නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුව තිබෙනවා – ජනපති

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවයි Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බවද නීතිය හා විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

දුෂණය හා වංචාව නතර කිරීමට රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන, ඒ සඳහා සහාය ලබාදිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගුවන් තොටුපළේ අතහැර දමා ගිය ගමන් මලු විකිණීම ගැන ප්‍රචාර අසත්‍යයි

නිල නොවන සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩවි හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස පෙනී සිටිමින් ගමන් මලු අලෙවි කිරීමේ ජාවාරම්වලට නොරැවටෙන ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගුවන් තොටුපළේ අතහැර දමාගිය ගමන් මලු විකිණීමට ලබාදීම පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම් වාර්තා වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

67750f81ad1a1

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 79,000 ක් නිශ්කාෂණය කර අවසන් – රේගුව

අද (31) දින දහවල් 12.00 වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25 ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773b585e3459

රජයේ මුද්‍රණාලයාධිපති ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහු ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67739cd773193

මම ඡන්දෙට ආවේ පරදින බව දැනගෙන – ගම්මන්පිල

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ පරදින බව දැනගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 ක් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තීරණය කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දැකීමෙන් පසු බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් තමන් මැතිවරණයට තරග කරන බවට තීරණය කළේ, ජාතික කඳවුරට ඡන්දය ලබාදීමට සිටින පිරිසට ඡන්දය දීමට තැනක් නැතිව ඔවුන්ද මාලිමාවට ආකර්ෂණයවීමට හැකියාව තිබූ නිසා බවයි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67739c5ca55a1

පළපුරුදු අය නැති නිසා අද ජනතාව බරපතළ ඛේදවාචකයක​ට මුහුණදෙමින් ඉන්නවා – වජිර

පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොයැවීම නිසා ජනතාව අද වන විට බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

සහල් ටොන් ගණනක් මැතිවරණ කොට්ඨාසවලට නොමිලේ බෙදා හැරීමට කටයුතු කළ බවටත්, එවිටද මෙම ප්‍රධාන සහල් මෝල් හිමියන් සිටි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පොල් සම්බන්ධ ගැටලුවක්ද මතුව ඇති බවත්, රිලවුන් නිසා පොල් නැති බවට ප්‍රකාශ කළද, පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රිලවුන්ද සිටි බවත්, රනිල් ද සිටි බවත්, පොල් ද තිබුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට වන දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කෙරේ

අවදානමට ලක්වූ පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පාසල් අධ්‍යාපනය ලබන, අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් දීමනාවක් ලබාදීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එම ප්‍රතිපාදන පසුගිය 27 වනදා අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවද සඳහන්.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2025 වර්ෂයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67726d27e03a7

පසුගිය පැය 24 තුළ රථවාහන වැරදි කළ 7,676 කට නීතිමය ක්‍රියාමාර්ග

අද (30) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24ක කාලය තුල සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් 7,676 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසනවා.

ඒ අතර බීමත් රියදුරන් 413 දෙනෙකු සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරික්ෂාකාරී ලෙස සහ අන්තරාදායක ලෙස රිය ධාවනය කළ රියැදුරන් 49 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6772736d46aed