නීති විරෝධී විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ AK 407 දරණ යානයෙන් විද්‍යුත් දුම්වැටී තොගය සහිත ගමන් මලු කිහිපයක් සැකකරු විසින් එවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔහු එම ගමන් මලු රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අදාළ විද්‍යුත් දුම්වැටි තොගය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හමාස් ප්‍රධානියා මරුට

හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හමාස් ප්‍රධානී Ismail Haniyeh ඉරාන අගනුවරට පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

අද රටේ ඕන කෙනෙක්ගෙන් අහන්න, මේ Team එකට විතරයි කරන්න පුළුවන් – රනිල්

2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂගෙන් බවත් එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66a9ab4acef3e

ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු වුවත් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට බාධාවක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු වුවද වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඉන් බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එළැඹෙන ජනාධිපතිවරණයේ ඔහු අපේක්ෂකයෙක් වුවද වත්මන් විධායක ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවැත්වීමට උචිත වාතාවරණය සැකසීමට ජනාධිපතිවරයාට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි සඳහන් වෙන්නේ.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ.

ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති අතර අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ – ජනපති

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවයි ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66a706eaafedepdf_page_2 66a706ea9da40pdf_page_1 66a706ea68464pdf_page_0

හබරාදූවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබයි

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව  මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්‍ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.

WhatsApp Image 2024-07-29 at 16.07.34

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.