පළමු පාසල් වාරයේ පළමු අදියර 14 වැනිදායින් අවසන් – අධ්‍යාපන අමාත්‍යංශය

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news images

රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල් හිටපු ජනපති මෛත්‍රී ගෙවා ඇති බව අධිකරණයට දැනුම්දෙයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ වන්දි මුදල නොගෙවීම හේතුවෙන්, ලබන අප්‍රේල් 29 වැනිදා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට, දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කර තිබුණා.

පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළ අතර, ඒ බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසයි එහිදී විනිසුරු මඬුල්ල දැනුම් දී ඇත්තේ.

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවයි

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු අත්තඅඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව අදාළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පළාගිය පුද්ගලයෙක් බවයි අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට මැදිහත් වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමකින් T-56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක් හා බෝර 12 ගිනි අවියක් සොයා ගෙන තිබෙන අතර, ඒ අනුව ඉඩම් හිමිකරු වන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෛද්‍යවරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනය​ක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි වෛද්‍යවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් ඇති අතර පසුව කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක්

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ, මේ සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සංදේශයක්ද භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්

මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිතව වසර 12ක සිර දඬුවම් හා රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා.

ඒ අනුව අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විත්තිකරුට නියෝග කළා.

එසේම, එම දඩ මුදල නොගෙවන්නේ නම්, අමතරව වසර එකහමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවට නියෝග කර ඇති බවද සඳහන්.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි, අබ්දුල් කාදර් සරීබ් නමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙනනේ.

සතුන් දඩයම් කළ පුද්ගලයන් 06 ක් අත්අඩංගුවට

සතුන් දඩයම් කළ පුද්ගලයන් හයදෙනෙකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන, ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සැකකරුවන් හයදෙනා සමග ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස් කොපු 03ක්, පොරවක්, අත් පොරවක්, ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-71 අතර වයස්වල පසුවන, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?

දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?
පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිතව තිබූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය දින නියමයක් නෙමැතිව අනීතික ලෙස කල් යයි ඒයට හේතුව ලෙස සදහන් වෙන්නේ දැනට පාලනයේ නියුතු සභාපතිවරයා හිටපු දේශපාලඥවරියක් වන පවිත්‍ර වන්නිආරච්චිගේ සැමියා වන සබරගමු පලාත් සභා සභාපති කාංචන ජයරත්නගේ හිතවෙතෙකු ලෙස සැලකෙන රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වෙත එල්ල වී ඇති මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමකට එල්ලවී ඇති චෝදනා වලට නිලවරණය පැවැත්වූයේ නම් බලයට පත්වීමට සිටි පාර්ශවය මගින් පරීක්‍ෂණ පවත්වන බවටත් ප්‍රකාශ කර තිබීම නිසා බව ආරංචි මාර්ග සදහන් කරයි. එම නිසා
බහුතර ක්‍රීඩා සමාජය එකතුව බලයට පත්වීම් වැළැක්වීම සදහා කාංචන ජයරත්න විසින් මෙමෙ තීරණය ගෙන ඇති බවට තහවුරු නොකල තවත් මතයක් පතිර යන අතර 2023 වසරේ නිලවරණයේදි දැඩි විරෝධයක් කාංචන ජයරත්නට එල්ල කිරීම නිසා නිලවරණය අතරතුර පලාගොස් ඇති බවත් ඔහුගේ දුර කාලය පෙබරවාරි 28න් දින අවසන්ව තිබියදීත් තවදුරටත් දූෂිතයින් රැක ගැනීම උදෙසා බලය රැඳී සිටීමට උත්සාහ දැරීම රත්නපුර ක්‍රීඩා ප්‍රේමී ජනතාවගෙන්ද දැඩි විරෝධයක් එල්ල වෙන බවත් වාර්ථා වෙයි. මෙම ගැටලුව හරහා මාර්තු 30 වෙනි දින පැවතීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයටද යම් ගැටළු මතුවීමේ තත්ත්වයක් උදාවී ඇති අතර මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හා ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිසි පියවරයක් ඉක්මනින් ගැනීම සිදුකල යුතු බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය පැත්තෙන් ඇහෙන කතා වල සදහන් වෙන බවත් වාර්තා වෙයි…..

යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් මාර්තු 30 සිට ආරම්භ කෙරේ

යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.