00.58

මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මාවනැල්ල ප්‍රදීප්
මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය දරුවා ඊයේ (01) පෙරවරුවේ පෙර පාසල් භූමියේ සිටියදී පොල් ගෙඩිය හිස මතට වැටී තිබෙන බව පොලිසිය පවසයි.
පෙර පාසල් ගුරුවරිය ගේට්ටුව වැසීමට යාමේ දී දැරිය ඇය පසුපස පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ ගේට්ටුව අසළ තිබූ පොල් ගසේ ගෙඩියක් දැරිය හිස මතට වැටී තිබේ.

මෙම පෙර පාසලේ සිසුන් හතළිහක පමණක් අධ්‍යාපනය ලබන බව වාර්තාවේ. එහි ගේට්ටුව අසල ඇති පොල් ගසේ වේළුණු පොල් ගෙඩි තුනක් පමණ තිබී ඇති අතර දැරියගේ හිස මතට වැටී ඇත්තේ ඉන් එකක් බව පොලිසිය පවසයි.

බරපතළ තත්ත්වයෙන් මවනැල්ල රෝහලට ඇතුළත් කළ දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර ඒවා ඇත.
මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී දැරිය මේ ගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

වෛද්‍ය ෂාෆි සහබ්දීන් ට අයත් බව කියන නිවසක තිබී අභීරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

24-08-01
==========

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අයත් බව කියන කලාවැව බලලුවැව ප්‍රෙද්ශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් අද ගල්කිරියාගම පොලිසිය විසින් සොයා ගෙන තිබිණ.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගෙන තිබිණ.

මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීරපදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙකි.

මිය ගිය පුද්ගලයා මින් මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රෙද්ශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත් එම පුද්ගලයා මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ.

මිය ගිය පුද්ගලයා පෙර දින සවස ඒ අවට ප්‍රදේශවාසීන් සමග සුහදව කතාබහ කරමින් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවූ බවට ද ප්‍රෙද්ශවාසීහු පවසති.

එම නිවසේ කාමරයක ඇදක් මත වැටී තිබියදී පොලිසිය එම මළ සිරුර සොයාගෙන තිබිණ. මිය ගිය පුද්ගලයාගේ සිරුර වැටී තිබූ ඇඳ ආසන්නයේ වූ කුඩා මේසයක් මත තිබී ඖෂධ වර්ග කිහිපයක්ද පොලිසිය සොයා ගෙන තිබේ.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැත.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුන්ම ප්‍රකාශ සටහන් කරගැනීමට ද පොලිසිය මේ වනවිට කටයුතු කර තිබේ.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන අතර අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ නිලධාරීන් ද පැමිණ ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ(31) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂනය පවත්වනු ලැබීය.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ සඳහා සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත් එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඊයේ(31)සවස දඹුල්ල රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

ගල්කිරියාගම පොලිසිය මගින් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන්වල අගෝස්තු වාරික මුදල් සෘජුවම ශිෂ්‍යත්වලාභීන්​ගේ ගිණුම් වෙත​ට

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරන බව රජය පවසනවා.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දෙන බවයි සඳහන් වෙන්නේ.

2022/2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද,  2023/2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කෙරෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66ab642301dd9pdf_page_1 66ab6422e4702pdf_page_0

රනිල් කියන්නේ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන අයට රිසි සේ හොරකම් කරන්න ඉඩ දුන් නායකයෙක් – දයාසිරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන්නේ පසුගිය කාලයේ විවිධ වරප්‍රසාද ලබාගත් පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව පසුගිය කාලයේ ඇමති මණ්ඩලයට රිසි සේ සොරකම් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩ ලබාදුන් බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සුරාසැල් බලපත්‍ර 1200 ට වැඩි ප්‍රමාණයක් සහ ගිනි අවි බලපත්‍ර වැනි දේ ලබාදී ඇති බවත්, ගෙවල් හානි වූ අයට විශාල ප්‍රමාණයෙන් මුදල් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

රට වැටී තිබෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලයට සහ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන අයට රිසි සේ හොරකම් කිරීමට ඉඩ ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

අවිනිශ්චිතයි කියලා පේන දේවල් කැම්පේන් එකේ කොටස් විදියට එළියට ඒවි – සංජීව එදිරිමාන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට සතියක් හෝ ගත නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව මේ වන විට යම් අවිනිශ්චිතභාවයන් බවට පෙනෙන දේවල් ජනාධිපතිවරණ කැම්පේන් එකේ කොටස් ලෙස එළියට පැමිණෙනු ඇති බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ව​න ලොකු පැටී අත්අඩංගුවට

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුද වනවා.