උත්සව සමයේ අඛණ්ඩව වැටලීම් සිදුකරනවා – පාරිභෝගික සේවා අධිකාරිය

එළඹෙන උත්සව සමයේ අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

කල් ඉකුත්වු හා තොරතුරු වෙනස් කළ භාණ්ඩ වෙළදපලට පැමිණිම වැළැක්විම එහි අරමුණ වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

අතරමැදියන් වී තොග ළඟ තබාගෙන සිටින්නේද යන්න පිළිබඳවත් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසන්නේ.

පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු සඳහා 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවද වැඩිදුරටත් සඳහන්.

හෙළයට සිරිය ගෙනෙන දුන්හිද ඇල්ල

හෙළයට සිරිය ගෙනෙන දුන්හිද ඇල්ල
ඌව පළාතේ බදුලු පුරවරයට අභිමානය ගෙන දෙන මෙම දුන්හිද ඇල්ල මිහිඳුම් පටලයකින් සමන්විත විශාල භූමි ප්‍රදේශයක් නහවමින් ගලා බසි.

මන දොළ පිනවමින් ඇද හැලෙන මෙම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් මෙම දිය ඇල්ල උස මීටර් 64 කින් හා අඩි 210 කින් යුත් හෙට්ටිපොල කඳුවැටියෙන් ගලා බසි.

පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඉදිරියට ඇදෙන ඔබට දේශීය නිෂ්පාදන බොහෝ දෑ එම
කඩමණ්ඩි වලින් මිලදී ගත හැක.

වඳ වීමේ තර්ජනයට ලක්වෙන බොහෝ ශාක ගණනාවක් හා විවිධ සත්ත්ව කොටස් මෙහිදී දැකගත හැක.

මෙම ස්ථානයේ පුස්සැල්ලක් බැඳී ඇති අතර එම නිසා ජල මාර්ගය අවහිරවීම හේතුවෙන් එය පිටාර ගැලීම නිසා මුළු බදුලු පුරවරයම යට වී ඇති බවත් කොස්ගොල්ල පදිංචිව සිටි අයෙක් එම කාලයේ පුස්සැල්ලව කපා ඉවත් කිරීමෙන් අනතුරුව එය පිරිසිදු වී ජලය ගලායන මාර්ග අවහිරවීම නැවති ජල මාර්ගය සක්‍රිය වී ඇත. එම ජල දහරාව මෙලෙස දුන්හිද ඇල්ල නමින් ජනප්‍රිය වූ බවත් ජනප්‍රවාදයක් පවතී. බදුල්ල කච්චේරියේ සිට මුතියංගනය දක්වා බෝට්ටුවලින් ගිය බව පැරැන්නන් කියා සිටි. එම පුස්සැල්ල වැලේ කෙළවරේ පුස්සල්ලාව ගමක් පිහිටා තිබෙන බවත් ඔවුන් කියා සිටි. මෙම ජල දහරාව අවහිර වුවහොත් අදටත් මුළු බදුල්ලම ජලයෙන් යටවන අතර මුතියංගන චෛත්‍යය හා බදුල්ල කච්චේරිය පමණක් ඉතිරි වන බවත් ඔවුන් කියා සිටි.

මෙම පුස්සැල්ල කැපීමට පෙර ජලය අවහිර වූ පසු එම ජල ධාරාව රිදී පානෙන් දැමූ බවත් එම ස්ථානය දොරකඩ ලෙස නම් දරා ඇත.

නරඹන්නන් පැමිණිය විට බොහෝ අනතුරුද සිදුවී ඇති බවත් මෙම ඇල්ල පතුලේ නිදන් හා අත්භූත දේවල් සිදුවන බවත් අපහට වාර්තා විය.

වයස62 වන WM ඥානපාල මහතා අපහට කියා සිටියේ විදේශිකයෙන් විසින් මෙය සොයා ගත් බවත් මිනිසුන් විසින් භාවිතා කොට ඇති අතර පසු කලෙක දුන්හිද ඇල්ල නමින් ජනප්‍රියතාවයට පත් වූ බවත් ඔහු අප හට කියා සිටියේ මහත් වූ ආඩම්බරයෙනි.

මෙහි දියණෑම සඳහා ස්වාභාවික තටාකයක්ද පවතී.

මෙහි සුන්දරත්වය නැරඹීමට යන ඔබ පොලිතීන් ප්ලාස්ටික් රැගෙන යන්නේ නම් එය එම ස්ථානවල නොදමා ඒමට ඔබ සැලකිලිමත් විය යුතුය.

මෙය විදේශ විනිමය ගෙන ඒමටද හොඳ තෝතැන්නකි.

මෙවන් සම්පත් ආරක්ෂා කිරීම ඔබේත් මගේ යුතුකමයි.

WhatsApp Image 2024-12-02 at 19.10.29 (2) WhatsApp Image 2024-12-02 at 19.10.30 (1) WhatsApp Image 2024-12-02 at 19.10.30 (2) WhatsApp Image 2024-12-02 at 19.10.30 (6) WhatsApp Image 2024-12-02 at 19.10.31 (3) WhatsApp Image 2024-12-02 at 19.10.31

සටහන –
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර

 

අද ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

අද (01) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

674bcce3bacd7pdf_page_0

LTTE මහවිරු දින උත්සව පැවැත්වෙන බවට අසත්‍ය සටහන් දැමූ තිදෙනෙක් අත්අඩංගුවට

LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී LTTE සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් සමාජ ජාලවල සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ලවී ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

IOC සහ SINOPEC සමාගම් ඉන්ධන මිල සංශෝධනය කරයි

ලංකා IOC සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන අයුරින් එම සමාගම් මිල අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)

රටටම සම්පතක් වන සුදු හඳුන් වගාව

රටටම සම්පතක් වන සුදු හඳුන් වගාව

සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොරනාතොට ප්‍රාදේශීය සභාව අයත් ප්‍රදේශ තුල මධ්‍යම ප්‍රමාණයෙන් ස්වාභාවිකව මෙම සුදු හඳුන් වැවෙන අතර එම ප්‍රදේශවාසීන් සුළුතරයක් තමන්ට අයිති භූමි වල මෙම වගාව කරගෙන යයි. මෙම සුදු හඳුන් වගාව සඳහා කිසිදු පොහොරයදීමක් නොකරන අතර මෙම ප්‍රදේශය තුළ ඕනෑම තැනක වැඩෙන ආකාරය සියැසින් දැක බලා ගත හැක.

මෙම ගස් විශාල වූ විට එය පිරිසිදු කර කැබලි කොට අලවියද කරගෙන යන අතර එයට රජයෙන් බලපත්‍ර නිකුත් කර නොමැති බවයි ප්‍රදේශවාසීන් අපහට කියා සිටි.
මෙය අප රටට විදේශ විනිමය ගෙන එන හොඳ ආදායම් මාර්ගයක් වන අතර මෙම වගාව සහ ව්‍යාපාරය කරගෙන අයට රජයේ මැදිහත්වීමෙන් මෙම බලපත්‍ර නිකුත්කර ලබා දෙන්නේ නම් ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රදේශය තුළ වැඩවසන පූජ්‍ය වීහේනේ මුනින්ද සිරි හිමි ස්වාමීන් වහන්සේ අපහට කියා සිටියේ මෙය මිත්‍යාවක් බවයි.

එගොඩවෙල, තැන්නේ පව්ව, කන්දෙ ගෙදර, පුන්සල කන්ද, කෝවිල, කිරි ඔරුව සහ පුන්සල ප්‍රදේශවල මෙය ස්වාභාවිකව වැඩේ.

මෙම වගාව සම්බන්ධව රජය මැදිහත්වීමක් කරන්නේ නම් හොඳ ආදායම් මාර්ගයක් බව උපදේශවාසීන්ද කියා සිටින අතර එය මැනවින් අපහට ද අවබෝධ විය.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනයා ඉතා දුගී භාවයෙන් පෙළෙන ජන කොට්ඨාසයක් බවයි අපහට දැනගැනීමට ලැබුනේ. ඔවුන් මෙයට අමතරව බඩ ඉරිඟු, ගම්මිරිස්, හේන් හා වී ගොවිතැන ජීවනෝපා නය ක්‍රමය වශයෙන් කරගෙන යයි.

මෙම වගාව මෙම ප්‍රදේශවලින් වඳ වී යන ආකාරයත් එම ජන කොට්ඨාස විසින් විනාශ කරන බවද අප හට දැන ගැනීමට ලැබුණි.

මෙය පන්සල් ආශ්‍රිතව බහුලව වැඩේ. එසේ වන්නේ එම ශාකය ආරක්ෂාවන බැවිනි.

කෙසේ වෙතත් මෙයට වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර

WhatsApp Image 2024-12-01 at 14.38.11 WhatsApp Image 2024-12-01 at 14.38.10 (4) WhatsApp Image 2024-12-01 at 14.38.10 (3) WhatsApp Image 2024-12-01 at 14.38.10 (2) WhatsApp Image 2024-12-01 at 14.38.10 (1) WhatsApp Image 2024-12-01 at 14.38.10 (2)

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විනාශ වූ භෝග වගාවලට වන්දි ලබාදෙනවා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බවත්, රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව, වගා හානි පිළිබඳව දත්ත රැස්කර, එම වන්දි ගෙවීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ආදායම් බදු වාර්තා සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බවට සඳහන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම බදු වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවත්, ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම, ප්‍රාදේශීය හා නගර කාර්යාල ද සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවතින බවයි සඳහන් වන්නේ‍.

තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව ද විවෘතව තබන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙනු ලබනවා.

255 මාර්ගයේ බස් මගියෙකුට පහරදීමේ සිද්ධිය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පසුගිය 24 වැනිදා කොට්ටාව – ගල්කිස්ස 255 බස් මාර්ගයේ බස් රථයක ගමන් කළ තරුණයෙකුට බස් කොන්දොස්තර සහ රියදුරු ඇතුළු පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් මගින් කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව, සිද්ධියට අදාළව සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු නොවැම්බර් 24 සිට 29 දින දක්වාම රිමාන්ඩ් ගතකර සිටින බව මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර, ඉන්පසු අදාළ අධිකරණ නියෝග අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ බස් රථය දිගු වේලාවක් නවතා‍ගෙන සිටීම, වලංගු ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම, මගීන් අපහසුතාවයට පත් කිරීම හා තර්ජනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් රියදුරු හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීම නිසා ඔවුන් තමාට අමානුෂික ලෙස පහරදුන් බවට පහරකෑමට ලක්වූ තරුණයා ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඇමති මණ්ඩලයේ විශ්වාසය කෙහෙළිය විසින් කඩකර ඇති බවට නීතිපති අධිකරණයට කරුණු දක්වයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවකට පැවති කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවයි.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවකට පැවති කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙම කැබිනට් පත්‍රිකාව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන බවද, අදාළ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර නොදුනහොත්, සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බවද හිටපු ඇමතිවරුන් පවසා තිබෙනවා.

එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවට හිටපු ඇමතිවරුන්ගේ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් ‍වන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍යය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.