රජයට කෝටි ගණනක පොහොර වංචාවක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6 කට පෙර ආනයනය කළ පොහොර තොගයක් රහසිගතව කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළ බවට සඳහන් මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර සමාගම් අටක සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ පොහොර සමාගම්වල හා තැරැව්කාර ආයතනවල සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ රුපියල් 1,100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පොහොර සමාගම් විසින් රුපියල් 2,500 ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇති බව සඳහන් කර තිබෙනවා.

එම පොහොර තොග පොහොර සමාගම් පහක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3,500 බැගින් අලෙවි කර ඇතැයිද එම පොහොර තොග ජනතාවට රුපියල් 1,100ක සහන මිලට ලබා දුන් බවට අඟවා තමන්ට පාඩු වූ රුපියල් 1,400 ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇති බවත් වාර්තා වනවා.

කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6708e6603d221pdf_page_0

Sports Journalist and president of Professional Sport Journalists Association of Sri Lanka Karuppiah Ramakrishnan has officially signed his nomination papers to contest the upcoming General Elections from the Nuwara Eliya District.

Sports Journalist and president of Professional Sport Journalists Association of Sri Lanka Karuppiah Ramakrishnan has officially signed his nomination papers to contest the upcoming General Elections from the Nuwara Eliya District.

He will contest under the Sri Lanka Podujana Peramuna. He was worked Sunday Observer, Capital Maharaja, Ceylon Today and Carlton Sports Network Respectively.

Sports journalist and Lion Nation Sports Network Founder and Managing Director Karuppiah Ramakrishnan, who has extensively worked to promote Sri Lankan sport locally and internationally and had mapped out the app’s launch and website’s relaunch almost two years ago

Along with him former advisor to the state minister of Sports Ravindran Harin also contest with another tamil condinates in the SLPP.

අද ඩොලරයේ විකුණුම් මිල 297.62 දක්වා පහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් හා විකුණුම් මිල 297.62 ක් ලෙසයි දැක්වුණේ.

ධීවර සහනාධාරය ලබාදීමේ මුලික අදියර ආරම්භ කිරීමට පියවර

ධීවර අමාත්‍යංශය හරහා ධීවර සහනාධාරය ලබාදීමේ මූලික අදියර ආරම්භ කිරීමට උපරිම උත්සාහ කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඉන්ධන මිල වැඩිවීම නිසා ධීවර ජනතාව පසුගිය කාලයේ දී විශාල පීඩාවකට ලක්වුණු බවත්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කිරීම නිසා මේ වනවිට ධීවර ජනතාව විශාල සහනයක් ලබා තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතර වශයෙන් ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි ධීවරයින්ගේ නාමලේඛන සකස් කරමින් සාධාරණ ක්‍රමවේදයකට ලබා දීමට අවශ්‍ය මුලික වැඩපිළිවෙළ සුදානම් කරමින් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රැඳවියන් පළායෑමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවියන් දස දෙනෙකු යොදා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක සඳහන් කළේ.

එම අවස්ථාවේදී රැඳවියන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති අතර, බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවූවන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනීමට අනුමැතිය දුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුළු කෑම මත තීරණය වන බවත්, කුකුළු කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු ලබන කන්නයේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසනවා.

වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුළු කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.

ඇතැම් ආයතනවලට සෘජුව බඩ ඉරිඟු ආනයනය කර ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බවත්, මහා පරිමාණයෙන් බඩ ඉරිඟු ආනයනය කරන ආයතනවලට තවත් වැඩිපුර කෝටාවක් ලබා දී, කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදන ආයතනවලට ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය අද (07) ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින්  ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. කේ විජේරත්න පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘අවදානයෙන් සිටින්න’ ලෙසට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘විමසිලිමත් වන්න’ යන අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු සමූහයෙන් තවත් ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනය සහ ඡායාරූප පහතින්.

6703a0f9f33fdpdf_page_0

6703a0fab335dpdf_page_1