පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු ලබාදෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 කට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන්  සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලබනවා.

‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙස දැක්වෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’ යන්න ප්‍රධාන තේමාව කරගනිමින් මෙරට කාන්තා දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජනපති සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

“Clean Sri Lanka” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම Clean Sri Lanka කාර්ය සාධක බලකාය වෙත පවරා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකූත් කළ නිවේදනය පහතින්.

news images

මර්වින් සිල්වා ඇතුළු තිදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මාර්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර, මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව මර්වින් සිල්වා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවද, හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් සඳහන් කර තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත්, ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් සඳහන්.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සපුරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට අනාවරණය වෙයි

අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

එම ඝාතනයේ වෙඩික්කරු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ගැන සිදුකළ පරීක්ෂණවලදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පොරොන්දු වූ ලක්ෂ 05 ක මුදලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පමණක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර, පසුව ඉතිරි මුදල ලබාදීම සිදුකර නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

‘මීගස්ආරේ කජ්ජා’ පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කළ අතර, සිද්ධියෙන් ඔහු සමඟ ගමන්ගත් දරු දෙදෙනා ද මියගොස් තිබුණා.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයා ද, ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද යන තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

ඩේසි ආච්චිට ඇප හිමිවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඇය ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 03ක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

උතුරු දුම්රිය මාර්ගයේ පාලමක අළුත්වැඩියාවක් හේතුවෙන් 09 වැනිදා දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කෙරේ

උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාර්තු 09 දින දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව කුරුණෑගලින් පෙරවරු 8.20 ට පිටත්ව මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත අංක 4449 දුම්රිය සහ මහව හන්දියෙන් පෙරවරු 10.50 ට පිටත්ව කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත අංක 4853 දරන දුම්රිය ගමන් වාර දෙක මෙලෙස අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67c7ea91cbb00pdf_page_0

ඩේසි ආච්චි අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇයව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.