දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීමට ද කටයුතු කර ඇති බව ජපාන තානාපති Isomata Akio මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මුදල් ගෙවූ ආකාරය සම්බන්ධයෙන් අද (27) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අය කරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බවයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.
එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරීකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව පවසනවා.
ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව, පනත යටතේ වරදකරුවන් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින්.

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,800ක් අඩංගු දුම්වැටි කාටූන් 144ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතළිස් තුන් ලක්ෂ විසි දහසක් පමණ වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩුවන බවයි සඳහන් වෙන්නේ.
මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අයවුනා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල මෙම සතිය තුළ අඩුවන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වසන්ත අල්විස් ද මීට පෙර රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කර සිටියා.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, පැය 05කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් සහ YouTube ක්‍රියාකාරියෙක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, එහි රැඳී සිටින ඔහුගේ ආධාරකරුවන් හා YouTube ක්‍රියාකාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරන ලබන බවයි සඳහන් වෙන්නේ.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බැවින්, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලබන අධීක්ෂණ හා සම්බන්ධීකරණ කාර්යයන් අඛණ්ඩව තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන තිබෙන බවද සඳහන්.
ඒ අනුව, එකී ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මෙහෙයුම් කාලය 2027-06-05 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.
